Apple සමාගම ඔවුන්ගේ HomeKit Accesory Development Kit එකේ open source version එකක් නිකුත් කර ඇත. ඔබට දැන් එය GitHub හි fork it කිරීම මගින් Home app තුළ සහ ඉන් ඔබ්බෙහි ඇති smart home devices සමග connect කිරීම සිදු කළ හැකිය.

මෙම තීරණයට ප්‍රධානතම හේතුව වන්නේ Amazon Alexa, Google Weave Protocol සහ Apple HomeKit standard standard එක භාවිතා කරනු ලබන සියළුම devices සඳහා Apple, Google සහ Amazon විසින් නව open-source smart home standard එකක් හඳුන්වා දීමයි. මෙයින් අදහස් කරන්නේ සියළුම devices ඕනෑම platform එකක් සමඟින් සම්බන්ධ කළ හැකි බවයි.

Apple විසින් connected home space concept එකට කලින් පැමිණියද HomeKit තරමක් පසුගාමී වේ. උපාංග විශාල ප්‍රමාණයක් දැන් Amazon Alexa සහ Google Assistant සමඟ වැඩ කලත් HomeKit adoption එක මන්දගාමී බැවින් ඔබට Siri සමඟ උපාංග කිහිපයක් පාලනය කිරීමට හැකියාව තිබේ.

Apple විසින් HomeKit open source කිරීම මගින් බලාපොරොත්තු වන්නේ තවත් smart home නිෂ්පාදකයින් ඔවුන්ගේ මූලාකෘති තුළ HomeKit ඒකාබද්ධ කිරීමට උත්සාහ කරනු ඇති බවයි. Apache 2.0 බලපත්‍රය යටතේ මේ සියල්ල release කර ඇත.

කෙසේ වෙතත්, මෙම standard එක මුදා හැරීමෙන් devices ක්ෂණිකව connect කිරීමට නොහැකි වන අතර, software එක නව standard එකට අනුකූල වන පරිදි develop කිරීමට developerට සිදු වේ.

තවද මෙම software එක develop කළ පමණින් කිසිවෙකුට Apple Smart home devices නිෂ්පාදනය කිරීමට සහ බෙදා හැරීමට ඉඩ නොදෙන අතර Apple HomeKit MFI program එක යටතේ අවසර ලබා ගත යුතු වේ. නමුත් Apple සමඟ සෘජුවම වැඩ කරන නිෂ්පාදකයින්ට WWDC හි එළිදැක්වීමට පෙර නිකුත් නොකළ විශේෂාංග වෙත ප්‍රවේශ වීමට හැකියාව තිබේ.

කෙසේ වෙතත්, ඉහත සඳහන් කල ආකාරයේ ආකාරයේ license එකක් ලබාගැනීමට පෙර එම තාක්ෂණයන් සමඟින් තමන්ගේ devices අනුගත වන්නේද යන්න සොයාබැලීමට මෙන්මමෙම තාක්‍ෂණය පිළිබඳ අත්දැකීම් ලබා ගැනීම විනෝදාංශයක් කරගත් programmerලාට මෙය හොඳ අවස්ථාවක් වනවා ඇත.

මේ පිලිබද වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා Official Apple web site එක, The Verge web site එක, TechCrunch web site එක, Apple Insider web site එක හා Mac Rumors web site එක භාවිතා කළ හැකිය.