මොකක්ද මේ VPN එහෙමත් නැතිනම් Virtual Private Network(අතථ්ය පෞද්ගලික ජාලය)කියන්නෙ? VPN පාවිච්චි කරලා අපිට වේගවත්ව හා ආරක්ෂිතව අන්තර්ජාලයට ඇතුල් වීමට , country  block කරල තියන sites වලට access ගන්න, privacy ආරක්ෂා කරගන්න වැනි දේ කරගන්න පුළුවන්.Virtual කියන වචනෙන්ම පැහැදිලියි සරලවම මේක අතාත්වික දෙයක් කියන එක. එනම් සැබෑවටම පවතින දෙයක් නෙමෙයි කියන එක.  දන්නවද ඇයි මම එහෙම කියන්නෙ කියල?

සාමානයෙන් අපි ISP(Internet Service Provider) කෙනෙක්ගෙන් ඉන්ටෙර්නෙට් connection එකක් ගන්නකොට අපිටම ආවේනික IP adress එකක් හම්බෙනවා. ඒ වගේම අපි යන websites වලටත් වෙන් වුන එහෙමත් නැත්නම් ආවේනික වුන IP adress එකක් තියනවා. ඉතින් website එකක් block කරනවා කියන්නේ අපේ IP adress වලින් අර IP adress වලට යන එක නතර කරන එක. මෙතනදි තමයි අපිට මේ virtual network එකේ සහය පතන්න වෙන්නෙ.VPN වල සහය ගන්නකොට එයාලගෙ servers දහස් ගානක් ලෝකය පුරා ක්‍රියාත්මක වෙනවා. අපිට තියෙන්නෙ ඉන් එකක් select කරගෙන connect වෙලා අපේ වැඩ ටික කරගෙන යන එක විතරයි. මූලිකවම මෙතනදි වෙන්නෙ VPN එකකින් අපිට Virtual Location එකක් හරහා connect වෙන්න පුලුවන් වෙන එක. ඉතින් Internet එකේ අපේ අනන්‍යතාවට තියෙන්නේ අර කියපු Virtual Location එකට අදාළ IP එකක්.. අන්න එකයි මේක අතාත්වික දෙයක්(virtual ) කියල කීවෙ.

මේ විදිහට connect වෙලා වැඩ කරගෙන යනකොට අපේ සම්පුර්ණ ඉන්ටර්නෙට් traffic එක වැඩ කරන්නෙ Tunneling System එකක් විදිහට .. මේ වගේ Tunneling System එකක් හරහා අපිට පුළුවන් වෙනවා ඕනෑම තැනක ඉදන්  තවත් network එකකට පහසුවෙන් connect වෙන්න. ඉතින් මේ විදිහට වැඩ කරගෙන යනකොට පිටින් බලන කෙනෙක්ට අපි අන්තර්ජාලය හරහා කරන්නෙ මොකක්ද කියන එක බලාගන්න විදිහක් නෑ. VPN වල තියෙන ප්‍රධාන වාසියක්  තමා client connect වෙන network එක අතරේ data සියල්ලම encrypt වෙලා තමා හුවමාරු වෙන්නේ. Hacker කෙනෙක් packet sniffer කලත් data decrypt කරන  වැඩේ අදාළ පුද්ගලයට ලේසි වෙන්නේ නෑ. කොටින්ම කියනවනම් අපේ ISP ටවත් අපේ logs බලාගන්න බැහැ. අපේ ඇත්ත location එක අපි බලන sites බලාගන්න විදිහක් නෑ. ISP ට දැනගන්න පුළුවන් වෙන්නෙ අපි VPN එකකින් connect වෙලා කියන එක විතරයි.

නමුත් මේ VPN වල තියන එක්තරා අවාසියක් නම් ගොඩක්ම අය use කරන්න පුරුදු වෙලා තියෙන්නේ free දෙන VPN services.. ඒත් බහුතරයක් අය දන්නේ නෑ මේ free දෙන VPN service වල අපි connect වුන Incoming & Outgoing Logins වල Data Record තියාගන්නවාද කියන එක. ගොඩක් දුරට VPN ලබා දෙන සමාගමට logs බලන්න හැකියාවක් තියනවා. ඒ නිසා අපිට ගැලපෙන වඩාත් ආරක්ශාකාරී VPN එකක් අපි තෝරා ගත යුතුයි.

ජනප්‍රිය VPN  services වර්ග කිහිපයක්:

  • IP Vanish VPN
  • Nord VPN
  • Private Internet Access VPN
  • Pure VPN
  • Keep Solid VPN Unlimited
  • Tunnel bear VPN
  • Golgen Frog Vyper VPN
  • TorGuard VPN
  • AnchorFree Hotspot Shield Elite