මේ ආරංචිය ගොඩාක්ම සුභ එකක් වෙන්නේ වැඩිපුර සින්දු අහන්න කැමති අයටයි. සමහරවිට මේ ලිපිය කියවන ඔයාත් නිතරම දුර ගමන් බිමන් වල යෙදෙන කෙනෙක් වෙන්න ඇති. එහෙනම් තමන්ගේ phone එක නැත්තන් ටැබ් එක අරගෙන එක දිගට සින්දු අහගෙන යන පුරුද්ද ඔයා ළඟ නැති වෙන්න බෑ. එහෙමත් නැත්තම් ඔයා තමන්ට හම්බවෙන පුංචි විවේක කාලයේදී තමන්ම හදාගත්ත playlist එකක සින්දු එක දිගට අහන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ කොහොම අලුත් technology එකේ trends ගැන උනන්දු වෙන ඔයා දැනටමත් podcast ගැන නම් නොදන්නවා වෙන්න බෑ. මේ විස්තරේ, Google සමාගම විසින් podcast සඳහා හඳුන්වාදුන් අලුත්ම ප්‍රවණතා ගැනයි.

මෙම podcast app එක Google Assistant සමඟ ඒකාත්මික කල හැකියි. ඒ නිසා Google Assistant භාවිතා කරන අවස්තාවක ඒ මඟින්ම ගීත සෙවීම, ඒවා play කිරීම සහ නතර කිරීමද සිදුකල හැකිය. මෙම app එක භාවිතා කරන්නා විසින්ම සකස් කරගත් ගීත ලැයිස්තුවක ගීත එකින් එක ඇසීම සහ එය අතරමඟ නතර කිරීම පෙරට වඩා පහසු බවත් පසු ආවස්තාවකදී, අතරමඟ නැවතූ තැනින්ම ගීත ශ්‍රවනය ඇරඹිය හැකි බවත් මෙහි නිර්මාණකරුවන් විසින් මාධ්‍යට කියා තිබෙනවා.

Google සමාගම කියන ආකාරයට මේ app එක සඳහා අලුතින් කෘතීම බුද්ධිමය අංග (Artificial Intelligence concepts) ඇතුලත් කිරීමටත් ඔවුන් බලාපොරොත්තු වෙනවා. මෙයින් තමන්ට ඇසෙන දේ text එකක් වශයෙන් කියවිය හැකි පහසුකමක් නිර්මාණය කරන බවයි ඔවුන් කියන්නේ. මේ අංගය, ගෝෂාකාරී වටපිටාවක සිට ගීත වලට හෝ වෙනත් ශ්‍රවන පට වලට ඇහුම්කන් දෙන කෙනෙකුට වගේම දීර්ග කාලීනව එකම දෙයක් වෙත ඇහුම්කම් දී සිටීමට අකමැති කෙනෙකුට ඉතාමත් සුදුසු බවයි ඔවුන් විශ්වාස කරන්නේ.

මේ සඳහා ඔවුන් ඉංග්‍රීසි භාෂාවට අමතර භාෂා ගණනාවක් යොදාගැනීමට සුදානම් වී සිටිනවා කියලයි ආරංචිය. සංගීතය කියන්නේ විශ්ව භාෂාවක් නේ. ඒ නිසා ඔවුන් මේ පහසුකම භාෂා ගණනාවකින් ලබාදීමට කටයුතු කරන එක නම් ගොඩක් හොඳ දෙයක් කියලයි මට හිතෙන්නේ. ඒ මඟින් podcast සමඟ ඒකරාශී වන පිරිස තවත් වැඩි වන බවට නම් කිසිම සැකයක් නැහැ.

ඉතින් දැන් ඔයාගේ android phone එකට හෝ ටැබ් එකටත් මේ app එක download කරගන්න ඔයාට පුළුවන්. ඒ සඳහා පහත link එක භාවිතා කරන්න.

https://play.google.com/store/apps/details?id=com.google.android.apps.podcasts