ලංකාවට ලගදීම හුරු උන වචනයක් තමයි මේ Crowdsource. ඇත්තටම මොකක්ද මේ? අද අපි කතා කරන්නේ ඒ ගැන!

Crowdsource කියන්නේ වෙනස් විදිහක sourcing model එකක්. මේකෙදි විවිධ සංවිධාන තමන්ගේ වැඩිදියුණු වෙන්න ඕනි දේවල් ගැන internet usersලගේ අදහස් විමසන්න මේ ක්‍රමය පාවිච්චි කරනවා! ඉතින් දැන් මේක ලංකාවට ඇවිදින් තියන්නේ. ලංකාවෙත් ඉන්නවා Google Maps වලට උදව් කරපු අය. Translate app එක වැඩිදියුණු කරන්න උදව් කරපු අය. මේ අයත් එක්කම ලංකාව ඇතුලේ Crowdsource community එකක් හදාගන්න තමයි Google එකට ඕනේ. Crowdsource app එක ගැන කට්ටිය දන්නේ නැතිනම් මෙන්න මෙතන click කරලා ඔබට app එක ලබාගන්න පුළුවන්.

හැමදාම හැම අලුත් දවසකම google එකට පණිවිඩ ලැබෙනවා ලෝකේ හැමතැනින්ම තම තමන්ගේ භාෂා වලින් මේ apps හදලා දාන්න කියලා. නමුත් ලංකාවේ අපේ අය මේ ගැන හරියට දැනුවත් නෑ. නමුත් ඔබට Crowdsource app එක පාවිච්චි කරලා Google maps, Translate app එක වගේම Android ගැන උනත් ඔබට හිතෙන දේවල් මේ Crowdsource app එකේ අහන ප්‍රශ්න වලට උත්තර ලබාදීලා ඉක්මනින් ලගකරගැනීමේ හැකියාව තියෙනවා. ලගදීම ඔබ වෙත සිංහලෙන් මේ app එක හදුන්වලා දෙන්නත් Crowdsource team එක බලාපොරොත්තු වෙනවා.

 

 

 

 

 

 

 

මේ අලුත් කතාවත් එක්ක ඔබටත් ප්‍රශ්න රාශියක් ඇති. අදම ඒවා අපේ Google Crowdsource Sri Lanka අපේ page එකට එකතු කරන්න පුළුවන්. ඔබට ලගදීම අපේ event එකක් එක්කත් එකතු වෙන්න chance එකක් ලැබෙන්න ඉඩ තිබෙනවා. ඒවටත් සුදානමින් ඉන්න කියල මතක් කරන ගමන්ම කියන්න ඕනි. අපේ page එකට යන්න මෙතන click කරන්න. අපි සමග රැදී ඉදලා මේ නැවුම් අත්දැකීම විදගන්න ඔබ සැමට ආරාධනා කරනවා!