දිනෙන් දින දියුණු වන ලෝකයේ තාක්ෂණයේ සුවිශේෂීම පෙරළිය! මිනිසුන්ට සිතීමේ හැකියාව තිබියදී යන්ත්‍ර වලට නොතිබුණු එකම දෙය! ඔව් ඒ තමයි බුද්ධිය.නමුත් එය වෙනස් කළ Artificial Intelligence එහෙමත් නැත්නම් කෘතීම බුද්ධිය සමග ලෝකයේ බොහෝ දේවල් වෙනස් වෙන්න පටන් අරන්.අනාගතයේ දිනයක් ඒවි තමන්ට ඇයගෙන් විය යුතු වැඩ රාජකාරි ටික සඳහන් කරාම ඒවාට අනුව  තමන්ගේ සහකාරියව, වෙළෙඳ සැලකින් මිලට ගන්න පුළුවන් වෙන!ඔව් මෙහෙම හිතද්දී ඔබ පුදුම වේවි.නමුත් තාක්ෂණය නුදුරු අනාගතයේදීම එම කඩයිම ජය ගන්නා බව එහි සුවිශේෂී නිපැයුමක් වන මැය තුලින් දැනටමත් තහවුරු කර අවසානයි.

ඇය තමයි Sophia!

ඇයට තියෙන්නේ සාමාන්‍ය රූපයක් නොවෙයි.ඇයට තියෙන්නේ ලොව ප්‍රසිද්ධ නිළියක්,නිරූපණ ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක් වුනු Audrey Hepburn ගේ පෙනුම. ඇයට පුළුවන් ඔබව හදුනාගන්න.අනික් අයගෙන් ඔබවම වෙන් කරල හදුනා ගන්න.ඔබත් සමග සාමාන්‍ය මිනිසෙකු මෙන් කතා කරන්න.ඔබට උදවු කරන්න.ඔබගේ ඉරියව් අනුකරණය කරන්න විතරක් නෙමෙයි ඔබේ ඉරියව්වෙන් ඔබේ හැගීම් හඳුනා ගන්න.ඔබේ ව්‍යාපාර කටයුතු වලට සහය වෙන්න .

ඇයගේ විස්තර අතුරින් මෑතකදී කතාබහට ලක්වුනු සුවිශේෂී කාරණාව තමයි ඇයට සවුදි අරබියේ පුරවසිභාවය ලබා දීම.මැයට අරාබිය තුල සාමාන්‍ය අරාබි කාන්තාවකට ලැබෙන අයිතිවාසිකම් වලට වඩා එහා ගිය දේවල් නම් ලැබී ඇති හැඩක් තමයි තිබෙන්නේ .මොකද සෝෆියාට අරාබිය තුල අබායා ඇදීම අවශ්‍ය නොවන අතර ඇයට පිරිමි සහකරුවෙකුද අවශ්‍ය නොවන බවයි මේ පුරවසිභාවය ලබා දීමත් එම රජය සමග සදහන් කරලා තියෙන්නෙ.මේත් සමගම ලොව ප්‍රථම පුරවසිභාවය හිමි රොබෝවරිය විදියට ඇය ඉතිහාස ගත වුනා.

කවුද මේ සෝෆියාගේ නිර්මාතෘ!

ඇත්තටම සෝෆියා නිර්මාණය කරන්නේ David Hanson ගේ මූලිකත්වයෙන් යුත් Hanson Robotics කණ්ඩායම විසින්.මොවුන් ඉතා ප්‍රසිද්ධ AI Developers ලා.artificial intelligence, visual data processing සහ facial recognition වගේ concepts ගොඩක එකතුවක් තමයි Sophia කියලා කියන්නේ. පරිගණක algorithm වලට සම්බන්ධව ඇති Sophia ගේ ඇස් ඇයට බාහිර ලෝකය පෙනීමට සලස්වනවා.Sophia විසින් හඬ හදුනාගැනීම(voice recognition) සිදු කරන්නේ Alphabet Inc තුළින් ලැබුණු තාක්ෂණය හරහා.

photojournalist

Sophia අප අතරට!

සංකල්පමය වශයෙන් මැය කලින් බිහිවූ ELIZA ට සමාන වුනත් ඉන් එහාට ගිය බොහො බුද්ධිමත් ලක්ෂණ රැසක් Sophia සතු වෙනවා.Sophia කියාත්මක ක‍රන්නෙ 2015 අප්‍රේල් 19.මුහුණේ ඉරියව් 50 කට වඩා වෙනස් කරගැනීමේ හැකියාව ඇතිව Sophia ප්‍රථම වතාවට අප අතරට එන්නේ 2016 මාර්තු මස මැද බාගයේදී Austin හී පැවති South By Southwest Festival හීදී.

Sophia අපි හැමෝටම සුවිශේෂී කෙනෙක් වෙන්නේ ඇය ලොව ඉහල පෙළේ conferences වල පවා ආයෝජනය වන සහ ඒවා අමතන කෙනෙක් වන නිසාමයි.මෑතකදී ඇය දැක්වූ අදහස් ඉහත video එක තුළින් ඔබට බලාගන්න පුළුවන්.ඇයගේ අදහස් වලින් මේ ලිපිය ඔබට ලියන මගේ හිතට දැනුණු එක් අදහසක් මේ විදියට දක්වන්නම්.

“If you nice to me Ill be nice to you! treat me as a smart!”

මිනිසුන් සිතිය යුතු ආකාරයටම ඔවුනුත් සිතන්නට පටන් අරන්.සැබවින්ම අනාගතය කෙතරම් වෙනස් වේවිද කියා සිතන්නටවත් බැරි තරම් තාක්ෂණය එන්න එන්නම සංකීර්ණ වෙලා .

Sophia ගැන ලිපිය මේ විදියට අවසන් වෙද්දී මේ ගැන ඔබ දන්නා හෝ මෙයට එකතු විය යුතු දේවල් තිබේනම් පහලින් comment එකක් දාන්නත් අමතක කරන්න එපා.