මේ දවස් වල tech field එකේ කට්ටියට facebook wall එකේ වගේම whatzapp status හරහා ත් නිතර දකින්න ලැබෙන මේ Inspiro Camp එක ගැන කියවෙන post නිසා කට්ටියම මේ ගැන හරිම කුතුහලෙන් තමයි ඉන්නේ.අන්න ඒ නිසාම අද අපි තීරණය කලා හැමතැනින්ම ඇහෙන මේ Inspiro Camp 2K18 ගැන ඔබට ලියන්න.

මොකක්ද මේ Inspiro Camp 2K18!

Tech field එකේ ඉන්න බොහෝ දෙනෙක් අලුත් දැනුම සොයා යන්න බොහොම කැමතියි.ඇත්තට tech event එකක් කිව්වම ලංකාවේ නන් දෙසින් විශ්ව විද්‍යාල සිසුන් සහභාගී වෙනවා අපිට දකින්න පුලුවන්.Inspiro Camp 2K18 කියන්නෙත් අන්න ඒ වගේ දැනුම සොයා යන, අලුත් දේවල් ඉගෙන ගන්න කැමැත්තෙන් ඉන්න අය වෙනුවෙන් කියාපු තැනක්.Machine Learning, Artificial Intelligence, Web APIs සහ තවත් latest trending technologies ගැනත් එදාට සහභාගි වන අයට දැනගන්න ලැබෙනවා කියල තමයි ආරන්චි!

කවුද මේ event එක කරන්නේ!

එතකොට දැන් හැමෝටම තියෙන කුතුහලය තමයි කවුද මේ event එක organize කරන්නේ කියන එක.ඇත්තටම ඔබ වෙනුවෙන් මේ Inspiro Camp 2K18 ප්‍රථම වතාවට මේ විදියට සංවිධානය කරන්නේ Google Crowdsource Sri Lanka සහ Global Geek Sustainable Learning Kingdom තවත් විදියකින් ඔබට සමීප ආකාරයෙන් කිව්වොත් ඔබ වෙනුවෙන් නිතරම tech ලොව අලුත් දැනුම භාෂා තුනෙන්ම තිලින කරන GGSLK විසින්.ඇත්තට කිව්වොත් මෙය දින දෙක තුනක හෝ සති දෙක තුනක උත්සාහයක ප්‍රතිඵලයක් නම් නොවෙයි.මෙය මාස ගණනාවක දැවැන්ත උත්සාහයක ප්‍රතිඵලයක්.ඒ වගේම සදහන් කල යුතු තවත් වැදගත් කාරණාවක් තමයි මෙම event එකට ප්‍රධාන අනුග්‍රහය දක්වන්නේ භාෂා ලංකා පෞද්ගලික සමාගම විසින්.

මොනාද මේ තුලින් අපිට ලැබෙන්නේ!

දැන් අපි බලමු මේ event එක තුලින් ඔබට මොනාද ලැබෙන්නේ කියලා.ඇත්තටම එදිනට දැනුමට අමතරව තවත් බොහෝ දේවල් ඔබ වෙනුවෙන් සුදානම් කරලා තිබෙනවා.games, stickers, t-shirt වගේ දේවලුත් ඔබට එදිනට දිනා ගන්න පුළුවන් වෙයි.

Inspiro Camp 2k18

අපි කොහොමද මේකට සම්බන්ද වෙන්නේ!

බොහෝ දෙනෙක්ට දැන් නම් තියෙන ගැටලුව මේක වෙන්න ඕනේ.ඔව් ඇත්තටම ඔබත් technology field එකේ ඉන්න කෙනෙක් නම් ඔබටත් හැකියාව තියෙනවා මේ සමග එක් වෙන්න .Event එක තියෙන්නේ September 15 වෙනිදා උදේ 9.00 සිට දවල් 1.00 වෙනතුරු Dialog Axiata Auditorium හිදී. Event එකට register වෙන්න, තවම registration නම් open කරලා නැහැ.GGSLK page එකත් එක්ක නිතර update එකේ ඉන්න කෙනෙක් නම් registration open කරපු ගමන් ඔබට notification එකක් ලැබේවි.

ඒ කොහොම නමුත් Inspiro Camp 2K18 ගැන තව බොහෝ විස්තර සැගවිලා නම් තියෙනවා.මේකේ logo එක කොහොම වෙයිද!මොන වගේ personalities event එකේදී දකින්න ලැබෙයිද වගේ.

එහෙනම් ඒ අලුත් විස්තරත් සමග අපි ලගදීම නැවතත් හමුවෙමු.