Android කියන්නේ ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතියක් (Operating System-OS) කියලා අපි හැමෝම දන්නවා. Android O කියන විශේෂ OS එක තමයි Google විසින් හඳුන්වා දුන්න පළමු OS එක.  ඒ ගැන අපි මුලින්ම දැනගත්තතෙ Google I/O 2017 දී. දැන් මෙය නිල වශයෙන් හඳුන්වන්නේ Android Oreo කියන නමින්. android Oreo නිල වශයෙන් එළි දැක්වුයේ අගෝස්තු 21 වෙනිදා නිව්යෝර්ක් නගරයේ පැවැත්වුණු “Eclipse” නම් උත්සවයකදී.

Android Oreo වල අලුත් features ගොඩක් තියෙනවා. වැඩිදුර විස්තර පහත link එකෙන් බලන්න පුළුවන්.

http://www.trustedreviews.com/news/android-oreo-features-3266704

දැන් අපි බලමු Android Oreo කොහොමද download කරගන්න පුළුවන් කියලා.

කලින් නම් ඔබට මේ සදහා Google pixel හෝ Nexus device එකක් අවශ්‍ය වුණා. එසේ නොමැති නම් ඔබගේ ජංගම දුරකථන වලට Oreo සදහා ටික කාලයක් බලාගෙන ඉන්න සිදුවුනා.

Nexus 5X, Nexus 6P, Nexus Player, Pixel, Pixel XL සහ Pixel C වැනි සීමිත devices ප්‍රමාණයකට තමයි Android Oreo support කලේ. නමුත් මේ වනවිට Samsung, motorola, LG, Huawei, Asus, Acer, Lenovo, smartron, YU, SONY, htc, ZTE, NOKIA, Vivo, OPPO, xiaomi, onePlus, Blu වැනි ජංගම දුරකථන වර්ග සෑහෙන ගණනකට මෙම OS එක install කරගන්න පුළුවන්. Blackberry නිල වශයෙන් තහවුරු කර ඇත්තේ Android oreo update එක ඉක්මනින් ලැබෙනු ඇති බවයි.

පහත දැක්වෙන දේවල් ටික කලොත් ඔබට Google හි නවතම සහ විශිෂ්ඨතම විශේෂාංග අත් විදින්න පුළුවන්..

  1. ඔබ Android Oreo download කරගන්නට කලින් ඔබ සතු දත්ත සියල්ලම backup කරගන්න. අලුත් OS එක install කළාට පසුව stable වෙනවා. එවිට කලින් තිබූ දත්ත නැති වෙන්න පුළුවන්. පහත link එක ඔස්සේ තිබෙන Google’s Android O beta program page එකට යන්න. ඒකෙන් බලාගන්න පුළුවන් program එක වැඩ කරන්නේ කොහොමද කියලා.(The Android Beta Program gives you an opportunity to try out pre-release versions of Android and provide feedback.)

     https://www.google.com/android/beta

 

  1. ඔබට Google account එකක් තියෙනවා නම් Sign in වෙන්න. එසේ නොමැති නම් sign up වෙලා Beta program ඒකට පිවිසෙන්න පුළුවන්.

 

  1. Signed in වුණාට පසුව ඔබට සුදුසු උපාංගයක් තියෙනවා නම් google විසින් ඔබව හදුනාගන්නවා. පසුව  enroll කරන්නට විමසීමක් කරනවා. ඉන්පසුව ඔබට හොද  Wi-Fi සම්බන්ධතාවයක් ලැබෙන අතර google හි විමසුම් අනුගමනය කරමින් ඉදිරියට යන්න පුළුවන්.

 

 

  1. දැන් Android Oreo update එක OTA වෙත එන්න අවශ්‍ය වෙනවා. ඔබේ Wi-Fi connection එකේ දුර්වලතාවක් නිසා ඇතැම් විට ගැටළු එන්න පුළුවන්. ඒ නිසා connection එකත් පරික්ෂා කරන්න. හදිසියේ ඔබේ අතින් දත්ත backup කරගන්න බැරි වීමකින් මැකී යාමක් සිදු වුනොතින් OTA මගින් ඒ දත්ත ආරක්ෂා කරගන්න ඉඩ සලසා දෙනවා.

අපි දැන් බලමු Android 8.0 update කරගන්නේ කොහොමද කියලා

පහත link එකේ තියෙන System Images භාවිතාකරලා ඔබේ device එකට Android 8.0 Oreo manually flash කරගන්න පුළුවන්.

   https://developers.google.com/android/images