සරලවම කියනවා නම් Wireless Charging කියන්නේ වයර් නැතිව අපගේ smart devices charge කරනවා කියන එකයි. තක්ෂණයේ දියුණුවත් සමගම smart devices, විශේෂයෙන්ම smart phones charge කර ගැනීම සදහා නොයෙක් Wireless Chargers භාවිතා කරනවා. ඇත්තටම මෙතනදී වෙන්නේ මොකක්ද? මේ පිළිබඳව අපි අද විස්තර දැනගමු…

විද්‍යුත් චුම්භක ප්‍රේරණය

විද්යුත් චුම්භක ප්‍රේරණය මේ මොහොතේ දීත් අප වටා තියෙනවා. ඔබ කියවන විට මේ වැකි ඔබේ විද්යුත් උපාංගයේ තිරය, ශරීරයේ සෛල මත ඇතිවන බලපෑම එයට කදිම නිදසුනක්. එහි තිව්‍රතාවය කොතරම් කුඩා වුවත් එය ඇතැම් අවස්ථා වල ඉහල තිව්‍රතාව මට්ටම් පෙන්නුම් කරන බව තමයි දැනගන්න ලැබෙන්නේ.

1831 දී මයිකල් ෆැරඩේ විසින්වි තමයි මේ වීද්යුත් චුම්භක ප්රේරණය සොයාගැනීම සිදු වුණේ. ඔහු සිදු කළ පරීක්ෂණ මගින් චුම්භක ක්ෂේත්‍රයකට ලම්භකව චලනයවන කම්බියක් දෙපස විභව වෙනසක් හට ගන්නා බව ඔප්පු වුණා. තවදුරටත් විද්‍යුත් චුම්භක ප්‍රේරණය ලෙස හදුන්වන මෙම ක්‍රියාවලිය පිළිබද කළ විශ්ලේෂණය තුළින් ඔහු ෆැරඩේගේ ප්‍රේරණය පිළිබද නියමය ලෙසින් දැන් හදුන්වන මූලධර්මය ප්‍රකාශ පත් කළා. ඉන් කියැවෙනුයේ සංවෘත පරිපථයක ප්‍රේරණය වන විභව අන්තරය, පුඩුව තුළින් චුම්භක ස්‍රාවය වෙනස් වීමේ සීඝ්‍රතාවයට අනුලෝමය සමානුපාතික බවයි.

මෙම සොයා ගැනීම විමසීම තුළින් ඔහු 1831 දී භ්‍රමණය වන තඹ තහඩුවක යාන්ත්‍රික ශක්තිය, විද්‍යුත් ශක්තියට පරිවර්තනය කරමින් පළමු විදුලි උත්පාදකය නිපදවීය. ෆැරඩේගේ තැටිය අකාර්යක්ෂම හා ප්‍රායෝ‍ගික උත්පාදකයක් ලෙස ප්‍රයෝජනවත් නොවූවද ඔහුගේ කාර්ය ඉදිරියට ගෙන යන්නන් හට චුම්භකත්වය භාවිතා කර ගනිමින් විද්‍යුත් බලය උත්පාදනය කිරීමට හැකියාව ඇති බව පෙන්වා දුන්නා.

Wireless Charging හා  විද්‍යුත් චුම්භක ප්‍රේරණය

අප හැමෝම දන්නා ට්‍රාන්ස්ෆෝමර් වල භාවිතා වෙන්නෙත් මේ දේම තමයි. සරලව කිව්වොත් මෙහි මුලින්ම තියෙනවා ප්‍රාථමික දගරයක් සහ ද්විතියික දගරයක්. මුලින්ම අපි ප්‍රාථමික දගරයට විදුලි බලය ලබාදුන්නාම එහි හටගන්නේ විචල්ය‍ය චුම්භක ක්ෂේත්‍රයක්. එය විච්ල්‍ය චුම්භක ක්ෂේත්‍රයක් නිසා ඒක අසලින් තබන ද්විතියික දගරයේ කුඩා විද්‍යුත් ධාරාවක් හටගන්නවා. Wireless Chargers මෙම ක්‍රමය භාවිතා කරගෙන හිස් අවකාශය හරහා  විද්‍යුත් බලයක් සම්ප්‍රේෂණය කරනවා. මෙහිදී Wireless Charger එක ඇතුලේ පවතින දගරයට විද්‍යුතය සම්ප්‍රේෂණය කර විට එහි විච්ල්‍ය චුම්භක ක්ෂ්ත්‍ර්‍යක් හටගන්නවා. එය ඔබගේ  smart phone එක තුල පවතින දගරය සමග සම්බන්ධ වීමත් සමග දුරකතනයේ බැටරිය ආරෝපණය වීමට පටන් ගන්නේ.

Wireless Charger එක සහ දුරකතනය අතර පවතින දුර මත ආරෝපණය වීමේ      කාර්‍යක්ෂමතාවය රදා පවතින බව තමයි මේ වෙන කොට හොයාගෙන තියෙන්නේ. මෙම ක්‍රමය භාවිතා කර Nicola Tesla නම් විද්‍වතා 1891 දී “සංඛ්‍යාත සම්ප්‍රේෂණ විභවතාවය” පිළිබඳ පරීක්ෂණයක් රැහැන් රහිත සම්ප්‍රෙෂණ මාධ්‍ය ඔස්සේ සිදු කරලා තිබෙනවා. ඔහු ව්සින් සිදු කළ  පරීක්ෂණයන්හි ප්‍රතිඵල ලෙස 1893 දී රැහැන් රහිත Telegraph යන්ත්‍රයක ආකෘති කඩදාසි පොත් වල සදහන් වී තිබෙන අයුරු අපිට දැකගන්න පුලුවන්.

ඉතින් මේ ලිපිය තුලින් Wireless Charging ගැන සහ ඒ ආශ්‍රිත තාක්ෂණික වටපිටාව ගැන සරල අවබෝධයක් ලබා දෙන්න තමයි මම උත්සාහ කළේ. ඒ පිලිබඳ යම් අවබෝධයක් ලබාගන්නට මේ ලිපිය උපකාරී වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා.