Arimac කියන නමත් එක්කම අපිට මතක් වෙන්නේ කන්ඡායුධ. ශ්‍රී ලංකා ඉතිහාසයේ යෝධයා කියන සංකල්පය පාවිච්චි කරලා, නන්දිමිත්‍ර යෝධයා කියන අතීත කතාවට පන දෙන්න Arimac සමත් වෙනවා. වසර පහක් පුරාවට සිදු කරන ලද පර්යේෂණ පරීක්ෂණ ගණනාවකින් පස්සේ කංඡායුධ ක්‍රීඩාව වෙළඳපොල ආක්‍රමණය කරන්න සමත් වෙනවා වැඩි කාලයක් යන්නට මත්තෙන්.
3rd Person action game අතර ලංකාවේ කොල්ලෝ අතින් නිර්මාණය වුනු කංඡායුධ වලින් පස්සේ arimac තමන්ගේ අලුත්ම මෙහෙයුමට සම්බන්ධ වෙලා තිබෙනවා. මේක එසේ මෙසේ මෙහෙයුමක් නෙමෙයි, කෙලින්ම හමුදා මෙහෙයුමක්. ඔබ දන්නවා වසර 30ක් පුරාවට අපේ රට වෙලිලා තිබුණු ජනවාර්ගික අර්බුධය, තවත් විදිහකට කිවොත් වසර 30ක සිවිල් යුද්ධය නිම කරනවා 2009 වසරේදී අපේ විරෝධාර රණවිරුවන් අතින්. ඔවුන්ගේ කතාවන් ඔබ අසා සිට තිබෙනවානම් ඔබ දන්නවා මේ සටන් බිම කොතරම් භයානකද කියන දේ. මේ ලිපිය කියවන ඔබේ මගේ වයසේ දහස් ගණනක් සටන් භුමිය තුල ඔබ මාගේ අනාගතය වෙනුවෙන් දිවි පුදන්නට ඇති.

මේ රණවිරුවන් යුධ සමයේ අපිට කොතරම් සමීප වුනාද කියනවනම් සමහර සේනාංක වල සේනාධිනායක වරුන්ගේ, සමහර අති දක්ෂ ගුවන් යානා නියමුවන්ගේ වගේම සමහර ස්නයිපර් වෙඩික්කරුවන් අපේ වීරයන් බවට පත් වුණා. උදාහරණයක් විදිහට කිවොත් එවකට මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, මේජර් මුතාලිෆ් වගේම නීරෝ අපේ පුංචි හදවත් වල වීරයන් වුණා. ස්නයිපර් වෙඩික්කරුවා කියන්නේ එකම තැනක ඉදන් දවස් ගානක් යනකන් එකම ඉරියව්වෙන් තමන්ගේ ඉලක්කය පැමිණෙන තුරු බලාගෙන ඉන්න උකුස්සෙක් වගේ කෙනෙක්. ඔබ පරිගණක ක්‍රීඩා වලදී Military games ක්‍රීඩා කරලා තිබෙනවානම් ඔබ දන්නවා දුර තිබෙන ඉලක්කයක් ගන්න තිබෙන අපහසුව. නමුත් ඔබ දන්නවද තුවක්කුවේ බර සහ ඒ අවට පවතින කාලගුණය එක්ක මේ තත්වය තවත් දරුණු වෙනවා කියන දේ.

Image result for nero sri lanka

Nicknamed “Nero”, Ranjith Premasiri who was a sniper in the Sri Lankan Army having a score of 217 LTTE confirmed kills.

අපේ කතානායකයා වෙන්නේ නීරෝ, එහෙමත් නැත්නම් රන්ජිත් ප්‍රේමදාස මදලාන (Ranjith Premasiri Madalana). ලෝකයේ ස්නයිපර් වරුන්ගේ ලයිස්තුවේ පස්වෙනි ස්ථානය හිමිකරගෙන සිටින නීරෝ, අතින් LTTE සාමාජිකයන් 217ක් මියගොස් තිබෙන බවට ශ්‍රී ලංකා යුධ හමුදාව පවා තහවුරු කර තිබෙනවා. යුද්ධය පැවැත්වුණු අවසන් කාලය වුනු 2018 අප්‍රේල් මාසයේ 28 වෙනිදා, යුද්ධය නිම වෙන්න දවස් 20කට කලින් ඔහු අවසන් ගමන් යනවා. 1991 වසරේදී වයස අවුරුදු 22ක් වුනු මේ රන්ජිත් කොලුගැටයා හමුදාවට පැමිණෙන්නේ ස්වේච්ඡා බලකා සෙබලෙක් විදිහට. 2000 වසරේදී sniper course එක නිමා කරලා ස්නයිපර් වරයෙක් විදිහට හමුදාවේ සේවය කල නීරෝ කිහිප වතාවක් තුවාල ලැබුවත් නැවත සටනට එකතු උණා. අප්‍රේල් 28 වෙනිදා සිවිල් වැසියන්ගේ පවුර මත LTTE ත්‍රස්තවාදීන් සැඟවෙන වෙලාවේදී නීරෝගේ රාජකාරිය වුනේ මේ බියගුළු LTTE සාමාජිකයන් අඩපන කිරීම. මේ වෙලාවේදී LTTE sniper කරුවෙක්ගේ ප්‍රහාරයකින් නීරෝ අපෙන් සමුගන්නවා. රිවිරැස මෙහෙයුම වගේම සිවුවන ඊලාම් යුද්දයේදී මහඟු සේවයක් ඉටු කල නීරෝ, දේශ පුත්‍ර සම්මානය, පුර්ණ භුමි පදක්කම, උතුරු හා නැගෙනහිර මෙහෙයුම් පදක්කම, රිවිරැස මෙහෙයුම් සේවා පදක්කම, හමුදා 50වන සැමරුම් පදක්කම සහ 50 වන නිදහස් සැමරුම් පදක්කමින් පිදුම් ලබනු ලැබුවා.

NERO the Sniper

ලංකාවේ නිපදවෙන සුවිශාලතම PC Game එක NERO, අන්තර්ජාතික මට්ටමේ quality එකෙන් ඔයාලත් එක්ක සටනට ළඟදීම සුදානම්!!! #NEROtheSniper #AwaitTheLaunch #LankanPCGame

Kanchayudha by Arimac 发布于 2019年5月10日周五

හිටපු ජනාධිපති සහ වත්මන් විපක්ෂ නායක වුනු මහින්ද රාජපක්ෂ මහතා මේ ක්‍රීඩාව වෙනුවෙන් Arimac සමාගමට තමන්ගේ සුභාසිංශන පල කර තිබුනා තමන්ගේ නිල twitter ගිණුම තුල.

Nero Trailer 3

NERO ළඟදීම ඔබ වෙතට එනවා කියන්න පොඩි හෝඩුවාවක් මේක… #awaitthelaunch #nerothesniper #arimacgaming

Kanchayudha by Arimac 发布于 2019年4月10日周三

ලෝකයේ දැවැන්තම සටන් වල සිටි ස්නයිපර්වරුන් අතර තමන්ගේ නමත් හොබවපු නීරෝ, Arimac ආයතනය තුලින් නැවත ජිවය ලබනවා ඔබට නොබෝ දිනකින් දැක බලාගන්නට හැකිවේවි.

නීරෝ Official Trailer

මෙම ලිපිය අවසන් කරන්න Arimac facebook පිටුවේ තිබුණු ඡායාරුපයක් යොදාගන්නට සිතුවා…

Image may contain: 3 people, text

මිට දින කිහිපයකට කලින් ශ්‍රී ලංකික අපි සිවිල් යුද්ධයේ වසර 10ක සැමරුම සමරනු ලැබුවා. ඔබ දකින්නට ඇති සමරු පලකය පුරා තමන්ගේ ඇඟිල්ල මෙහෙයවමින් තමන්ගේ පුතාව හොයපු අම්මලා, ඒ වගේම මේ වසර 30 පුරාවටම මේ ධරණී තලයේ ලංකාව වෙනුවෙන් තමන්ගේ ජිවිතය පුජා කරපු අපි දන්නා හසලක ගාමිණී, නීරෝ ඉඳන් මියගිය දහස් ගණනක් වුනු රණවිරුවන්ට මේ ක්‍රීඩාව උත්තමාචාරයක් වේවා කියන එකයි මගේ ප්‍රාර්ථනය…

නැවත හමුවෙමු…

Sources:
https://www.facebook.com/ArimacGames/
https://www.youtube.com/watch?v=vS5QnpYTgWc

SHARE
Previous articleInstagram Users Lose Their Followers
Next articleGoogle Fi got the RCS Chat!
mm
Chief Technology Officer of GGSLK | Organizer of Google Crowsource | Technical Writer of WindowsGeek | Former President of Association of Rajarata Information and Communication Technology | PHP Developer of Prudential Shipping Lines (PVT) LTD.