මතුපිටින් පෙනෙන දෙයට වඩා නොපෙනෙන දේවල් ගැන සොයන්න අපි බොහෝ දෙනෙක් කැමතියි.අන්න ඒ වගේ අලුත් දේවල් ගැන හොයන්න,දැනගන්න කැමති බොහෝ දෙනෙක්ට මේ article එක ප්‍රයොජනවත්  වේවි.අද වෙනකොට මොනම ක්ෂේත්‍රයක උනත් බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ තමන්ට නොතේරෙන දෙයක් දැනගන්න අවශ්‍ය වුණු ගමන් internet use කරන්න.තමන් use කරන search engine එකේ ඒ අදාළ දේ type කරලා තමන්ට අවශ්‍ය දේ සොයාගන්නවා.ඒ facility එක අපිට ලැබෙන්නේ අපි use කරන search engine එකේ already save කරලා තියෙන indexes හරහා.ඒ indexes අතරින් අපි search  කරපු topic එකට ගැලපෙනම suggestions ටික load වෙනවා.

හැබැයි අපි හැමෝටම විශවාස කරන්නත් අමාරු දෙයක් මෙතන සිද්ද වෙනවා.ඔව් ඒ මොකක්ද ඒක වෙන්නේ කොහොමද කියලා තමයි අපි දැන් බලන්න හදන්නේ.

අපි normal  use කරන search engine එකක save කරලා තියෙන web indexes ගණන සම්පුර්ණ ප්‍රමාණයෙන්ම ගත්තොත් 4% ක් වගේ ඉතා අඩු ප්‍රමාණයක්.මෙහෙම කියද්දී හැමෝටම ඇතිවෙන ප්‍රශ්නය තමයි එතකොට කෝ අනිත් 96% කියල.ඔව් ඒ ටික normal search engine එකකට visible වෙන්නේ නෑ.direct link එකක් නැතිව ඒවාට access කරන්න අපිට හැකියාවක් නැහැ.

අන්න එතැනදී තමයි මේ deep  web , dark web අප අතරට එන්නේ.

  • මොනාද මේ dark web සහ deep web වලින් වෙන්නේ?
  • කොහොමද මේවා access කරන්නේ?
  • මේවා use කරාම අපිට මොනාද ලැබෙන්නේ?

මේ වගේ ප්‍රශ්න ගොඩක් දැන් ඔයාලට හිතෙනවා ඇති.ඔව් ඒ හැම ප්‍රශ්නෙකටම උත්තර අපි දැන් එකින් එක බලමු!

මොනාද මේ deep web වලින් වෙන්නේ?

මෙය නම් අපට නොපෙනෙන එක කොටසක් එනම් ආයතන වල ඇතුලත පද්ධති විශ්වවිද්‍යාල වල හා බැංකු වල පද්ධති මෙයට අයත් වෙනවා .

මොනාද මේ dark web වලින් වෙන්නේ?

මුලින්ම කියන්න ඕනේ මෙය අන්තර්ජාලය තුල තියෙන ඉතාම භයානක කොටසක් කියලා .ලොව පුරා සිදුවන භයානක අපරාධ රැසක්ම සිදුවන තැනක් විදියටත් මෙය හදුන්වන්න පුළුවන්.මෙහි සිදුවන වෙළඳාම් කිහිපයක් පහත ආකාරයට පෙළ ගස්වන්න පුළුවන්.

  • මත්ද්‍රව්‍ය
  • විසා
  • රියදුරු බලපත්‍ර
  • මුදල් වංචා
  • credit debit card වෙළදාම සහ මුදල් සොරකම් කිරීම
  • තවත් බොහෝ දෑ

දැන් ඔබට හිතෙන්න පුළුවන් ඇයි මේ අපරාධ නතර කරන්න බැරි කියලා.ඔව් ඒකටත්  හේතුවක් තියෙනවා.ඇත්තටම මේ අපරාධ කරන කණ්ඩායම කවුද කියලා කවුරුත්ම දන්නේ නෑ.මේවා කරන්නේ anonymous නමින් හැදින්වෙන නිර්ණාමික කණ්ඩායමක් විසින්.මොවුන් සමග ගනුදෙනු කරන්න ක්‍රම සහ විදි තිබුනත් ඒක අපිට භයානක ප්‍රතිඵල පුලුවන් අවදානම් සහිත වැඩක්.

කොහොමද මේවා access කරන්නේ?

මේවා හදුනගන්න පුලුවන් තවත් විදියක් තමයි මෙම url අවසාන වෙන්නේ .onion කියලා.onion domains, normal search engine එකක visible නෑ.කලින් කිව්වත් වගේ normal search engine වලින් මේවාට access කරන්න නම් හැකියාවක් නෑ.මේවා access කරන්න පුලුවන් විශේෂිත search engine වලින්.මේ link එකෙන් පුළුවන් ඒ වගේ search engine කිහිපයක් බලාගන්න.

මේවා use කරාම අපිට මොනාද ලැබෙන්නේ?

ඇත්තටම ලංකාව තුළනම් මේවා use කරන්න තහනම්.මේවට යමෙක් ඇතුලු වූ සැනින් ශ්‍රී ලංකා පොලිසියේ පරිගණක අපරාද අංශයේ සදහන් වෙනවා.නමුත් අද වෙනකොට නම් පොලීසිය මග හැර මෙයට ඇතුලු වීමට බොහෝ ක්‍රම තියෙනවා.මෑත කාලයෙදී බොහෝ කතා බහට ලක්වුනු vpn කියන්නෙ මේකට හොද උදාහරණයක්.

ඉතින් deep web සහ dark web ගැන මූලික තොරතුරු ටිකක් මේ විදියට පෙල ගැහෙද්දී මේ ගැන ඔයාලා දන්න දේවලුත් මේකට තව එකතු වෙන්න ඕන දේවලුත් පහලින් comment කරන්නත් අමතක කරන්න එපා.