Android Oreo තමයි ලෝකයේ වැඩිපුරම භාවිතා කරන mobile phone operating system එක වන Android පවුලේ අළුත්ම සමාජිකයා. කලින් නිකුත් කර තිබෙන Android version වල නැති features ගණනාවක් මෙහි අඩංගු වෙලා තියෙනවා. Autofill, Picture-in-Picture, Notification Dots කියන්නේ මේ features වලින් කිහිපයක්. පහත Link එක භාවිතා කරලා Android Oreo ගැන වැඩිදුර විස්තර සොයාගන්න පුළුවන්.

https://www.android.com/versions/oreo-8-0/

මුලින්ම Android Oreo අපිට දකින්න ලැබෙන්නේ Pixel, Pixel XL, Nexus 6P සහ Nexus 5X කියන mobile phone වල. ඉතින් අනෙකුත් Android phones වලටත් Android Oreo වලට ගැලපෙන විදියට update වෙන්න කාලය එළඹිලා. දින කිහිපයකට කලින් Android Oreo HTC mobile phones වලටත් ගෙන එන බවට ඉගියක් පලවෙලා තිබුනා. මේ ඉගිය දකින්නට ලැබුනේ නම් Twitter වල. හරියටම කිව්වොත් කෙනෙකුට දීපු පිළිතුරක්. ඉතින් කෙනෙකුට මෙය නිල වශයෙන් ප්‍රකාශ කරල නැති නිසා පිළිගන්න අමාරු වෙන්නත් පුළුවන්.

කොහොමවුනත් මේ Twitter පණිවිඩයෙන් කියවෙන්නෙ  ඔවුන් ළගදීම HTC වලටත් Android Oreo හදුන්වාදෙන බවයි.

තාක්ෂණික අංශයෙන් බැලුවොත් නම් HTC hardware device එකක් සතුව දැනටමත් Android Oreo පවතිනවා. ඒ තමයි Pixel. මොකද Pixel වල contract manufacture වෙන්නේ HTC නිසා.  නමුත් Pixel කිසිම HTC device එකක් මත පදනම් නොවන බව Google සමාගම පවසන නිසාමද මන්දා HTC එය ඔවුන්ගේ ජයග්‍රහණයක් විදියට සලකන්නේ නැහැ වගෙයි.

Android Oreo හදුන්වාදීමට සැරසෙන HTC devices විදියට Twitter පණිවිඩයේ සදහන් වෙන්නේ HTC U11, HTC U Ultra සහ HTC 10 පමණයි. අනෙකුත් HTC phones ගැන ඔවුන් සදහනක් කර නැහැ. මේ mobile phone තුනම නිකුත්කර තිබෙන්නේ පසුගිය වසර කිහිපය තුල.

නමුත් HTC සදහා Android Oreo හදුන්වාදීමට තවත් කාලයක් ගතවිය හැකිබවයි මේ ගැන උනන්දු වන අය නම් පවසන්නෙ.