මෙම ලිපිය කියවන ඔබ ස්මාර්ට් දුරකතනක් නිසැකවම භාවිත කර ඇත. ස්මාර්ට් දුරකතන මෙහෙයුම් පද්ධති අතරින් වඩාත් ජනප්‍රිය මෙහෙයුම් පද්ධතියක් වන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණය මේවන විට සූදානම් බව එම සමාගම මීට පැය කිහිපයකට පෙර නිලවශයෙන් නිවේදනය කරන ලදී. ඇන්ඩ්‍රොයිඩ් 9(ANDROID PIE) ලෙස නම් කර ඇති එය ඔබ අතට පත් වන්නේ කෘතිම බුද්ධිමය(artificial intelligence) සහ සමගාමී සියලුම තාක්ෂණයෙන් යුතුවය.

ඔබගෙන් ඉගෙන ගන්නා මෙම මෙහෙයුම් පද්ධතිය ඔබට වඩාත් සමීපව ඔබගේ මීළඟ කාර්යයන් පවා අවදානයට ලක් කිරීමත්,පහසුව සහ කාර්යක්ෂමතාවය ඉතාම ඉහල මට්ටමක  තබා ගැනීමත් සිදුකරයි. ඔබ වැඩිපුර භාවිත කරන ඇප් සදහා මූලිකත්වය දීමත් එම ඇප් සදහා වැඩි බැටරි බලයක් යෙදීමත්, දිනය අවසානයේ ඔබ සහ දුරකතනය අතර සම්බන්ධතාවය දුරස්ත කිරීමටත් මෙම සංස්කරණයෙන් ඔබට උපකාරී වෙයි.

ඔබ දුරකතනය භාවිත කරන රටාවන් වලට අවදානය යොමු කරමින් ඒවාට හුරුවවීමත්  ඊට අදාලව දුරකතනය සැකසීමත් මෙමගින් සිදුවෙයි.වඩාත් පලදායීව බැටරි බලය මෙහෙයවීම (Adaptive Battery) ,ආලෝක තත්වය පාලනය(Adaptive Brightness)වැනි යෙදවුම් මෙහි අන්තර්ගතවේ.

ඔබගේ එදිනදා කාර්යයන් හා වඩාත් සමීපවෙමින් ඔබගේ මීලග මොහොත වඩාත් සුදුසු අකාරයකට සිදුකිරීමට ඔබව යොමු කිරීමට මෙයට හැකියාව ඇත. ඔබගේ කාර්යක් අවසානයේ ඔබ දුරකතනයට හෑන්ඩ්ෆ්රී(hand-free) සම්බන්ධ කිරීමේදී Android Pie මගින් ඔබගේ මවට දුරකතන ඇමතුමක් ලබා ගැනීමට හෝ ඔබ වඩාත් ප්‍රියකරන ගීතයක් ඇසීමට ඔබගේ දුරකතනය මෙහෙයවනු දැකීම සැබැවින්ම සතුටට කරුණකි. තවද ඔබව නව කාර්යන් සදහා යොමු කිරීම, GOOGLE සෙවීම් වඩාත් වේගවත් හා කාර්යක්ෂම කිරීම, HOME Key සදහා නවතම කාර්යන් කිහිපයක් හදුන්වාදීම හා එමගින් Swipe-up මුහුණුවරකින් සහ සම්පූර්ණ තිරයක් සහිත පෙර යෙදවුම් දිස්වීම හා ඒවා නැවත වේගවත්ව භාවිත කිරීමට හැකිවීම මෙහි සුවිශේෂී වෙයි.

තාක්ෂණය සහ ඔබගේ දිනය සමබර කිරීම සදහා උපායන් කිහිපයක් මෙමගින් හදුන්වා දී ඇත. New dashboard මගින් ඔබ සහ ඔබගේ දුරකතනය භාවිතය වඩාත් ඔබට පලදායී කරවයි.  App timer මගින් වඩාත් සමබර ඇප් භාවිත කිරීමක් සිදුකරයි. Do not Disturb පහසුමක මගින් දුරකතන තිරය මත දිස්වන පණිවිඩ(notification,pop ups) පාලනය කරවයි. Wind down පහසුකම මගින් රාත්‍රී කාලය සදහා වඩාත් සමීප මුහුණුවරක් සකසයි.

ආරක්ෂිත උපායන් පිළිබඳව වඩාත් සැලකිලිමත් වෙමින් bio-metrics, TLS ,DNS භාවිතයෙන් වඩාත් ආරක්ශාකාරීව දත්ත හුවමාරුව සහ මෙහෙයවීම මෙමගින් සිදුකරයි. වඩාත් සංවේදී දත්තයන් වන බැංකු ගිණුම් තොරතුරු හා වෙනත් තොරතුරු මෙහෙයවීමට සුවිශේෂී චිප් (Dedicated chip)එකකින් මෙය සමන්විත වෙයි.

මෙවැනි නවතම තාක්ෂණික සැකසීමකින් බලගැන්වෙන Android 9 ඔබගේ ජීවිතය වඩාත් පහසු කරනවා සේම ඔබව වඩාත් යහපත් දුරකතන භාවිතයකට හුරුකරවයි.තවත් බොහෝ පහසුකම් රැසක් සහිතව ඉතාම ඉක්මනින් ඔබට මෙම නවතම අත්දැකීම ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.