අපි මුලින්ම Cloud Computing ගැන ලිපි මාලාවක් අරගෙන ආවා. ඔබ අපේ වෙබ් අඩවිය පරික්ෂා කළොත් ඔබට පහසුවෙන්ම අපේ ලිපි මාලාව සොයාගන්න පුළුවන්. රටේ තියෙන වාතාවරණය එක්ක අපි දන්නවා හුගක් නෙමෙයි සියළු දෙනාම වගේ නිවසේ තමයි ඉන්නේ.

ඉතින් අපි හිතුවා හැමෝටම වැදගත් වෙන විදියේ AWS පාඩම් මාලාවක් අරගෙන එන්න.

AWS එහෙමත් නැත්නම් Amazon Web Services කියලා කියන්න‌ෙ Cloud හරහා අතථ්‍ය විදිහට නැත්නම් virtually තමන්ගේ සේවාවන් සපයන ආයතනයක්. මේකෙ සහයෙන් ඔබට පුළුවන් ඔබ ආයතනයට අදාල මුලු cloud infrastructure එකම ගොඩනගන්න. නමුත් ඒ විදිහට හදන්න ඔබට මේ එක් එක් features ගැන පැහැදිලි අවබෝධයක් තිබිය යුතු වෙනවා.

AWS cloud platform එක ප්‍රධාන කොටස් කිහිපයක් යටතේ වර්ග කරන්න පුලුවන්.

  1. Compute & Networking
  2. Storage and CDN
  3. Databases
  4. Application Servers
  5. Deployment and Management

Compute & Networking ගැන කථා කරද්දි වැදගත් වෙන දේවල් කිහිපයක්ම තියෙනවා. Compute and Networking වලට Amazon Web Services වල පාවිච්චි කරන්නේ Amazon EC2. Amazon EC2 service එක දැනට Microsoft Windows Servers, Oracle Linux, Amazon Linux, Fedora, Ubuntu, CentOS වගේ සැලකිය යුතු OS ගණනාවක පාවිච්චි වෙනවා. ඒ වගේම අනෙක් වැදගත්ම සේවාව වෙන්නෙ Amazon Route53. මේක පාවිච්චි වෙන්නෙ DNS system එක එක්ක. මේ වගේ තවත් වැදගත් වෙන දෙයක් තමයි Amazon VPC. AWS වල Virtual Private Cloud සම්බන්ධව වැඩකරන්න තමයි මේක වැදගත් වෙන්නෙ. තවත් පැහැදිලිව කිව්වොත් ඔබගේ project එකට අදාල instances සහ servers, public දාන්නෙ නැතුව private access කරන්න මේ VPC භාවිතා කරනවා.

අපි බැලුවොත් Storage & CDN කියන කොටස දිහා අපිට පහසුවෙන් තේරුම් ගන්න පුලුවන් මේකට අයත් Amazon Services 3ක් තිබෙනවා. වැදගත්ම සේවාවන් කිහිපය අතර Storage & Content Delivery Network එකට සෑහෙන වැදගත්කමක් හිමි වෙනවා. Amazon S3, Amazon Glacier සහ Amazon CloudFront කියන්නේ මේ වෙනුවෙන් කෙරෙන සේවාවන් 3ක්. මේකෙන් S3 පාවිච්චි කරන්නේ ඔබ එදිනෙදා පාවිච්චි කරන images, static web pages අඩංගු වෙන්නේ මේ S3 feature එක එක්ක. Amazon Glacier වචනයෙන් කියවෙන විදියටම ග්ලැසියර් එකක් වගේ තමයි. මේකෙ මූලික කාර්යය වෙන්නේ archive storage එක පවත්වාගෙන යන එක. Amazon CloudFront පාවිච්චි කරන්නේ CDN එහෙමත් නැත්නම් Content Delivery Network එකට. ඔබේ වෙබ් අඩවියේ performance වැඩිකරගන්න සහ data නිවැරදිව transfer කරන්න CloudFront භාවිතා කරනවා.

Databases ගැන කියනවානම් Amazon RDS තමයි අපට වැදගත් වෙන්නෙ. RDS කීවාම ඒකට support කරනවා MySQL, MS SQL Server, Oracle කියන තුනටම.

Deployment සහ Maintenance වලදි Amazon CloudWatch සහ Amazon IAM කියන සේවාවන් භාවිතා කරනවා. Amazon CloudWatch කියන්නෙ Monitor Service එකක්. මේකෙන් resources, storage,RDS databases, DNS, servers, billing වගේ දේවල් ගණනාවකට භාවිතා කරන්න පුළුවන්. Amazon IAM, Identity and Access Management සේවාවෙන් users සහ groups කළමණාකරණය කරගන්න පුළුවන්.

Application Services ගැන කියනවානම් Amazon SNS වගේම Amazon SES පාවිච්චි වෙන්නේ මේ සදහා. එක වගේ නම් තිබුනාට මේක පාවිච්චි වෙන්නේ වෙනස් කරුණු දෙකකට. SNS භාවිත කරන්නේ notifications manage කරන්න. හිතන්න ඔබේ servers crash වෙලා down වෙලා තියෙන්නෙ කියලා, නැත්නම් servers වල health එක සෑහෙන අඩු මට්ටමක තියන්නෙ කියලා, නැත්නම් databases වල connections ගාන වැඩියි වගේ දේවල් ඔිනම වෙලාවක expect කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ප්‍රශ්නයක් වෙලාවට මේ systems වල status එක පැහැදිලි කරලා email එකක් ලබාගන්න තමයි මේ SNS service එක තියෙන්නෙ. SES අපි ගන්නේ electronic services වලට. E marketing, mass emailing වගේ දේවල් වලට තමයි මේ SES පාවිච්චි වෙන්නේ.

මම මේ ලිපිය ලියන අතරවාරයේ දැනගන්න ලැබුණා ඇදිරිනීතිය තවත් දීර්ඝ කළා කියලා. මම හිතනවා මේ හැම service එකක් ගැනම අපිට ලිපියක් දාගන්න පුළුවන් වෙයි කියලා. Amazon Expertsලා ඉන්නවානම් comments වල මේ ලිපි‌යේ අඩුපාඩු හදන්න.

නැවත හමුවෙමු…