Computers, machine, phone, වගේ අපි touch කරලා පාවිච්චි කරන devices ගැන අපිට idea එකක් තියෙනවා. මොනවද එහෙනම් මේ touchless technology කියන්නේ? Sensor, camera දියුණුවත් එක්ක එන අලුත්ම technology එකක් touchless technology එක.

Touchless technology එක ගැන පරීක්ෂණ පවත්වන්නේ Eliptic labs. මේ System එක රදා පවතින්නේ අත හෝ අතේ ඇගිලි චලනයන් මත. screen එකේ හෝ screen එකට ආසන්නයේ ඉදිරියෙන් sensors පිහිටුවලා තියෙනවා. ලබාගන්නා Sensors digital image processor එකකට සම්බන්ධ වෙනවා.

image processor එකෙන් මොකක්ද වෙන්න ඕනෙ කියලා තේරුම් අරන් result එක electrical signal විදිහට ඒ අදාල device එකට ලබාදෙනවා. Touchless technology එක භාවිතා වෙන අවස්ථාවන් කිහිපයක් · Tobii Rex යන eye tracking devices මෙහිදී infrared sensors 2ක් මගින් userගේ ඇස් track කිරීම සිදුවන්නේ. · Air writing තාක්ෂණයෙදි අපි air එකේ ලියන දෙයක් message එකක් නැත්තම් email එකක් බවට පත් කරගන්න පුලුවන්. · Leap motion කියන්නේ sensor device එකක් එහිදී user කවුද කියලා එහි තියෙන infrared LED සහ camera භාවිතයෙන් හදුනාගත හැකියි. ·

Microsoft Kinect, userගේ ශරීර චලනයන් හදුනාගෙන එය play වන video game එකේ ඇති කරනවා. · Myoelectric Armband නොහොත් MYO armband එක, අත හෝ අතේ ඇගිලි මගින් bluetooth වලින් වැඩ කරන device එක control කරන්න පුලුවන් gadget එකක්.

Keyboard එකක් අනවශ්‍ය මෙහිදී, user විශේශ sensors ඇදීමට හෝ පැලදීමටද අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ අදාල දුර ප්‍රමානය අතුලත සිට point කිරීම පමනි. Touchless technology එක computers, Cellphones, Webcams සහ laptop වඩාත් ඵලදායී හා පහසු ලෙස පාවිච්චි කරන්න උපකාරයක් වනු සැකයක් නෑ. තව අවුරුදු කිහිපයකින් අපේ ශරීරය input device එකක් බවට පත් වනු නොවනුමානයි.