Artificial Intelligence ලිපි මාලාවේ කලින් ලිපිය බලන්න මෙතන click කරන්න.

Fuzzy Logic කියන්නේ මොකක්ද?

Fuzzy Logic Systems නැතිනම් SLS කියන්නේ reasoning method එකක්.  හුගක් වෙලාවට human reasoning වගේම තමයි. මේකේ ප්‍රධාන හරය තමයි මිනිසුන් decision making කරද්දී පාවිච්චි කරන ක්‍රම ගැන හොයනවා ඇත්තටම දෙයක් වීමේ සම්භාවිතාව ඔව් හෝ නැහැ විතරද? ඔබ කල්පනා කලොත් මේ කියන දේ?

  • අනිවාර්යෙන්ම ඔව්
  • හුගක් වෙලාවට ඔව්
  • කියන්න බැහැ ඉතින්
  • හුගක් වෙලාවට නැහැ
  • අනිවාර්යෙන්ම නැහැ

ඔව් සහ නැහැ කියන වචන දෙක අතර සැහෙන ලොකු range එකකට අපේ පිළිතුරු බෙදිලා යනවා. මේ Fuzzy Logic වැඩ කරන්නේ මේ range එක මත.

ඇයි Fuzzy Logic පාවිච්චි කරන්නේ?

FL මුලිකවම අරමුණු කිහිපයකටම භාවිතා වෙනවා.

  • මේකෙන් පුළුවන් control කරන්න machines හා consumer products.
  • මේකෙන් ගන්න decisions හරියටම ඔව් නැහැ කියන accurate reasoning නෙමෙයි. අපි කලින් කියපු range එක තුල සිටින acceptable reasoning.
  • Engineering වලදී මුණගැහෙන නිවැරදි තීරණ ගන්න අපහසු තැන් වලදී මේක උදව් කරගන්නවා predictions වලට.

Fuzzy Logic System Architecture

මේ Architecture එකේ ප්‍රධාන කොටස් 4යි.

  1. Fuzzification Module – මේකෙන් අපි මුලිකවම transform කරනවා, system inputs,crisp numbers වගේ තියෙන සියල්ලම fuzzy sets වලට. මේකෙන් මේ inputs ප්‍රධාන steps 5කට කඩනවා.
    1. LP  – x කියන්නේ Large Positive
    2. MP  – x කියන්නේ Medium Positive
    3. S – x කියන්නේ Small
    4. MN – x කියන්නේ Medium Negative
    5. LN – x කියන්නේ Negative
  2. Knowledge Base – experts කට්ටිය විසින් සපයන ලද IF- THEN නීති මාලාව මේ තුල තමයි තිබෙන්නේ
  3. Inference Engine – මේකෙන් තමයි human reasoning process එක සිද්ද වෙන්නේ. IF- THEN නීති මාලාව හා මුලින් ලැබුණු inputs පාවිච්චි කරලා fuzzy inference එකක් හදන්නේ මෙයා තමයි.
  4. Defuzzification Module –  ඔබට මතකනම් මුලින්ම අපි crisp value එකක් තමයි මේ වෙනස් කරගෙන ආවේ. දැන් අපි fuzzy set එක ආපහු මුලින් තිබ්බ crisp value එක බවට හරවන්න ඕනේ.  ඒක කරන්නේ මේකෙන්.

architecture

 

Membership Functions කියන්නේ මොකක්ද?

මේවා මගින් ඉඩ දෙනවා fuzzy set එකක් graphically display කරන්න.

membership-functions

මේ රුපය බලන ඔබට වැටහේවි අපේ මේ decision එකක් image එකක් විදියට පෙන්වන වෙලාවට මොන වගේද පෙන්වන්නේ කියලා. මේකේ X අක්ෂයෙන් Engineering Units වගේම Y අක්ෂයෙන් Degree of Membership බලාගන්න පුළුවන්. Degree of Membership කියන්නේ ඔබ යමක් ගැනීමේ හැකියාව ඔව් හා නැහැ අතර පවතිනවා වගේ එකට පවතින සංඛ්‍යාත්මක වටිනාකම 1 හා 0 අතර පවතිනවා.

FLS  එකකට උදාහරණයක් හා මේකේ ප්‍රයෝගික යෙදීම් අපි මීලග ලිපියෙන් කතා කරමු.

නැවත හමුවෙමු…