බොහෝ android users ලට sms කියන්නේ නැතුවම බැරි දෙයක්.කාලයක් තිස්සේ තියෙන මේ sms messaging ක්‍රමය බොහෝ දෙනෙක් අතර ප්‍රචලිත වෙන්න හේතු බොහොමයක් තිබුණා.ඉතා පහසුවෙන් මෙය භාවිත කල හැකිවීම සහ ඕනෑම කෙනෙකු සමග sms භාවිත කර message කල හැකි වීම ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා.

නමුත් කාලයත් එක්ක whatzapp,facebook messenger වගේ messaging apps අප අතරට එද්දී users ල බොහොමයක් ඒ වෙත යොමු වෙනවා.මොකද sms තුළින් නොලැබෙන විශේෂ දේවල් ඒ හරහා ලබා ගත හැකි නිසා.ඒ දේවල් මොනාද කියලා අපි දැන් බලමු.

  • ඉතා හොද quality එකකින් යුතු images,videos පහසුවෙන් යැවිය හැකි වීම.
  • Stickers වැනි අමතර පහසුකම් ලැබීම.
  • User Friendly Interface එකක් තිබීම.

මේ වගේ බොහෝ හේතුත් එක්ක Google ආයතනයට අවශ්‍ය වෙලා තියෙනවා මේ හැම පහසුකමක්ම තියෙන messaging feature එකක් නිර්මාණය කරන්න.එය නමින් Google Chat.Android phone වලට default එන sms messaging ක්‍රමය, මේ හරහා replace කරන්නටයි ඔවුන් සුදානම් වෙන්නේ.හරියට iPhone වල iMessage Service එක වගේ.

ඉතින් අපි දැන් බලමු මොවුන් කොයි විදියටද මේ දේවල් Google Chat වලින් කරන්න හදන්නේ කියල!

  • RCS(Rich Connection Services )කියන තාක්ෂණය භාවිත කරලා තමයි මොවුන් මේ දේ කරන්නේ.
  • ඒ වගේම මේ Google Chat භාවිත කරන්න නම් data connection එක අවශ්‍යම වෙනවා.

සාමාන්‍යයෙන් අපි දැනට භාවිතා කරන sms මගින් අපිට වඩා බොහෝ ප්‍රතිලාභ ලැබෙන්නේ mobile company එකට.මොකද regular sms ක්‍රමය තුල වැය වන මුදල whatzapp message එකක් සමග සංසන්දනය කරන විට සැහෙන්න වැඩියි.

Android OS එකකින් වැඩ කරන ඔනෑම mobile එකකට ඉදිරියේදී මෙම Google chat messaging ක්‍රමය in-built app එකක් විදියට පැමිණෙන අතරම Microsoft ආයතනයත් මේ සදහා තම කැමැත්ත පළ කරලා තිබෙන බවයි සදහන් වෙන්නේ.ඒ කියන්නේ Google chat අපේ desktop එකෙත් use කරන්න පුළුවන්.හරියට අපි QR code එක scan කරලා whatzapp desktop එකෙන් use කරනවා වගේ.

මේ ගැන තවත් බොහෝ තොරතුරු දැනගන්න නම් අපිට ටිකක් ඉවසන් ඉන්න වෙනවා.ඒ කොහොම නමුත් මෙය අප අතරට එන්නේ කවදද කියන එකනම් තීරණය වෙන්නේ මුලින්ම Google Chat, in -built app එකක් විදියට තිබෙන mobile එකක් අප අතරට එන දිනය මතයි.බොහෝ දුරට ඉදිරි සතිය තුල පැවැත්වෙන Google IO එකේදී මේ ගැන තවත් විස්තර දැනගන්න අපිට පුළුවන් වෙයි.

එතකන් මේ video එක බලල ඔයාට පුළුවන් වෙයි මේ ගැන තව දුරටත් idea එකක් ගන්න.