Microsoft විසින් Outlook සමඟ Gmail, Google drive සහ Google calendar ඒකාබද්ධ කිරීමට සැලසුම් කරගෙන සිටින අතර සමහර accounts වල මෙම ඒකාබද්ධ කිරීම දැනටමත් test කිරීම ආරම්භ කර ඇත.

සරල steps කිහිපයකින් පසු  ඔබගේ  Google account එක Outlook account එකට සම්බන්ධ කරන අතර Gmail, drive documents සහ Google calendar සියල්ලම Outlook තුළ automatically display වේ.

Twitter user කෙනෙක් වන Florian B 2019 නොවැම්බර් 20 වන දින එය වෙත පිවිසීමට සමත් වූ අතර ඔහු පවසන්නේ Google account එකකට වඩා එකතු කළ නොහැකි බැවින් එය early test එකක් ලෙස පෙනෙන බව මෙන්ම Outlook සහ Gmail accounts අතර switch වන විට මුළු page එකම refresh වන බවයි.

iOS සහ Android සමඟ Outlook ක්‍රියා කර separate inboxes සහ calendar එකේ side-by-side integration ක්‍රියා කරන ආකාරයට බොහෝ සෙයින් මෙයද සමානවේ.

Google drive ඒකාබද්ධ කිරීම මගින් Google documents and files support කරන නිසා පහසුවෙන්ම ඒවා Outlook emails හෝ Gmail emails වලට attach කිරීමට usersලාට හැකියාව ලැබේ.

මෙම නව Outlook ඒකාබද්ධ කිරීම personal Outlook account එකක් සහ වෙනත් වැඩ සඳහා G Suite email account එකක්  භාවිතා කරන අයට ප්‍රයෝජනවත්වනවාට නිසැකය.

Outlook usersලා කීදෙනෙකුට මේ සඳහා access එක ලැබේද යන්න හෝ Microsoft මෙය වඩාත් පුළුල් ලෙස ක්‍රියාත්මක කරන්නේ කවදාද යන්න තාමත් දැනුම් දී නැත.  නමුත් ඔවුන් පැවසුවේ “අපි සෑම විටම අපගේ usersලාට  හොඳම email අත්දැකීම ලබා දීමට අළුත් ක්‍රම සොයමින් සිටින අතර feedback ලබා ගැනීමට අපි Outlook usersලා කුඩා පිරිසක් සමඟ අත්හදා බලමින් සිටින බව තහවුරු කළ හැකි” බවයි.