ස්නැප්ශොට් සමාගමේ මව් සමාගම වන ස්නැප් සමාගම විසින් මෙම අව් කණ්ණාඩි වර්ගය​ හඳුන්වාදී ඇත​.මෙය තාක්‍ෂණය භාවිත කර, නවීන විලාසිතා වලටද අනුකූල වන පරිදි  නිපැදවූ කණ්ණාඩියකී. සාමාන්‍ය අව් කණ්ණාඩි වලට වඩා මෙය සුවිශේෂි වන්නේ එහි ඇති කුඩා කැමරාව නිසාවෙනි.

අංශක 115 කින් යුතු කාචයකින් සමන්විත​ මෙයින් අප දකින රූප පියවි ඇසින් දකින රූප බොහෝ දුරට සමාන වේ. මෙම අව් කණ්ණාඩි විශේෂය පරිහරණය කිරීම ඉතා පහසු ය.එහි කෙළවරෙහි ඇති බොත්තම තද කිරීම මඟින් ඔබ දකින දසුනක් පටිගත කිරීම පහසුවෙන්ම​ ආරම්භ කළ හැකි වේ.එය​ ස්වයන්ක්‍රීයව ම​ තත්පර 10ක් පටිගත වනු ඇත​.පටිගත වනු ලබන කාලය දීර්ඝ කිරීමට නැවත බොත්තම තද කළ යුතුය​.පටිගත වන වීඩියෝ පටි ස්නැප්චැට් මතක සටහන් යනුවෙන් තැන්පත් වනු ඇත​.

තවද පටිගත වන කාලය තුල අව් කණ්ණාඩියේ කෙළවරින් කුඩා එළියක් දැක ගත හැක.එහි අරමුණ වන්නේ තමන් වීඩියෝවක් පටිගත කරන බව ඉදිරියේ සිටින අයට දැන්වීමයි.

මෙම අව් කණ්ණාඩිය ඇන්ඩ්‍රොයිඩ් සහ  IOS උපාංග හරහා ද භාවිත කළ හැක. අව් කණ්ණාඩියත් සමඟින් චාජින් කේස් එකක් නොමිලේම ලැබේ.එය මඟින් අව් කණ්ණාඩිය චාජ් කළ හැකි අතර දිනක් පමණ චාජ් එක රැදෙනු ඇත​.මෙය ජලයට ඔරොත්තු නොදෙන බැවින් ජලය සහිත ස්ථාන වලදී ප්‍රවේසමෙන් පරිහරණය කළ යුතු වේ.

නිශ්චිත ප්‍රමාණයකට පමණක් මෙය සකසා තිබීම සැළකිල්ලට ගත යුතු තවත් කරුණකී.මෙම කණ්ණාඩිය නිල්,කලු සහ රතු වර්ණ වලින් යුක්ත ය​.මෙහි වර්තමාන මිල​  රු.20105.55 වේ.

මෙම අව් කණ්ණාඩි වර්ගය ගැන වැඩි විස්තර පහත වෙබ් අඩවියෙන් ලබා ගත හැක.

https://www.spectacles.com/