Artificial Intelligence තවත් විදියකට කියනවනම් කෘතීම බුද්ධිය පරිගණක හා යන්ත්‍ර සොයාගැන්ම දක්වාම විහිදෙනවා. කාලයත් එක්කම මේ යන්ත්‍ර තාක්ෂනය අතින් බොහොම පරිපුර්ණ වෙන්න පටන් ගත්තා. මේ සමගම තමයි ලෝකය හිතන්න පටන් ගත්තේ මිනිසා තරම්ම බුද්ධිමත් බවින් වැඩි පරිගණක මේ ලෝකයේ පැවතීමට ඇති ඉඩකඩ සම්බන්ධව.

කෘතීම බුද්ධියේ පියා වුනු John McCarthyට අනුව,  බුද්ධිමත් දැනුමෙන් පරිපුර්ණ පද්ධති නැත්නම් පරිගණක පද්ධති සැදීමේ විද්‍යාව තමයි කෘතීම බුද්ධිය කියන නමින් හැදින්වෙන්නෙ. අපිට අනුවනම් පරිගණකයක්, පරිගණකයෙන් ක්‍රියාත්මක වෙන රොබෝ කෙනෙක්, නැත්නම් අමුතු විදියට හිතන software එකක් තමයි කෘතීම බුද්ධිය වෙන්නේ. මේ හැම කතාවක්ම ඇත්ත.

මේ කෘතීම බුද්ධිය සමාජයට පැමිණීමට මුලික වුනු ප්‍රධාන අරමුණු කිහිපයක්ම තිබුනා.

  • Expert Systems නිර්මාණය කර ගැනීමට
  • Machine එකකට මානව බුද්ධිය එකතු කර System එක implement කරන්න.

කෘතීම බුද්ධිය Computer Science තුලින් නිර්මාණය වුනාට මේක ලෝකය පුරා ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ විහිදී යනවා.

  1. Biology – ජීව විද්‍යාව
  2. Neuron Science – නියුරෝන පිළිබද විද්‍යාව
  3. Sociology – සමාජ විද්‍යාව
  4. Mathematics – ගණිතය
  5. Philosophy – දර්ශන විද්‍යාව

වගේ බොහොම සංකීර්ණ විෂය පථයන් මේ තුල අඩංගු වෙනවා. මේ විෂයන් වල වෙන සියලු කටයුතු වලට ගැලපෙන විදිහට ගැටළු විසදීම, අලුත් කරුණු ඉගෙන ගැනීම වගේ කරුණු වලින් තමයි මේ පද්ධති develop වෙන්නේ.

AI පාවිච්චි කරන එක ඇත්තටම වැඩක් තියෙනවද? ඔබට මොකක්ද හිතෙන්නේ ඒ සම්බන්ධව.

AI පාවිච්චි නොවෙන system එකක් ගත්තොත් ඒ වගේ තැනක අපි program කරලා දක්වපු යම් විශේෂ කරුණු කිහිපයක් සම්බන්ධව පමණක් පිළිතුරු ලැබේවි. නමුත් AI තිබුනොත් සාමාන්‍ය ප්‍රශ්නෙකට පවා පහසුවෙන් පිළිතුරු ලබාගන්න ඔබට පුළුවන්. ඔබේ System එකේ යම් වෙනස්කමක් කරනකොට ඒකෙ structure එකට අනිවාර්යෙන්ම වේ වෙනස බලපානවා. නමුත් AI වලට හැකියාවක් තිබෙනවා modifications වලට අනුව හැඩ ගැහෙන්න… මේ නිසා ඔබට structure එකට කිසිම ගැටළුවක් ඇති නොවී ඔබේ system වෙනස් කරගන්න පුළුවන්.

තොරතුරු තාක්ෂණයේදී AI පාවිච්චි වෙලා තිබෙන තැන් ඔබට මතකද?

  • Gaming – ඔබ දන්නා මොලේ මහන්සියෙන් දිනන්න ඕනේ කරන හුගක් ක්‍රීඩා නිර්මාණය වෙන්නේ AI හරහා. චෙස්, පෝකර්, ටික් ටැක් ටෝ වගේ ක්‍රීඩාවන්.
  • Natural Language Processing- අපි කටින් කියන දේවල් තේරුම් අරන් ඒවාට අනුව කටයුතු කරන පරිගණක මිට අයත්. Cortana Siri වගේ මෘදුකාංග මීට ඇතුලත්.
  •  Expert Systems – මේ කියන software  මුලිකවම පාවිච්චි වෙන්නේ advising හා reasoning වලට වැදගත් වෙන තොරතුරු අන්තර්ගත කරගන්න.
  • Vision Systems – පරිගණකයකට ලබාදෙන vision input එකක් නිවැරදිව තේරුම් ගන්න මේ වගේ systems යොදා ගන්නවා.
  • Speech Recognition – සමහර AI systems අපි ලබාදෙන voice input එකක් ලබාගෙන එක ඒ වචන, ඒ භාෂාව වගේ දේවල් හදුනාගැනීමේ හැකියාව පවතිනවා. සමහර වෙලාවල් වලදී background noise එක, කාලගුණය එක්ක ඇතිවෙන හඩවල් වලදී යම් බාධා වීම් ඇතිවෙන්න පුළුවන්.
  • Intelligent Robots – මොවුන් නිර්මාණය වෙන්නේ මිනිසුන් විසින් මොවුන්ට ලබාදෙන කාර්යයන් ඉටු කරන්න. මොවුන් සතුව sensors තිබෙනවා. මේවා පාවිච්චි වෙන්නේ ආලෝකය,උෂ්ණත්වය වගේ ගුණාංග ගණනාවක් හදුනාගන්න. මේ රොබෝලා සතුව හැකියාවක් පවතිනවා අලුතින් ඉගෙනගත්ත කරුණු මත තමන්ගේ වැරදි හදාගන්න.

මේක ලිපි මාලාවක් වේවි, බොහොම සරල තැනක ඉදන් සංකීර්ණ කරුණු වලට ඔබව ගෙනයන්න අපි සුදානම්. ඔබේ අදහස් අපිට කියන්න.

නැවත හමුවෙමු…