අද දවස ඇතුලත අහන්න සිදු වුනු දරුණුම පුවත තමයි, google ආයතනයට ඩොලර් බිලියන 5ක් තවත් විදිහකට කියනවනම් යුරෝ මිලියන 4.3ක දඩ මුදලක් ගෙවන්න සිදු වෙලා තිබෙනවා antitrust law එක බිඳ දැමීම යන වරද යටතේ.

මොකක්ද මේ antitrust law? Antitrust law එකක් සලකා බලනවා සෑම industry එකකදීම. manufacturing, transportation, distribution හා marketing වගේ. මේ නිතිය ආවේ trade කිරීමේදී වෙන වැරදි අඩුපාඩු නවත්වන්න. Antitrust law එක හුගක්ම වැදගත් වෙන්නේ open marketplace එකකට. විකුණන කට්ටිය වැඩි උනාට පස්සේ තරඟය වැඩි වෙනවා. මේකත් එක්කම වෙළෙන්දෝ හොද භාණ්ඩයේ වටිනාකම අඩු කරනවා තමන්ගේ වෙළඳපොල වැඩි කරගන්න. මේ ගැටලුව වලක්වා ගන්න තමයි මේ නීති රීති හදුන්වා දුන්නේ.

ඔවුන්ට දඩ වදින්න හේතුව වුනේ Android mobile operating system එක සතු වූ dominance නැත්නම් අධිපත්‍යය උල්ලංඝනය කිරීම. ඇත්තටම කිවුවොත් Android manufacturersලට හා mobile network operatorsලට අදාල වුනු නීති Google ගෙනාවේ 2011දී. නමුත් ඒවා සක්‍රියව ක්‍රියාත්මක වුන බවක් දකින්න ලැබුනේ නැහැ. මේ වෙද්දී යුරෝපා ජාතීන්ගේ විධායක කමිටුව Google සමාගමට අනතුරු අඟවලා තිබෙනවා දින 90ක් ඇතුලත මේ සම්බන්ධව ක්‍රියාත්මක නොවුන හොත් 5%ක penalty payments ගෙවන්න ලෑස්ති වෙන්න කියලා. මේ වාර්තාව සම්පුර්ණම මෙතනින් කියවන්න.

හැමෝම වගේම Google අයත් තමන්ට හම්බුන දඬුවම අඩුකරගන්න අභියාචනයක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඔවුන් එකේ සඳහන් කරනවා “Android has created more choice for everyone, not less. A vibrant ecosystem, rapid innovation, and lower prices are classic hallmarks of robust competition” විදිහට. දැනටමත් Google අනතුරු අඟවනවා Android වල free business model එකට මේකෙන් අනාගතයේදී සැහෙන ලොකු ප්‍රශ්නයක් ඒවි කියන කාරණාව.

ඔබ සිතන්න එපා Google අයට විතරක් මේ විදියට දඩ නියම වෙලා කියලා. Microsoft සමාගමට ඩොලර් මිලියන 899ක්  2018දී , ඩොලර් මිලියන 561ක් 2013දී, Facebook සමාගම ඩොලර් මිලියන 110ක් 2017දී මේ විදියට දඬුවම් ලැබුවා. නමුත් මෙතරම් ගණනක් දඩ ලැබුණු පළමු අවස්ථාව මෙය. අපි බලමු ඉස්සරහට තවත් අලුත් අලුත් දේවල් මේ ගැන.

නැවත හමුවෙමු…

Source :