කාලෙකට පස්සේ අයෙත් ලිපි මාලාවකට යොමු වෙන්න කල්පනා කළා AI, Artificial Intelligence එහෙමත් නැත්නම් කෘතීම බුද්ධිය පිළිබඳව. මේකෙන් පස්සේ machine learning ගැනත් ලියන්න අදහසක් තියෙනවා. මොකක් හරි AI ML සම්බන්ධ දෙයක් දැක්ක ගමන් ඒක අරන් ශෙයා කරාට බොහොම සුළු පිරිසකට තමයි මේ ගැන නිවැරදි අවබෝධයක් තියෙන්නේ.

බුද්ධිය, තව විදිහකට කීවොත් intelligence කියන්නේ කෙනෙක්ගේ තේරුම් ගැනීමේ හා ඉගෙනගැනීමේ හැකියාව. Intelligence කියන්නේ කෙනෙක්ගේ සිතීමේ හැකියාව සහ තේරුම් ගැනීමේ හැකියාව යමක් ස්වයන්ක්‍රියව සිද්ධවෙන්න ඉඩ අරින්නේ නැතුව. කරනවා intelligence එක

මොකක්ද මේ AI කියන්නේ?

Computer Science විෂය පථය ඇතුලේ programming කියන කොටස අපි සැලකුවොත් අපිට මෙමගින් පුළුවන් අපේ තියෙන problems වලට creative solutions අරගෙන එන්න පුළුවන්. සාමාන්‍යයෙන් AI researchersලා imitate හෝ duplicate කරනවා පරිගණක සහ රොබෝලා සතු intelligence එක. කෘතීම බුද්ධිය කියන්නේ සරලවම මිනිසුන් තමන්ගේ බුද්ධිය භාවිත කරලා කරන දේවල් පරිගණක භාවිතයෙන් කරන්නේ කොහොමද කියල තීරණය කරන විද්‍යාව.

මෙතනින් එහාට කතා කරන දේවල් ඔක්කොම තාර්කිකයි. මගේ යාලුවෝ දෙන්නෙක් ඉන්නවා ජනිත් සහ මධුෂාන් කියල. ජනිත් කොහොමද දැනගන්නේ මධුෂාන්ට හිතන්න පුලුවන්ද බැරිද කියලා. සමහර වෙලාවට දෙන්නම ජිවිතයේ මුහුණ දෙන ගැටළු වලට ප්‍රතිචාර දක්වන විදියවල් සමානයි ඉතින් ජනිත්ටත් හිතන්න පුළුවන් නිසා ඔහු හිතනවා මදුෂන්ටත් එහෙම වෙන්න ඇති කියලා. මේක තමයි AI වල මුලික සිද්ධාන්තය වෙන්නේ.

හරි දැන් කියන්නේ 2000 වසරේදී ලෝකයේ ලියවුනු පලවෙනි AI program එක ගැන. Alan Turing ලියන මේ program එක ඔහු ලියන්නේ අපි දැන් කියන විදිහේ chat bot එකක්. මේ program එකට පුළුවන් විනාඩි පහක් යනකන් conversation එකක් කරගෙන යන්න. 30% වගේ ඉඩකඩක් තිබුනේ මිනිසාට අදුරගන්න ඔහු මේ විනාඩි 5 තුලම කතා කලේ robot කෙනෙක් එක්ක එහෙමත් නැත්නම් මනුෂ්‍යයෙක් එක්ක නෙමෙයි කියන දේ.

මේ පරීක්ෂණයේ විශේෂතා දෙකක් තිබුණා.

  1. මේ විදියට terminals හරහා මිනිසෙක් හා යන්ත්‍රයක් සංවාදයේ යෙදීමෙන් ලබාගන්න ප්‍රතිපල සියල්ලම බුද්ධිය පිළිබඳව වෙනම අදහසක් ලබා ගැනීමේදී සෑහෙන වැදගත් වෙන්න පුළුවන්.
  2. මේ පරීක්ෂණය ඒකට අදාල වුනු දත්ත එක්ක ස්වායත්ත බවක් තමයි පෙන්වන්නේ. මේකේ විස්තර වෙන විදිහේ two-phase game එකක් හෝ single-phase game එකක් විදිහට වුනත් පවත්වන්න පුළුවන්. two-phase කියන්නේ කලින් දැනුම් දීමකින් තොරව කතා බහ කරවනවා. single phase කියන්නේ පරිශීලකයා තෝරා දෙන පාර්ශවයක් පාවිච්චි කරනවා පරීක්ෂණයට.

බුද්ධිය එහෙමත් නැත්නම් Intelligence වල ගුණාංග කිහිපයක් තියෙනවා.

  • Knowledge – දැනුම
  • Creativity – නිර්මාණශීලි බව
  • Ability to learn – ඉගෙනීමට ඇති හැකියාව
  • Generalization – යමක් සරල කිරීමට උත්සහ කිරීම
  • Reasoning – යමක් තාර්කිකව ගොඩ නැගීමේ හැකියාව
  • Concept Building – දත්තයක් පදනම් කරගෙන අදහසක් ගොඩනැගීම

1943-56 කාලයේදී තමයි AI ලෝකයට පැමිණෙන්නේ. පලවෙනි contribution එක විදිහට මොලයක පවතින නියුරෝන වල සැලැස්මක් මේ කාලයේදී නිකුත් වෙනවා. AI වලට අදාල කරුණු ගොඩනැගෙන්න පටන් ගන්නේ 1956-60 සමයේදී. ඇත්තටම මේ දේවල් කරන්න පුලුවන්ද ප්‍රයෝගිකව. මේවා ගැන කතා කරන්න පටන් ගත්තේ 1960-70 කාලයේදී. 1970ට පස්සේ ටික ටික සාර්ථක නිර්මාණ ගොඩනැගෙන්න පටන් ගන්නවා. 1980 වෙනකොට ලෝකය සෑහෙන දුරකට AI වලට හුරු වෙලා ඉවරයි. Neural networks වලට සාමාන්‍ය ජනතාව හුරු වෙන කාලය.

1970-80 කාලයෙන් පස්සේ evolutionary computation එහෙම නැතුව අපි කිවොත් වැඩක් කරන ගමන් දේවල් ඉගෙනගන්න ක්‍රමයේදී ප්‍රධාන කොටස් 5ක් දකින්න පුළුවන්.

  • Artificial Neural Networks
  • Genetic algorithms
  • Computer Vision
  • Physical Modeling
  • Agent Technologies

තාක්ෂණය අනුව ගත්තම AI වර්ගීකරණය කරන්න පුළුවන් වර්ග හතරක් තිබෙනවා.

  1. Searching and Logic Programming
  2. Neural Networks
  3. Fuzzy Logic
  4. Genetic Algorithms

පලවෙනි ලිපිය මෙතනින් අවසන් කරන්නම්. දෙවෙනි ලිපිය Propositional Logic පිළිබඳව කතා කරන්න අදහසක් තිබෙනවා. කතා කරන්න වැදගත් දේවල් comment කරන්න පහලින්.

සුභ දවසක්…