අපි හැමෝම දන්න පරිගණක නිෂ්පාදන සමාගමක් Acer තමයි කියන්නේ. එයාලා මෑතකදි කියල අඟල් 14ක තිරයකින් හැඩගන්වපු Swift Laptop එකක් වෙළඳ පොළට නිකුත් කරා. මේක කාගෙත් කතා බහට ලක්වුණ පරිගණකයක් බවට පත් වුණේ මේකෙ අඩංගු වෙලා තිබුණ විශේෂාංග නිසයි. එහිම තවත් දිගහැරුමක් ලෙස අඟල් 15.6ක තිරයකින් හා තවත් වැඩි දියුණු වුණ විශේෂාංග සමගින් තවත් Swift 5 Laptop එකක් නිකුත් වීමට සූදානම්. අද කියන්න සූදානම් වෙන්නේ Acer සමාගම ප්‍රකාශයට පත් කළ මේ Acer Swift 5 Laptop එක ගැනයි.

අළුත් Swift 5හි කැපී පෙනෙන features

1. සැහැල්ලු නිමාව

මැග්නීසියම් හා ලිතියම් මිශ්‍ර ද්‍රව්‍යයකින් තමයි මේ Swift 5 Laptop එක හදල තියෙන්නේ. Acer වෙබ් අඩවිය කියන විදියට මේකෙ බර කිලෝග්‍රෑම් 1කට වඩා අඩුයි. ඒ කියන්නෙ අනිවාර්යෙන්ම බරින් අඩු එකක්. දැනට ආපු ගණකමින් ඉතාම අඩු (මිලිමීටර 15.9ක් පමණ) Laptop එකක් විදියටත් මේක සලකන්න පුළුවන්.

2. උසස් තත්වයේ තිරයක් (Display)

මේ පරිගණකයට 1080 Full HD, IPS මාදිලියේ අඟල් 15.6කින් යුතු ඉතා හොඳ display එකක් තියෙනවා. මේ තිරයේ screen-to-body අනුපාතය 87%ක් පමණ වෙනවා.  ආලෝක තත්වය අනුව තිරය විසින්ම තිරයේ වර්ණය සහ දීප්තිය හසුරුවා ගැනීමට හා ගැමා කිරණ මනාව පාලනය කරමින් ඉතා පැහැදිලි රූප රාමු ලබාදීමට මේ Swift 5 සමත්කම් දක්වනවා. මේ සඳහා මූලික වෙන්නේ Acer භාවිතා කරන Acer Color Intelligence™ technology එක.

3. නවතම hardware සැකැස්ම

මෙහි 8th Gen Intel Core i5 processor එකක්, 16 GB ධාරිතාවක් සහිත DDR-4 Ram එකක් හා 1 TB ධාරිතාවක් සහිත SSD hard disk එකක් අන්තර්ගත වෙනවා. SSD hard එකක් කිව්ව ගමන්ම මේ Laptop එකේ performance හිතාගන්න පුළුවන් නේද? සාමාන්‍ය පරිදි, බාහිර උපාංග සමග සම්බන්ධ වීමට USB Type-C port එකක්, USB 3.1 Type-A ports දෙකක් , HDMI port එකක් හා SD card reader එකකුත් තියෙනවා.

4. අංශක 180ක් තිරය නැමීමේ හැකියාව

සාමාන්‍යයෙන් laptop එකක් අංශක 180ක්ම නවන්න බැරි බව අපි හැමෝම දන්න දෙයක්. ඒත් මේ Swift 5 ඊට හාත්පසින්ම වෙනස්. අංශක 180ක් වනතුරු කිසිම ප්‍රශ්නයකින් තොරව උඩු තිරය නැමීමේ හැකියාව මෙයට ඇතුළත් වෙනවා. ගොඩක් වෙලාවට අත් වැරදීමෙන් අපි අතින් තිරය බොහෝ පසුපසට නැමෙන අවස්ථා එනවා. මේ වගේ අවස්ථා වලදී පරිගණකයට හානි වෙන්න පුළුවන්. ඉතිං මේ දුර්වලතාව Swift 5හි නෑ. Windows Hello සමග වැඩ කළ හැකි Fingerprint Reader එකක් තිබීමත් මෙහි තවත් විශේෂත්වයක්.

The Verge වෙබ් අඩවිය පවසන පරිදි Acer සමාගමෙන් මේ පරිගණකය සඳහා නියමිත මිලක් හෝ නිකුත් වන දින වකවාණු තවමත් ප්‍රකාශයට පත් කරල නෑ. කොහොම වුණත් මේ වසර අවසන් වීමට පෙර මේ අළුත් සාමාජිකයා වෙළඳ පොළට නිල නොලත් ආරංචි මාර්ග වලින් පැවසෙනවා.

මූලාශ්‍රය :

https://www.theverge.com/circuitbreaker/2018/5/23/17384422/acer-swift-5-15-inch-screen-updated-model-intel-processors-bezels

https://www.acer.com/ac/en/US/content/series-design/swift5