අපි හැමෝම දන්න විදියට touch pad එක කියන්නෙ laptop පරිගණකයක වැදගත්ම අංගයක්. ඉතිං Asus සමාගමෙන් මේ touch pad එක අළුත් විදියකට හඳුන්වා දෙන්න තීරණය කරල තියෙනවා. සරලවම කිව්වොත් මේ වෙනස තමයි touch pad එක වෙනුවට touch screen එකක් තියෙන එක. මේ වෙනස Asusලා මුලින්ම අත්හදා බලන්නේ ZenBook Pro පරිගණකය සමගයි. මේ touch pad එක ScreenPad කියල හැඳින්වෙන අතර ඉතා උසස් නිමාවක් එක්ක නිර්මාණය කරල තියෙන බව The Verge වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කරල තියෙනවා.

ඇපල් සමාගම නිෂ්පාදනය කරන MacBook Pro ලැප්ටොප් පරිගණකයෙත් මෙවැනි touch කළ හැකි pad(Touch Bar) එකක් තියෙනවා. ඒත් ඒකෙන් කරන්න පුළුවන් වැඩ සීමිතයි.

MacBook Pro ලැප්ටොප් එකේ touch bar එක අභිභවා යමින් මේ screen pad එක සාමාන්‍ය touch pad එකක් වගේම ක්‍රියා කරනවා. Asus ආයතනය කියන විදියට නම් මේක දැනට ලැප්ටොප් සඳහා ලෝකෙ බිහිවුණ හොඳම touch pad එක කියල කියන්න පුළුවන්.

Screen Pad එකේ features බලමු

අඟල් 5.5ක පළලක් සහ 1920*1080 මට්ටමේ screen resolution එකක් සහිතව screen pad නිර්මාණය වෙලා තියෙනවා. මේක අපිට ඕනෙ නම් app launcher එක එහෙමත් නැත්නම් calendar එක හෝ calculator එක බවට පත් කරගෙන පාවිච්චි කරන්නත් පුළුවන්. මේ screen pad එකට Chrome extension එකේ උදව්වත් අරගෙන YouTube videos ධාවනය කිරීමේ හැකියාවත් තියෙනවා.

ZenBook Pro පරිගණකයේ ප්‍රධාන තිරය extend කරමින් වැඩ කරන්නත් මෙයාට පුළුවන්. උදාහරණයක් විදියට web browser එකේ window එකක් drag කරලා screen pad එකට දාගන්න පුළුවන්. Screen padට වැඩ කිරීමට හැකි විවිධ ආකාර කීපයක්ම තියෙනවා. ඒවා ප්‍රධාන වශයෙන් ගත්තම modes 3ක් දැකගන්න පුළුවන්. F6 බොත්තමෙන් තමයි මේ modes අතර මාරු වෙන්නේ. මේ ප්‍රධාන modes 3 නම්;

  • ScreenPad Mode
  • Extension Display
  • Traditional Touchpad Mode

Asusලා screen pad එක නිෂ්පාදනය කරන අතරතුර Microsoft එක්ක එකතු වෙලා වැඩ කරල තියෙනවා. මේ සංයෝගයේ අරමුණ වුණේ screen pad එකට Microsoft Office පාලනය කිරීමේ හැකියාව ලබාගන්න එක. සාර්ථක ප්‍රතිඵලයක් ලබාගන්න Asus සමාගම සමත් වුණා. තවදුරටත් තමන්ගේ අළුත් නිර්මාණය ව්‍යාප්ත කිරීමේ සහ භාවිතා කිරීමේ පහසුව වැඩි දියුණු කිරීමේ අරමුණින් screen pad project එකේ developersලා කණ්ඩායම මේ සඳහා developer kit එකක් නිකුත් කරන්න සූදානම් වෙනවා. ඒ සමගම අවශ්‍ය apps බාගත කරගන්න පුළුවන් වෙබ් අඩවියකුත් නිර්මාණය වන බව පැවසෙනවා.

ZenBook Pro එකේ features වල තත්වය

Touchpad එක මේ තරම් නවීන ව්දියට නිර්මාණය කරා නම් පරිගණකයේ features ගැන හිතාගන්න පුළුවන් නේද ඔයාලට? කෙටියෙන්ම කියනව නම් මේ තමයි පරිගණකයේ විශේෂාංග.

අඟල් 15.6ක 4K සහ touch කළ හැකි තිරය ඉතාම නවීන හා පැහැදිලි තත්වයක ඇති බව පැවසෙනවා. ඒ විතරක් නෙමෙයි මේ තිරයේ වර්ණ සංයෝජනයත් ඉතාම ඉහළයි. ඇලුමිනියම් ලෝහය යොදාගෙන ඉතාම දැකුම්කළු නිමාවක් එක්ක මේ ZenBook Pro නිපදවා තියෙන බව බැල්මට කියන්න පුළුවන්.

ලැප්ටොප් නිෂ්පාදනයේ පෙරළියක් කරමින් අළුත්ම screen pad එකත් එක්ක මේ සුපිරි ZenBook Pro පරිගණකය වෙළඳ පොළට නිකුත් වෙන්නේ ඇමෙරිකානු ඩොලර් 2300ක් වගේ අධික මිල මට්ටමක සිටයි. ඔයාලට දැන්ම මේ පරිගණකය ලංකාවේ නම් ගන්න අවස්ථාව නෑ. තවදුරටත් ZenBook Pro features ගැන අදහසක් ගන්න ඕනෙ නම් මේ video එකත් බලන්න.

මූලාශ්‍රය : https://www.theverge.com/2018/6/5/17424770/asus-zenbook-pro-screenpad-specs-release-date-price-computex-2018