Botnet දෙවෙනි කොටසට ආයුබෝවන් කියලා පිලිගන්නවා හැමෝවම. ඉතින් කලින් කොටසේ කතා කරේ අපි botnet කියන්නෙ මොකද්ද සහ ඒකෙන් මොනවද කරන්න පුලුවන් කියන එක.ඉතින් හැමදේටම කලින් පලවෙනි කොටස කියවලා නැත්නම් shorturl.at/fGP56 මේ link එකෙන් ඒක කියවන්න පුලුවන්.ඉතින් දැන් අපි කතා කරන්නේ මේ බොට්නෙට් වල ව්‍යාප්තිය ගැන සහ ඒවාගෙන් ආරක්ශා වෙන්නේ කොහොමද කියන එක.ඉතින් ඊට කලින් බොට්නෙට් එකකට උදාහරණයක් කියලම ඉන්නම් බොට්නෙට් එකක් කොයිතරම් ලොකුද කියලා දැනගන්න.

ඇමරිකාව කේන්ද්‍රය කරගෙන තැනුන Rastock බොට්නෙට් එක අකර්මණ්‍ය කරනු ලැබුවේ ඇමරිකාවේ පොලිසිය,Microsoft සමාගම සහ FireEye කියන cyber ආරක්ෂක සමාගම සමඟ එකතු වෙලා.ඉතින් ඒ වෙනකොට මේ බොට්නෙට් එකට පරිඝණක 24,000,000 ක් විතර සම්බන්ධ වෙලා තිබුනේ! ඉතින් මේ බොට්නෙට් එක තමා internet එකේ spam තදබදයට සෘජුවම බලපෑමක් ඇති කරලා තියෙන්නේ.මොකද මේ බොට්නෙට් එකෙන් දිනකට spam email කෝටි 3000ක් විතර යවලා තියෙනවා.


කොහොමද මේ botnet පැතිරෙන්නේ?


Botnet එකක් ගොඩක් වෙලාවට trojon horse malware එකක් විදිහට තමා කෙනෙක්ට සම්බන්ධ වෙන්නේ.ඉතින් මෙතනදී උපක්‍රම කීපයක්ම බොට්කරුවා විසින් භාවිත කරනවා.
1.ව්‍යාජ Antivirus softwares.
2.Fake downloads ඒ කියන්නේ user download කරන file එක වෙනුවට malware එක අඩංගු file එකක් download කරන්න සැලැස්වීම.
3.නීත්‍යානුකූල නොවන මෘදුකාංග භාවිතයෙන්(cracks,patchs)


ඉතින් කොහොමද මේවගෙන් ආරක්ෂා වෙන්නේ?


පිලිගත් antivirus software එකක් භාවිත කිරීම සහ ඒක නිසි පරිදි update කරගැනීම.
විශ්වාසයදායී websites පමනක් භාවිත කිරීම.
Cracks,patches භාවිතා කරන විට අවශ්‍යම නම් පමනක් virus guard එක off කිරීම.
වගේ දේවල් වලින් අපිට මේ botnet වලින් ආරක්ෂා වෙන්න පුලුවන්.

ඉතින් මේ විදිහට botnet ගැන විස්තර මේ කොටසින් අවසාන වෙනවා.සුභ දවසක්!