ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් සංවිධානය කරනු ලබන Aurora – Conference on Computer Science පසුගිය 25 වෙනි දා විශ්ව විද්‍යාල භූමියේ දී පැවැත්වුනා. ව්‍යවහාරික විද්‍යා පීඨයේ, පරිඝනක විද්‍යා දෙපාර්තමේන්තුවට අයත් පළමු වසර සිසුන් අතින් මේ කර්තව්‍යය සිදුවන්නේ හතර වෙනි වතාවට. මෙ වර තේමාව වුනේ කෘතිම බුද්ධිය, එහෙමත් නැත්නම් Artificial Intelligence.

මොනවද මෙතන සිද්ධ වුනේ?

සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීම වගේම අලංකාර පූජා නර්තනයක් ඇතුළු අංග වලින් ආරම්භ වුනු වැඩසටහන මුලින්ම ඇමතුවේ ව්‍යවහාරි විද්‍යා පීඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා සහ ඉන්පසු ව පරිඝනක විද්‍යා ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය වෛද්‍ය ප්‍රසාද් ජයවීර මහතා. ඊට පසුව සමුළුව අමතපු විශ්ව විද්‍යාලයේ පරිඝණක විද්‍යා සංගමයේ සභාපති අදීශ ගම්මන්පිල ඔහුගේ කතාව අවසන් කලේ බිල් ගේට්ස් විසින් කළ සඳහනකින්:

“We overestimate what we can do within one year, but we underestimate what we can do within ten years.

(අපි සාමාන්‍යයෙන් අවුරුද්දකින් අපට කරන්න පුලුවන් දේ ගැන වැඩියෙන් තක්සේරු කළ ත්, අපට අවුරුදු දහයකින් කරන්න පුලුවන් දේ ගැන තක්සේරු කරන්නෙ අඩුවෙන්.)”

ඊ ළඟට උත්සවයේ ප්‍රධාන ආරධිත අමුත්තා වුනු විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ  හිටපු ලේකම් වසන්ත දේශප්‍රිය මහතා තාක්ෂණය ක් විදිහට කෘතිම බුද්ධියේ ආරම්භය, වර්තමානය හා අනාගතය ගැන විස්තර කළා. ඒ වගේම ජනප්‍රිය සංස්කෘතිය (pop-culture) හා මාධ්‍ය විසින් කෘතිම බුද්ධිය ගැන සාමාන්‍ය ජනතාව ගේ මනසේ හදල තියෙන ආකල්ප.

A Scene From the 2004 Science Fiction Film, 'I,Robot'

එතුමා නැවත නැවතත් ප්‍රකාශ කලේ කෘතිම බුද්ධිය නිර්මාණය කරන්න ඕනෙ සහකම්පනය (empathy) හැගෙන්න පුලුවන් හැකියාව සහිතව සහ මනුෂ්‍ය වර්ගයාගේ සුභ සෙත වෙනුවෙන් කියන එක යි.

Panel Discussion

ක්ෂේත්‍රයේ බොහෝ අත්දැකීම් තියන සිවු දෙනෙක්, නමින්,

  1. සී. ඩී. අතුරලිය මහතා (ConcientAI හි විධායක නිලධාරී හා සම-නිර්මාතෘ)
  2. කතිකාචාර්ය සොහාන් ධර්මරාජ මහතා (oDoc හි විධායක තාක්ෂණ නිලධාරී හා සම-නිර්මාතෘ)
  3. කැල්වින් හින්ඩ්ල් මහතා (MillenniumIT හි ජ්‍යෙෂ්ඨ ව්‍යාපාර විශ්ලේශක) සහ
  4. කෙෂාන් සොදිමාන මහතා (Siyomek හා Open Data හි සම-නිර්මාතෘ)

විසින් සිදු කරගෙන ගිය මේ panal discussion එකේ මාතෘකාව වුනේ “Unexplored Job Opportunities of the Computing and Artificial Intelligence Industry (පරිඝණක හා කෘතිම බුද්ධිය යන ක්ෂේත්‍රයන් හි ගවේශනයට ලක් නොවුනු රැකියා අවස්ථා )” කියන එක යි.

ඔවුන් ක්ෂේත්‍රය ට පිවිසුනු ආකාරය වගේම අලුතින් ක්ෂේත්‍රය ට පිවිසෙන්න කැමැත්තෙන් ඉන්න අය ළඟ තියෙන්න ඕන සුදුසුකම් ගැනත් මෙහිදී සාකච්ඡාවට ලක් වුනා.

ඔවුන් පවසපු ආකාරයට අධ්‍යාපන ආයතන සහ ක්ෂේත්‍රය අතර තියෙන පරතරය අපට තියෙන බාධාවක්; ඒ පරතරය අඩු කරන එකත්, සිදු වෙන පර්යේෂණ ප්‍රමානය වැඩි කරන්න ඕන කියන එකත් අත්‍යවශ්‍ය බව එතුමන්ලා වැඩි දුරටත් පෙන්වා දුන්නා.

මෙතනදී සොහාන් ධර්මරාජ මහතා පවසපු එක් දෙයක් ඔයාල එක්ක බෙදා ගන්න ඕන නිසාම මම මතක තියා ගත්ත. ඒ තමයි,

“Don’t be afraid of hard-work. You are not going to remember what you did ten years ago, but only the results of all that hard-work that is going to stick with you.

(මහන්සි වෙලා වැඩ කරන්න බය වෙන්න එපා. මොකද තව අවුරුදු දහයකට පස්සෙ ඔයා මහන්සි වුනු බව ඔයාට මතක තියෙන්නෙ නැහැ. ඔයා ළඟ ඉතිරි වෙන්නෙ ඒ මහන්සියේ ප්‍රතිපල විතරයි.)”

අවසානයට…

ඊ ළඟට මේ වැඩසටහන ට සමගාමීව පැවැත්වුනු පාසල් සිසුන් සදහා වූ තරගයේ ජයග්‍රාහක කණ්ඩායම තේරීම සිදු වුනා. මෙහිදී ජයග්‍රහණය කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාල කණ්ඩායම ටත්, දෙවන ස්ථානය කොළඹ ආනන්ද විද්‍යාල කණ්ඩායම ටත් හිමි වුනා.

කෘතිම බුද්ධිය භාවිතා වුනු අපූරු නව නිර්මාණ රැසකින් සමන්විත වුනු ප්‍රදර්ශනය ත් අමතක කරන්න බැහැ.

මීළඟට කෙෂාන් සොඩිමාන මහතා අපව දැනුවත් කළේ කෘතිම බුද්ධිය භාවිතය ගැන කතා කරද්දි අතහරින්න බැරි පැත්තක් වෙන නීති රීති සහ ආචාර ධර්ම ගැන.

තරගයෙන් ජයග්‍රහණය කරපු පාසල් ශිෂ්‍යයන්ට ත්‍යාග පිරිනැමීම සහ ජාතික ගීය ගායනා කිරීමෙන් මේ වසරේ Aurora – Conference on Computer Science හි අවසානය සනිටුහන් වුනා.

මීළඟ වසරේ ත් මීටත් වඩා සාර්ථක වැඩසටහනක් සංවිධානය කරයි කියන බලපොරොත්තුව ඔවුන් අපිට නිසැකයෙන් ම ලබා දුන්නා..!