අද වන විට ලොකු කුඩා කවුරුත් අන්තර්ජාලය භාවිතා කරනව. අන්තර්ජාලය භාවිතා කරද්දි , බෝහෝ දෙනෙක්ට තියේන ගැටලුවක් තමයි , තමන්ගේ අන්තර්ජාල වේගය ගැන. සමහර පුද්ගලයන් පවසනව , තමන්ට අධිවේගි අන්තර්ජාල වේගයක් නැති බවත් , තවත් සමහර පුද්ගලයන් පවසනව තමන්ට ප්‍රමාණවත් අන්තර්ජාල වේගයක් තියේන බව. මේවට හේතු වෙන්නේ , අන්තර්ජාල වේගයන් ලැබෙන්නේ තාක්ෂණික ක්‍රම වේදයන් මගින් නිසයි.

* අපි අන්තර්ජාල භාවිතයේ මුල් යුගය ගැන හිතද්දි , ඒ කාලේ තිබුනේ 1G කියන තාක්ෂණය. මෙහිදි G අකුරේන් කියන්නේ Generation කියලයි. මේ 1G තාක්ෂණය 1980දි ඇමරිකාවේදි තමයි මුලින්ම එළි දැක්වුනේ. මෙහි වේගය වුනේ 2.4 Kbps (0.0003 MB/s ) විතර. මේ වේගය ප්‍රමාණවත් නැති නිසා , මෙතනින් එහාට යන්න ඕන වුනා.

* ඒ අනුව , 1991දි 2G තාක්ෂණය ෆින්ලන්තයේදි GSM ( Global System for Mobile Communications ) වලට හදුන්වා දුන්නා. අපි කාටත් හුරු පුරුදු වචනයක් වන GPRS කියන වචනය මෙයින් තමයි මුලින්ම කරළියට එන්නේ. 2G සමග GPRS ( General Packet Radio Service ) භාවිතා වෙන එකට 2.5G තාක්ෂණය කියල හැදින් වුවා. 2.5G එකේ වේගය 50 Kbps (0.00625 MB/s ) විතර වුනා. ඉන් පසුව , EDGE ( Enhanced Data Rates for GSM Evolution ) කියන තාක්ෂණය ආවා. මෙය 2.75G කියල හැදින් වුවා. 2.75G වල වේගය 1 Mbps (0.125 MB/s ) විතර වුනා.

* එන්න එන්නම ලෝකය දියුණු වෙද්දි , අපට වැඩි වේගයක් අවශ්‍ය වුනා. ඒ අනුව , 1998දි ජපානයේදි 3G තැක්ෂණය ලෝකයට එළි දැක්වුවා. 3G WCDMA වල වේගය වුනේ 384 Kbps (0.048 MB/s ) විතර. ඉන් පසුව , 3.5G හෙවත් HSPA තාක්ෂණය , 7.2 Mbps (0.9 MB/s ) වේගයක් සමගින් පැමිණියා. ඊටත් පසුව , 3.75G හෙවත් HSPA+ තාක්ෂණය 21.6 Mbps ( 2.7 MB/s ) වේගයක් සමගින් ලෝකයට එලි දැක් වුනා.

* අපිට , මෙතනිනුත් එහාට යන්න ඕන වුනා. ඒ අනුව තමයි 4G තාක්ෂණය ලෝකයට එන්නේ. වර්තමානය වෙද්දි 4G තාක්ෂණය ගැන තමයි කවුරුත් කතා වෙන්නේ. නමුත් , 4G වල හිතපු තරම් අධිවේගයක් නොලැබුන නිසා , ඒ අදාල පුද්ගලයන්ට , මේ තාක්ෂණය දියුණු කරන්න වුනා. ඒ අනුව , දැනට ප්‍රායෝගිකව ලබා ගන්න පුලුවන් අධිවේගිම අන්තර්ජාල වේගයක් තියේන 4G-LTE තාක්ෂණය ලෝකයට පැමිණියා. LTE කියන වචනයේ තේරුම වෙන්නේ Long Term Evolution කියන එකයි. ඒනම් , 4G තාක්ෂණය ඉතාමත්ම හොද වේගයක් සහිතව දියුණු කරා කියන එකයි මෙයින් අදහස් වෙන්නේ. 4G-LTE වල වේගය වෙන්නේ 100 Mbps ( 12.5 MB/s ) විතර.

ඒ වගේම , 4.5G තාක්ෂණය හෙවත් 4G-LTE-A තාක්ෂණය ගැනත් කතා වෙනව. නමුත් , 4G-LTE-A වලට වඩා දැන් වෙද්දි කෙළින්ම 5G ගැන තමයි අවධානය දිලා තියේන්නේ.

* මේ දිනවා බෝහෝ දෙනෙක් කතාබහ වෙන්නේ 5G තාක්ෂණය ගැනයි. ඒ වගේම ඩයලෝග් ආයතනය දකුණු ආසියාවේ පළමු වතාවට 5G තාක්ෂණය ශ්‍රී ලංකාවේදි සාර්ථකව අත්හදා බැලුව.

5G තාක්ෂණය කියන්නේ දැනට එන්න තියේන අධිවේගිම අන්තර්ජාල වේගය සහිත අලුත්ම තාක්ෂණය.

ඇයි ලෝකයට 5G තාක්ෂණයක් අවශ්‍ය වෙන්නේ ??

#. අපි දැනටත් , අපේ ජංගම දුරකතන , පරිගණක වගේ දේවල් අන්තර්ජාලය සමග සම්බන්ද කරන් කටයුතු කරනව. නමුත් , ක්‍රමක් ක්‍රමයේන් දියුණු වන ලෝකයේ , අපට මේ දේවල් වලට අමතරව අපි ලග තියේන ඉලේක්ට්‍රෝනික උපකරණ , රථ වාහන වගේ දේවලුත් අන්තර්ජාලය සමග සම්බන්ද කරන් කටයුතු කරන්න වෙනව. මේ වගේ වෙද්දි , අපි දේයක් කරල යම්කිසි වෙලාවක් ගිහින් , ඒ අදාල දේ වෙන එක අවුල් වැඩක්. මෙහම හිතන්නකෝ , අපි ලයිට් එකක් On කරනව. නමුත් එක වෙන්නේ තත්පර 30ක් විතර වගේ ගිහින් නම්. දේයක් කරල , යම්කිසි වේලවක් යන්ව නම් , ඒ කරපු දේට අදාල ප්‍රතිපල ලැබෙන්න. අන්න , එකට කියනව Latency එකක් කියල.

ඒ නිසා , අදාල තාක්ෂණයට පුලුවන් වෙන්න ඕන උපාංග විශාල ප්‍රමාණයක් එකවරම , Latency එක බෝහෝමත්ම අඩුවෙන් , මෙහයව ගන්න. මෙහිදි තමයි 5G ඕන වෙන්නේ. මොකද 5G වල Latency එක වෙන්නේ 1MS එකක් ( මිලි තත්පර 1 ) වගේ සුළු ප්‍රමාණයක් විතරයි.

#. දැනට වාර්තා වෙන පරිදි , මේ 5G ඇන්ටනා එකකට පුලුවන් එකවර උපාංග ලක්ෂයක් පමණ මෙහයවන්න. 4G ඇන්ටනා එකකට පුලුවන් වෙන්නේ , එකවර උපාංග 100 – 200 වගේ මෙහයවන්න.

#. ඒ වගේම , ඔබලා COD , DOTA වගේ Multiplayer Games සෙල්ලම් කරනව නම් , සමහර වෙලාවට , ගේම් එක පොඩ්ඩක් හිර වෙනව. සමහර වෙලාවට , අපි කරන දේ , ඒ එක්කම නොවි , පොඩ්ඩක් පහු වෙලා වෙනව. ඒනම් , Latency එකක් තියේනව. මේ වගේ දේවල් මගහරව ගන්නත් 5G උපකාරි වෙනව. මොකද , 5G වල Latency එක 1MS වන නිසා ගොඩාක් Accurately සෙල්ලම් කරන්න පුලුවන්.

#. ඒ වගේම , යම්කිසි ප්‍රදේශයක 5G භාවිතා කරන පිරිස් වැඩිපුර ඉන්නව නම් , ඒ වැඩිපුර පිරිසක් ඉන්න ප්‍රදේශයට , වැඩිපුර 5G සිග්නල් යවන්න හැකියාවත් , මේ 5G තාක්ෂණයට තියේනව. මේකට කියනව Beamforming කියල. මේ නිසා , අන්තාර්ජාල සේවා භාවිතා කරන පිරිස් වැඩි වුනත් , අපට ඉතා හොද වේගයක් ලබා ගන්න පුලුවන්. සියලුම ප්‍රදේශ වල අන්තර්ජාල සේවා භාවිතා කරන පිරිස් සැලකිය යුතු ගණනක් සිටියෝත් , ඒම සියලුම ප්‍රදේශ වලට සමානව සිග්නල් ලබා දෙනව. මේ පහල පින්තුරය බලන්න.

#. ඒ වගේම , 5G ලබා ගෙන තියේන කිසියම් උපාංගයක් , ඉන්න තැන සිට වෙනත් තැනකට යනව නම් , ඒ උපාංගය ට්‍රැක් කර ගෙනම , ඒ සිගනල් ලබා දිමේ හැකියාවත් , මේ 5G වලට තියේනව. මේකට කියනව Beamtracking කියල.

හරි , මේ 5G තාක්ෂණය නිසා ඉදිරියේදි මිනිසුන් අතර වගේම රථ වාහන අතරත් සන්නිවේදනය ඉතාමතම ඉහලින් දියුණු වෙන්න පුලුවන්. ඒ වගේම , දැනට 5G එකේ වේගය ගැන නම් මම මුකුත් කියන්නේ නැ. මොකද තවමත් 5G තියේන්නේ අත්හදා බැලිමේ මට්ටමේ. නමුත් , කලින් කිව්ව විධියට ඩයලෝග් ආයතනයේන් 5G අත්හදා බලද්දි , මේ පහල පින්තුරයේ පෙන්වා ඇති පරිදි , 35Gbps ( 4375 MB/s හෝ 4.375 GB/s ) වේගයක් ලැබුනා. ඒම වේගයට ලගින්වත් යන වේගයක් ප්‍රායෝගිකව ලබා ගන්න් පුලුවන් වුනෝත් , ඒක ඉතාමත්ම වටිනව.

ඒ වගේම කියන්න ඕන , මේ ඉහලින් කියල තියේන තාක්ෂණයන්ට අදාලව , එහිදි කියල තියේන අන්තර්ජාල වේගයන් , Theoretical වේගයන් විතරයි. අපට එදිනෙදා , ජිවිතයේදි ප්‍රායෝගිකව ලබා ගන්න පුලුවන් වෙන්නේ , මේ කියල තියේන වේගයන් වලට වඩා අඩු වේගයන්.

සැලකිය යුතුයි – ඒ වගේම , සියලුම අන්තර්ජාල වේගයන් කියල තියේන්නේ Mbps ( Megabit per second ) වලින් හා MB/s ( Megabyte per second ) වලින්. ඒනම් , 1 Mbps කියන්නේ , එක තත්පරයකදි , මෙගාබයිට් 1ක් යනව කියන එක නෙමේ. මොකද 8 Mbps තමයි , මෙගාබයිට් 1 ක් වෙන්නේ ( 8 Mbps = 1 MB/s ). ඒ අනුව , 1 MB/s කියන්නේ , එක තත්පරයක් තුලදි , මෙගාබයිට් 1ක් යනව කියන එකයි.