G mail , google drive වැනි පහසුකම් ගැන ඔයාලා හැමෝම දන්නවා ඇති කියල මම හිතනවා. මම අද කතාකරන්න යන්නේ g mail, google drive ආදිය අන්තර්ගත වෙලා තියෙන G Suite පිළිබඳවයි. Google Apps for Work සහ Google Apps for Your Domain කෙටියෙන් අපි G Suite නමින් හදුන්වන අතර මෙය cloud base පහසුකමක්. Google සමාගම විසින් develop කරලා තියෙන මෘදුකාංග සහ අනෙකුත් products මෙහි අන්තර්ගත වෙනවා. ඒවා මොනවාද කියලා අපි තවදුරටත් විමසා බලමු.

G-mail – වසර ගණනාවකට පෙර google සමාගම විසින් හදුන්වා දුන් g-mail සේවාව ලෝකයේ හොදම mail service එකක් ලෙස හදුන්වන්න පුළුවන්. පෞද්ගලික භාවිතයට පමණක් නොව අධ්‍යාපනික සහ ව්‍යාපාරික කටයුතු සදහාද වර්තමානයේදී g-mail නැතිවම බැරි අංගයක් වී ඇත. g-mail කියන්නේ හුදෙක් mail service එකකට වඩා ඔබ්බට ගිය පහසුකම් වලින් සමන්විත account එකක්. ඔබට g-mail ගිණුමක් තිබේනම් එය හරහා ඔබට තවත් සේවාවන් රැසකට සම්බන්ධ විය හැකිය.

Google Drive – google drive කියන්නේ cloud storage සහ file backup system එකක්. මෙමගින් 15GB disk space එකක් ඔබට නොමිලේ ලබාදෙනවා. ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයක files පහසුවෙන්ම drive එකට upload කිරීමට මෙන්ම share කිරීමටද මෙමෙගින් මබට හැකියාව ලැබෙනවා. 15GB වලට අමතරව තවත් space එකක් ඔබට අවශ්‍යනම් google සමාගමෙන් එය මිලදී ගත හැක.

Google docs – ඔබට අවශ්‍ය text documents නිර්මාණය කිරීමට docs භාවිතා කළ හැක. ඒ වගේම document එකෙන් leave වෙන් නැතිවම ඔබේ document එක සදහා අවශ්‍ය තොරතුරු google search හරහා සොයා ගැනීමටද හැකියාව තිබීම මෙහි විශේෂතත්වයකි.

Google sheets – මෙය g-suite වල ඇති spreadsheet පහසුකමයි. මෙමගින් ඔබට data අවශ්‍ය පරිදි organize කිරීමට සහ අවශ්‍ය ගණනය කිරීම් කරගැනීමටත් හැකියාව ඇත.

Google slides – ඔබට අවශ්‍ය presentations නිර්මාණය කිරීමට මෙන්ම Microsoft power point presentations භාවිතා කිරීමටද google slides යොදාගත හැකිය.

Google forms – එදිනෙදා වැඩකටයුතු වලට අවශ්‍ය තොරතුරු එක්රැස් කිරීමට මෙන්ම surveys සදහාද google forms භාවිතා කලහැකිය.

Calendar – ඔබට එදිනෙදා කිරීමට ඇති meetings, events , lectures ආදිය සංවිධානය කිරීමට හා ඔබගේ contacts වලට invite කිරීමටද මෙය යොදාගත හැක. notification මගින් ඔබේ appointments ගැන මතක් කිරීමක් සිදූවන නිසා ඔබට කවදාවත් නැවත appointment එකක් අමතක නොවනු ඇත.

Sites – ලබා දී ඇති templates භාවිතා කර සරල web page 1ක් නිර්මාණය කර ගැනීමට sites යොදාගත හැකිය.

Hangouts – ඔබේ මිතුරන්, ශිෂ්‍යයින් හෝ සේවාදායකයන් සමග real time video, text හෝ audio මගින් සන්නිවේදනය කිරීමට hangouts පහසුකම් සලස්වයි.

Blogger – ඔබට ඔබේම blog එකක් නිර්මාණය කර පවත්වාගෙන යාමට මෙය යොදාගත හැකිය.

Classroom – ඔබ ගුරුවරයෙකු හෝ ඔබගේ educational institute එක google apps භාවිතා කරන්නේ නම් ඔබට classroom පහසුකම භාවිතා කලහැකිය. මෙමගින් ගුරුවරුන්ට ශිෂ්‍යයන් සමග සම්බන්ධ වී assignments ලබාදීමට මෙන්ම උත්තර පරීක්ෂා කිරීමටද හැකිය.

මිට අමතරව සෑම google account එකක් සමගම එහි සමාජජාලය වන google plus ගිණුමක් සහ ඔබේම video channel එකක් නිර්මාණය කිරීමට අවශ්‍ය you-tube ගිණුමක්ද නිර්මාණය කරගත හැකිය.

තවත් මෙවැනි තොරතුරු රැසක් සමග නැවත හමුවෙමු.