Google chrome හි අලුත්ම update එක ගැනයි මේ විස්තරය ඔයාලට දෙන්නේ. තවමත් release වෙලා නොතිබුනත් මෙහි කතා කරන්න තරම් විශේෂ අලුත් features ටිකක් තියෙනවා. Android, Mac, Windows, Linux, and iOS සඳහා මේ features available වෙනවා. Chrome 77 browser update ලෙසින් පැමිණෙන මේ update එකෙන් webpages වෙනත් devices සමග share කිරීමේ හැකියාව ලැබෙනවා. ඒක නම් ඇත්තටම පහසුවක්. web page එකෙහි link එක මත right click කිරීමෙන් chrome සමග log වී සිටින අනෙක් device එකට link share කිරීමටත් මෙමගින් අවස්ථාව ලැබෙනවා.

Send to your devices option

මිට අමතරව වේගවත් කල web page loading speed එක downloads screen design එකෙහි නවතම ස්වරුපය සමග වම්පස කෙලවර වෙනස් types වල downloads බලන්න හැකි වන button එකකින් සමන්විත වී තිබෙනවා. ඒ වගේම security එක වෙනුවෙන් Site Isolation feature එක chrome 77 වල ඇතුලත් වෙනවා. web page එක load වීමේදී අලුත්ම animation එකක් එකතු කර තිබෙනවා.

පැරණි versions වල ඔයාගේ අලුත් tab page එක customize කරන්න හැකියාව තිබුනත් අලුත් update එකෙන් එය වඩාත් හොදින් කල හැකිවෙනවා. New Tab page එකක දකුණු පස පහළ කෙලවරින් මේ option එක දැකගත හැකියි.

Background section එකෙන් ඔයාට අලුත් backgrounds තෝරාගන්න හෝ ඔයාගෙම background එකක් upload කරන්න හැකියි. මේ සමගම පැමිණෙන “Refresh daily” option එක මගින් දිනපතා ඔයාගේ New Tab page background එක වෙනස් කල හැකියි.

Shortcuts section එක මගින් ඔයාට අවශ්‍ය icon පමණක් New Tab page එකෙහි display කරන්න පුළුවන්. website shortcuts hide කරන්නත් ඔයාට පුළුවන්.

EV Indicator එක hide කරන්නට හැකිවීමත් විශේෂ දෙයක්. සමහර websites වල මේ විශේෂ Extended Validation certificates සතුවෙනවා. Chrome සහ අනිකුත් browsers මේවා display කරන විදිය එකිනෙකට වෙනස් වෙනවා. ඉතින් අලුත් chrome 77 වල මේ අමතර text එක ඉවත් වෙනවා වගේම ඒ වෙනුවට lock icon එකක් පෙන්නුම් කරනවා. company name එක සහ certificate ඔයාට බලාගත හැකියි මේ lock icon එක මත click කිරීමෙන්.

දැනට ලැබුණු තොරතුරු අනුව මේ features සමග තවත් අලුත් දේවල් සමගින් chrome 77 update එක අපිට පහසුවෙන් භාවිතා කල හැකි වන බව කිව හැකියි.