අද වන විට නව අධ්‍යාපන ක්‍රමයට අනුව ඩිජිටල් පොත් ඒවායේ අන්තර්ගතය මතක තබා ගැනීමට සාමාන්‍ය පොත් වලට වඩා වැඩි වාසියක් සපයා දෙයි. මෙහි මූලිකම සජීවිකරණ ක්‍රමයක් ලෙස, යම් කතාවක විස්තරය නැවත මතක් කර දීම සදහා වාචික අන්තර්ක්‍රියා වැඩි දියුණු කිරීම කළ හැකිය. එහෙත් එහි නිරවද්‍යතාවය පිළිබදවද සැලකිලිමත් විය යුතුයි.

ඩිජිටල් පොත් නිශ්චල පින්තූරවලින් මිදී ඒ වෙනුවට චලනය වන පින්තුර, ශබ්ද, පසුබිම් සංගීත ඇතුලත් අතර යම් වචනයක් හෝ ලේබල් එකක් මත click කිරීම වැනි දෙයක් මගින් බොහෝ විට ඒවා ක්‍රියාකාරී වේ.

Carnegie Mellon විශ්ව විද්‍යාලයේ මනෝවෛද්‍ය Erik Thiessen වයස අවුරුදු 3-5 අතර ළමුන් 30 කට සාමාන්‍ය පොතක සහ සජීවිකරණ සහිත ඩිජිටල් පොතක එක් පිටුව බැගින් කියවන්න දී එහි පසුව මතකය ඇගයීමෙන් පර්යේෂණයක් සිදු කර ඇත. පසුව ඔවුන්ගෙන් ඒ ගැන විමසීමේදී සාමාන්‍ය පොතේ දුටු දේට වඩා 15-20% ක් සජිවිකරණය කල පොතෙන් මතක තබා ගැනීමට හැකි වී ඇති බව පැහැදිලි විය. මෙයින් හොදම ප්‍රතිපලයක් දැක ගත හැකි වීමට නම් දරුවා පවසන දෙයට යමක් පැවසීමට හෝ ඒ ගැන යමක් ඇසීමට හැකි ලෙස පොත සජිවිකරණය කල යුතුයි.

Thiessen CMU පුවත් සටහනක පැහැදිලි කර ඇති පරිදි ළමයින් හොදින් ඉගෙන ගැනීම සදහා ඔවුන් ඉගෙනුම් ක්‍රියාවලියට වැඩි වශයෙන් සම්බන්ද විය යුතුය. එහෙත් පවතින බොහෝ ඩිජිටල් අතුරුමුහුණත් (digital interfaces) දරුවන්ගේ ඉගෙනීමේ හැකියාවන් සදහා නොගැලපෙන අතර අපට ඒවා ගැලපෙන ලෙස වෙනස් කල හැකි නම් දරුවන්ට වඩා හොදින් ඉගෙන ගැනීමට හැකි වේ.

මේවා මඟින් ළමයින් සඳහා ඇති සියළුම පොත් සජිවිකරණය කළ යුතු බව අදහස්  නොකරයි. සාමාන්‍ය පොත් වලිනුත් සැමවිටම සිතා ගත නොහැකි ප්‍රයෝජන ඇති අතර මෙම ඩිජිටල් නවෝත්පදනයන්ද ළමයින් ඔවුන්ගේ පින්තුර පොත් අවධිය පසු කල පසු විශාල වශයෙන් උපකාරී නොවේ. මෙයින් දෙන අදහස වන්නේ ඩිජිටල් පොත් ළමයින්ගේ ඉගෙනුම් කටයුතු වලට බොහෝ ප්‍රයෝජනවත් විය හැකි අංගයක් බව සහ ඒවා ළමා පුස්තකාලයකට ඇතුලත් කල විට තේරුමක් නැති එකතුවක් නොවන බවත්ය. එහෙත් මෙහිදී වඩාත් සැලකිලිමත් විය යුතු වන්නේ කිසියම් ඩිජිටල් විශේෂාංගයක් නිර්මාණය කිරීම සහ වැඩි දියුණු කිරීම බොහෝ පරික්ෂකරිව, විවෘත මනසකින් සහ විවෘත ඇසකින් සිදු කල යුතුයි. ඒ වගේම පර්යේෂණ කිරීමෙන් පසු එහි ප්‍රතිපල අනුව නිර්මාණය කිරීමට හෝ වැඩිදියුණු කිරීමට යොමු විය යුතුයි.