‘Blockchain’ එකක් යනු ඩිජිටල් ගණුදෙණු වල තොරතුරු එක්රැස් කර තබාගන්නා වර්තාවක් හෝ ලෙජරයකි. එහිදී සෑම වාර්තාවක්ම ‘Block’ එකක් ලෙස හදුන්වන අතර නිතිපතා අලුත්වෙමින් වර්ධනය වන දත්ත වාර්තා ලයිස්තුව ‘Chain’ එකක් ලෙස හදුන්වයි ‘Blockchain’ වල ඉතිහාසය වැඩි ඈතක නොවන අතර 2008 දී  Satoshi Nakamaoto විසින් පළමු වරට හදුන්වා දෙන ලදී.

Dorian Satoshi Nakamoto is shown during an interview at the Associated Press bureau Thursday, March 6, 2014 in Los Angeles. Nakamoto, the man that Newsweek claims is the founder of Bitcoin denies he had anything to do with it and says he had never even heard of the digital currency until his son told him he had been contacted by a reporter three weeks ago. (AP Photo/Damian Dovarganes)

‘Blockchain’ නිර්මාණය කර ඇත්තේ බාහිර පාර්ශවයට එහි දත්ත වල වෙනස්කමක් සිදු කළ නොහැකි වන ලෙසය. එසේම එය පාලනය කරනු ලබන්නේ ‘Peer-to-Peer’ ලෙස හදුන්වන ජාල හරහාය.’Blockchain’ සංකල්පය විවිධාකාරයෙන් භාවිතයට ගත හැකි අතර ‘Bitcoin’ යනු එම සංකල්පය භාවිතයෙන් නිම වූ ප්‍රසිද්ධ අංගයකි. තවද එමගින් වඩා කාර්‍යක්ෂම සෙවාවන් සැපයීම සහ පිරිවැය අඩුවීම හේතුවෙන් බැංකුකරණයෙදී ‘Blockchain’ සංකල්පය භාවිතය ඉතා ලාභදායී වේ.එසේම සෞඛ්‍ය ක්ෂෙත්‍රය තුල රෝගීන්ගේ දත්ත රහසිගතව ගබඩා කර තැබීමට හා රහසිගත ඡන්ද ප්‍රකාශ කිරීම් වලදී ද මෙහි භාවිතය වඩා වැදගත් වේ.

තරුණ පරපුර  අතර වඩාත් ජනප්‍රිය අංගයක් වන පරිගණක ක්‍රීඩා නිර්මාණයේදී මෙකී සංකල්පය යොදා ගැනීම ආරම්භ කර ඇත. ඒ සදහා හොදම නිදසුන වන්නේ මැතකදී කරළියට පැමිණී ‘CryptoKitties’ යන පරිගනණක ක්‍රීඩාවයි.

වර්තමානය වන විට, ‘Blockchain’ වර්ග තුනක් භාවිතයේ පවතී.ඉන් පළමු වර්ගය පොදු ‘Blockchain’  වන අතර නමෙහි අරුතරට සරිලන ලෙස ඕනෑමකෙනෙකුට ඊට ඇතුල් විය හැකිය. අන්තර්ජාල සබදතාවයක් හිමි ඕනෑම පාර්ශවයකට එයට ගණුදෙණු ඇතුලත් කළ හැකි අතර ගණුදෙණු ඇතුලත් කළ හැකි අතර ගණුදෙණු වල වලංගුතාවටයද පරික්ෂා කළ හැකිය.දැනට පවතින විශාලතම සහ ප්‍රසිද්ධම පොදු ‘Blockchain’ වන්නේ  ‘Bitcoin’ සහ ‘ Ethereum’ ය.

දෙවන වර්ගය වන්නේ පුද්ගලික ‘Blockchain’, එයට ඇතුල්වීමට අවසර ඇත්තේ එහි කළමණාකරිත්වය විසින්  අවසර ලබාදෙන පාරශවයන්ට පමණී.මෙම ‘Blockchain’ වර්ගය සුදුසු වන්නේ ආයතන සදහා වන අතර එමගින් ඔවුන්ට සංවේදී දත්ත වල සුරක්ෂිත බව තහවුරු කරගත හැකිය. සමූහව්‍යපාර ‘Blockchain’ යනු තුන්වන වර්ගයයි.එය අර්ධ විමධ්‍යගත  එකක් ලෙස බොහෝවිට භාවිතා වේ. තවද, ආයතන කීපයක් මගින් එය පාලනය වේ.

‘Blockchain’ හදුන්වාදීමේ අරමුණ වූයේ ඩිජිටල් තොරතුරු සංස්කරණය නොකර වාර්තා කිරීම සහ බෙදා හැරීම සදහාය. ‘Blockchain’ භාවිතයෙන් වාසි බොහෝමයකි, එහි නිරවද්‍යතාවය ඒ අතරින් සුවිශේෂි වේ. මිනිස් මැදිහත්හත්වීම බොහෝ දුරට අවමකර මිලියන ගණනක් වූ ජාලගත පරිගණ්ක මගින් එහි සිදුවන ගණුදෙණූ වල නිරවද්‍යතාවය තහවුරු කරයි. එසේම ‘Blockchain’ තුලදී තුන්වන පාර්ශවයන්ගේ මැදිහත් වීමක් සිදුනොවන නිසා ගණුදෙණු වාර්තාකරණයට වැටය වන මුදල අවමය.තොරතුරු විමධ්‍යගතකරණය, එමගින් ලබාදෙන අනෙක් ප්‍රොයෝජනය යි.එහිදී ගණුදෙණු පිළිබදව තොරතුරු ජාලගත සියලුම පරිගණක වලට ලබාදෙන අතර අලුත් ‘Block’ එකක් එකතු වූ විට ජාලගත සියලුම පරිගණක Update එක පිළිබදව දැනුවත් වේ.

නමුත් තවමත් එහි කාර්‍යක්ෂමතාවය,රහසිගතභාවය සහ අරක්ෂාව පිළිබද තවමත් විවිධ ගැටළු පවතින අතර ඒවා අවම කර වැඩි දියුණුකිරීමට පරීක්ෂකයන් උත්සුක වෙමින් පවතී.

මේ සියලු කරුණු සැලකිල්ලට ගත් කල්, ‘Blockchain’ යන වචනය ලොවපුරා සිතින සියලු ව්‍යපාරකන්ගේ සහ අයෝජාකයන්ගේ මුවග රැව්දෙන දිනය වැඩි ඈතක නොවන බව නොඅනුමානය.

Author-Pasindu sandeepa