Google කියන්නේ අප කව්රුත් දන්නා පරිදි ඇමරිකානු බහුජාතික තාක්ෂණික සමාගමක්. මේ සමාගම සුවිශේෂී වෙලා තින්නේ අන්තර්ජාල සම්බන්ද සේවා හා නිෂ්පාදන වලටයි.තවද Online වෙළද ප්‍රචාරක,නව තාක්ෂනයන් සෙවුම් (Search Engine ) ,Cloud Computing හා මෘදුකාංග හා දෘඩාංග සදහා Google ආයතනය මුලික වෙලා කටයුතු කරනවා 

එතකොට මේ Google I/O කියන්නේ වාර්ෂිකව පවත්වනු ලබන සංවර්ධක සමුළුවයි( Developer conference). මෙහිදී මුලික වශයෙන් වෙබ් තාක්ෂනය, මොබයිල්, Enterprise Application හා android, chrome, chrome OS, APIs, Google Cloud යන විවිද තේමාවන් ඔස්සේ නව නිපැයුම් හා නව තාක්ෂනයන් හදුන්වා දීම හා කථනයට ලක් කරනවා

Google I/O ඉතිහාසය ගැන කෙටියෙන් යමක් කියන්නයි මේ සුදානම..

2008 වසරේ ප්‍රථම වරට මැයි මස 28-29 යන දිනයන් වලදී කැලිෆෝනියා වල Moscone මධ්යස්ථානයෙදී Google I/O සංවර්ධක සමුළුව පැවැත්වුනා. එහිදී විවිද තාක්ෂණ හදුන්වාදීම් සිදුකෙරුණු ලැබුවා

2008 න් පසු තාක්ෂණයේ නව විප්ලවයන් හා නව තාක්ෂනයන් හදුන්වා දෙමින් Google I/O වාර්ෂිකව පවත්වාගෙන එනු ලැබුවා .මේ ආ ගමන්මග තුල තාක්ශණයේ නව පෙරලියන් සිදු කිරීමට Google ආයතනය පොහොසත් වෙලා තියෙනවා .

ශ්‍රී ලංකාව තුල Google I/O වැඩසටහන

Google I/O ප්‍රධාන වැඩසටහනත් සමග කලාපීය වශයෙන් ශ්‍රී ලංකාව තුලත් Google සංවර්ධක සමුළුව පවත්වන්න Google සමාගම අමතක කලේ නම් නෑ. දැනට ශ්‍රී ලංකාවේ Google හි කාර්යාලයක් ස්ථාපිත කර නැති නමුත් Google Developer Group එක හරහා කාලයට උචිත වන පරිදි ලාංකීය සංවර්ධකයන්ගේ දැනුම වැඩි දියුණු කරන්න , වර්ධනය කරන්න ඇපකැප වී වැඩ කරන්න Google සමාගම අමතක කලේ නම් නෑ.

2016 Google IO හිදි තාක්ෂණික මෙවලම් කීපයක්ම යාවත්කාලීන වුනා. Firebase, TensorFlow සහ Android එ් අතර මුල් තැන ගත්තා.

පසුගිය 2016 Google IO හි ආවර්ජනයක්

2016 Google IO පළමු කථාවේදී, ශ්‍රී ලාංකික IO extended උත්සවය පිළිබඳව Google සමාගමේ ප්‍රධාන විධායක නිළධාරි කියා සිටියේ. “කොළඹ පැවැත්වෙන උත්සවය අැමරිකාවෙන් පිටත සිදුකෙරෙන විශාලතම පිරිසක් සහභාගි වන Google IO extended එක” බව.

පසුගිය Google IO Extended ශ්‍රී ලංකා උත්සවයේ මතක සටහන්

2017 Google I/O Extended ශ්‍රී ලංකා

ශ්‍රී ලංකාවේ ස්ථාපිත GDG Sri Lanka ඇපකැප විම හරහා මේවරත් Google I/O Extended වැඩසටහන ඇති උත්කර්ෂවත් අන්දමි නව තාක්ෂණයේ රසමුසුතැන් ඔබට ලබා දෙමින් Dialog ආයතනය හා Ideamart සමග අත්වැල් බැද ගනිමින් ගෙන ආ බව තාෂණික ලොවේ ඇවිද යන්නන් හට නොරහසක් .

Image may contain: text

තවද   Google IO Rewind වැඩසටහනද නුවර හා ගාල්ල යන නගර දෙකෙහි ඇති සාර්ථකව නිමා විය .