අද වන විට smart phone වෙළදපොල රජ කරමින් සිටින්නේ android දුරකථන බව අප කාටත් නොරහසක්.දහසකුත් එකක් android ජංගම දුරකථන අතුරින් හොඳම දෙය මිලදී ගන්නවා කියන එක ලෙහෙසි කටයුත්තක් නෙවෙයි.මෙම android දුරකථන භාවිතා කරන platforms අතර තරඟකාරී වෙනසක් නොතිබුනත් අභ්‍යන්තර සැකැස්මේ වෙනස්කම් නිසා ඇතිවන වෙනස නිසා මේවා අතර පුදුමාකාර තරඟකාරී වෙළදපොලක් නිර්මාණය වී තිබෙනවා.

design එකෙන්, features වලින් හා බර අනුව මෙම Android පද්ධතිය තුල හමුවන විවිධාකාර smart phones, පාරිභෝගිකයන්ගේ ආකර්ශනය දිනා අවසානයි.නමුත් මේ කියූ දේවල් පමණක් smart phone එක කොපමණ ගුණාත්මක ද? යන්න නිගමනය කරන්න ප්‍රමාණවත් නැහැ. එමනිසා අපගේ මේ උත්සාහය වැරදි අවම, ඉතාමත් අනර්ග තත්වයේ Android smart phone එකක් තෝරා ගැනීමටයි.

01.Google Pixel 2 හා Pixel 2 XL Android දුරකථන

Google හි නවතම එළිදැක්වීම ලෙස මෙය හදුන්වන්න පුළුවන්.ඒ වගේම, අනෙකුත් android දුරකථන මෙන් විශාල ප්‍රචාරණයක් නොතිබුනත්, මෙය android දුරකතනයක් අවශ්‍ය පාරිභෝගිකයෙකුට නිර්දේශ කල හැකි මට්ටමේ විශිෂ්ට samrt phone එකක්.

Google Pixel 2 හා Pixel 2 XL හි අගල් 5 හා 6 OLED displays.

Front spacing speakers.

Qualcomm Snapdragon 835 processor.

4GB LPDDR4x RAM .

64 /128GB inboard storage.

02.Samsung Galaxy S9 හා S9 Plus

මෙය තනිකරම S8 හි ශෝධනයක් කිව්වොත් නිවැරදී.තවද Design, display, photography හා performance Galaxy S8 වල සුවිශේෂීතා වන අතර S9හි මේවා වඩාත් හොදින් ඔපමට්ටම් කර තිබෙනවා. ඒ අතරිනුත්මෙහි camera ව සුවිශේෂී.

Single Duel pixel 12MP autofocus sensor සමග OIS.

AR Emoji මගින් ලබාදෙන GIF cartoonමය videos යැවීමේ හැකියාව.

අගල් 5.8 හා 6.2 Quad HD+ AMOLED displays.

4GB හා 6GB RAM හා 64 GB storage.

3.5mm headphone jack.

Exynos 9810 හෝ Snapdragon 845SoC මගින් බලගැන්වීම.

 

03. Samsung Galaxy Note 8

2016න් පසු වෙළඳපොලේ ඇති Note මාදිලියේ මෙම නවතම smart ජංගම දුරකථනය සුපිරි ගුණාංග රැසකින් සමන්විතයි.

18.5:9 අනුපාතය සහිත අගල් 6.3  Quad HD+ display.

ප්‍රියතම apps දෙකක් එකවර  භාවිතා කල හැකි multi windows තාක්ෂනය.

නව ලක්ෂණ සහිත S Penඑක.

අමතර 12 MP sensor හා  OIS සහිත Duel camera setup.

 

04.LG V30

V30 යනු LGහි දැවැන්තම වෙළද නාමයක්.2016 දී නිකුත් වූ V20 හි අඩංගු අගල් 2.1ක තිරයේ ඉහලින් දිස්වන app shortcut feature secondary display,media control හා වෙනත් බොහෝ දෑ එහි සාර්ථකත්වයට බලපෑවා. secondary display එක V30හි නොතිබුනත් Plastic OLED(pOLED) panel යොදාගෙන අගල් 6ක slide out menu එකක් display එකෙහි float වීමට සලසා තිබෙනවා.

Qualcomm Snapdragon 835 සමග එන 4GB RAM.

64GB onboard storage.

3300 mAh battery.

IP68 dust හා water resistance rating.

16MP sensor , f/1.6 apeture සමග Duel rear camera හා 13MP sensor සමග f/1.9 apeture.

Cine Video වැනි Software features.

Hi- Fi Quad DAC.

high-res audio සපයන MQA Supporting.

 

05.OnePlus 5T

OnePlus 5හි design front එක 2017 standards තරමට ප්‍රමාණවත්  නොවූ නිසා OnePlusහි සිදු වු වෙනස්කම් මෙහිදී දැකගත හැකයි.

18:9 aspect ratio සමග අගල් 6.01 full HD+ AMOLED display.

පෙරට වඩා සුපැහැදිලි low light photos ලබා ගත හැකි නවතම intelligent Pixel Technology නම් වු Secondary 20MP sensor.

Face recognition සමග Biometric security

වෙලදපොලේ අනෙක් smart phones වලට සාපේක්ෂව අඩු මිල

 

06.Huwawei Mate 10 Pro

අද වන විට වෙලදපොලේ අනෙක් high-end smart phones වල දැකගත හැකි ලක්ෂණ මෙහිදීද දැකගත හැකියි.ඒ වගේම මෙතක් හොදම huwawei phone එක විදිහට මෙය හදුන්වන පුළුවන්.

18:9 ratio සමග අගල් 6ක OLCD display.

2160 x1080 ක full HD+ resolution ඇති  huwaweiහි  in house octa core Kirin 970 processor සමග dedicated Nueural Processing Unit මගින් faster on board AI processing හැකියාව.

4GB RAM හා 64 GB storage හෝ  6GB RAM හා 128 GB storage ලෙස upgrade කර ගත හැක.

3.5mm headphone jack.

ඇතුලත Android 8.0 Oreo ඇත.

IP67 dust හා water resistance rating.

4000 mAh battery.

පැයක් ඇතලත full charge වීමට හැකි battery ය.

20MP RGB sensor හා බැදුණු Duel camera setup හා 20MP monochrome sensor.

 

වැඩි දුර තොරතුරු සඳහා මේ හරහා  පිවිසෙන්න.