Android O වල final developer preview කොටස නිකුත් වී තිබෙනවා. මේ අනුව අපිට කියන්න පුලුවන් Android O වල නිකුත් වීමත් වැඩි අෑතක නෙමෙයි කියන දේ. අපි හැමෝම දන්නවා විවිධ පැනිරස අාහාර වර්ග වල නම් වලින් තමයි මේ තාක් දුරට අාපු සෑම Android version අාවේ. අන්තිමට අාවේ Android Noughet . අැවිත් වැඩි කාලයක් නැති වුනත් අපි හුග දෙනෙක් අතරේ Noughet ජනප්‍රිය වුනා. Android O වලටත් නමක් ලැබේවි Noughet වලට වගේම. දැනට බොහොම ප්‍රසිද්ධ නමකට කියලා තියෙන්නේ Android Oreo කියන නම. Oreo කියන්නේ ක්‍රීම් මැද්දට දාපු බිස්කට් වර්ගයක නමක්.

අපි කථා කරන්න බලාපොරොත්තු වුනේ Android O වල final developer version සමගම ඒකට ලැබුනු අලුත් features ගැන. හුගක්ම වෙලාවට මේ Android 8.0 වල public version, Pixel, Nexus හා Android One devices වලට තුන්වන කාර්තුවේදී නැතිනම් අගෝස්තු අග හෝ සැප්තැම්බර් මුල ලැබීමට ඉඩ තිබේවි.

  • Octopus Easter Egg : අවසාන developer preview කොටසේදී Easter egg කොටස කලින් තිබුනු Neko Atsume cat catcher game සිට Orio looking octopus දක්වා වෙනස් වී තිබෙනවා. මෙහිදී මොහු මුලු තිරය පුරාම සැරිසරනවා දකින්න පුලුවන්.

  • Pixel “Powered by Android” boot screen කොටස පැමිණීම : “Powered by Android” ලෝගෝව pixel devices වල boot screen පහල වර්ණවත් G logo කොටස පහළින් දර්ශනය වේ.
  • Mobile data toggle changed: කලින් developer preview කොටසේ තිබුනාට වඩා මේ developer preview හි toggle change වී තිබෙනවා දකින්න පුලුවන්. මේ වගේම කලින් පාවිච්චි වුන පටු font වෙනුවට පුලුල් විදියට දකින්න පුලුවන් font වර්ගයක් මේ පාර දකින්න පුලුවන්.
  • Notification Dots: ඔබ Google IO 2017 නැරඹුවෙක් නම් ඔබට notification dots මතක අැති. මේ Notification dots, android O සමග ඔබට භාවිතා කිරීමට ලැබෙනවා. මේ dots, developer preview 3දී standard blue color වලින් අපිට දකින්න ලැබුනත් මේ පාර සිට දිගටම විවිධ වර්ණ වලින් නිර්මාණය වී තිබෙනවා.

  • Bug fixes : කලින් අවස්ථා වල තිබුනු battery drain issue, camera launch delay වගේ අඩුපාඩු මේ version ඒක වෙනකොට නැතිවෙලා ගිහින් තිබෙනවා.
  • System App Icon : System apps වලට updated icon ලැබී තිබෙනවා. අපි ඉස්සර ඉදන්ම දන්න Android head මෙහිදී නැවතත් දකින්න පුලුවන්. Pixel devices වල මේක circular icon විදිහටත්, Nexus devices වල squre icon විදිහටත් මේවා පවතිනවා.

මේ වගේ තවත් විස්තර ගණනාවක් සමග මීලග ලිපියෙන් නැවත හමුවෙන්නම්…