කලින් ලිපියට ලැබුණ ප්‍රතිචාර ඇත්තටම හිතුවාට වඩා හොද වුනා. ඒකත් එක්කමයි මේ දෙවෙනි ලිපියත් ලියන්න ගත්තේ. මගෙන් පොඩි සහෝදරයෙක් ඇහුවා අයියා AWS ඉවර වෙනකන්ම කරනවාද කියලා. මම මේකට උත්තරයක් දෙන්නෙ නැතුව රූපයක් මගින් මේක පැහැදිලි කරන්නම්.

මේ තියෙන්නේ AWS services ගොඩෙන් බොහොම සුළු ප්‍රමාණයක්. මම මේ ලිපි මාළාව ලියන්න කල්පනා කලේ අපිට නිතරම මුනගැහෙන applications hosting, DNS, alarm, notifications වගේ අත්‍යවශ්‍ය දේවල් ටිකක් සාකච්ඡාවට ගන්න හිතුවා.

අපි කීවා වගේම මුලින්ම Amazon EC2 ගැන කථා කරමු. මේ පහළින් දක්වලා තිබෙන්නේ EC2 අලුත්ම dashboard එක.


මුලින්ම කියන්නම් Instances ගැන. මේකෙ පළවෙනි එක වෙන්නෙ normal instances, on demand instances.

මෙතන ඔබට පේනවා instances list එකේ තියෙනවා spot requests. මේකෙන් කෙරෙන්නෙ අපි Amazon කට්ටියගේ resources වලට bid කරනවා. අපි bid කරන ගානට වඩා වැඩි වුනොත් ඒකෙන් අපිට resource එක ගන්න බෑ වගේම අඩු වුනොත් අපිට ගන්න පුළුවන්. අපි instance එක launch කළොත් අපිව යොමු කළොත් launch instance wizard එක open කරගන්න පුලුවන්.

ඔබටත් මේ විදියට එන්න ඇති dashboard එක. තව වැදගත් දෙයක් තමයි ඔබ ගිණුම හදනකොට දෙන්නෙ free tier ගිණුමක් විදිහට වීම. ඔබ ආධුනිකයෙක් විදියට AWS ඉගෙනගන්නවානම් ඔබේ ගිණුම free tier විදියට පාවිච්චි කරන්න කියලා recommend කරන්න කැමතියි. https://aws.amazon.com/free/ ලින්කුව මගින් ඔබට බලාගන්න පුළුවන් මොන විදියේ සේවාවන්ද අපිට ගන්න පුළුවන් කියන දේ.

මේ අනුව අපිට Amazon EC2 පැය 750ක කාලයක් හිමි වෙනවා අපේ free tier ගිණුම හරහා එක මාසයකට. මේ විදිහට මුලු වසරක් පිරෙනකන් මේක පාවිච්චි කරන්න පුලුවන්. ඊට පස්සෙ අදාල ගාස්තු වලට යටත් වෙනවා.

මම select කරනවා දෙවෙනියට තියෙන Amazon Linux AMI (Amazon Machine Image) එක. බලන්න මේ preview එකද ආවේ කියලා.

මම මුලින්ම free tier select කරපු නිසා ඔබට පේනවා මට AWS එකෙන් recommend කරනවා අදාල instance type එක. ඔබට ඉහළින් බලාගන්න පුලුවන් Configure instance tab එක, Add storage tab එක, Add tags tab එක, Configure security group tab එක වගේ ඔබට වැදගත් දේවල් වෙන වෙනම එකතු කරන්නත් පුලුවන්, නැත්නම් Review and Launch කියන button එක මගින් ඇතුල් කරන දත්ත අවසානයේදී පරික්ෂා කරලා Launch කරන්නත් පුලුවන්.

මීලගට එන්නෙ Authentication part එකට. දැන් ඔබෙන් අහන්නෙ keypair එකක් ගැන. අලුතෙන්ම account එක හදපු ඔබට existing keypair එකක් නැහැ. ඉතින් අළුත් එකක් හදන්න වෙනවා. නමක් දුන්නට පස්සේ key එක download කරගන්න. දැන් ඔබට පුලුවන් මේ instance එක launch කරන්න.

අවසානයේදී launch status බලාගන්න පුළුවන්. මෙතන තිබෙනවා සියළුම විස්තර අපේ launch කිරීමට අදාලව. මේ පිටුවේ අන්තිමට තිබෙනවා security groups manage කරන්න නිර්මාණය කරපු ලින්ක් එක. security group කියන්නේ firewall එකක් වගේ. මේකෙදි ඔබට පුලුවන් inbound rules add කරන්න. ඒ කියන්නෙ භාවිත කරන usersලා control කරනවා. මම launch කළාම ටික වෙලාවක් ගියාට පස්සෙ instance state එක activate වෙන්නේ.

මීලගට කියන්නම් DNS ගැන. අපි හදපු instance එකේ details view කරන්න පුලුවන් පහළ. එතන Public DNS, Private DNS දෙකම ගන්න පුළුවන්. Public DNS එකට පුලුවන් ඔිනෑම තැනක ඉදන් ඔබේ instances access කරන්න. Amazon server එකක් වෙන්නම ඔින නැහැ. තව දෙයක් කියන්නම්. ඒ status checks tab එක. නිවැරදිව status correct level එකට ඇවිත්නම් System reachability check passed සහ Instance reachability check passed ලෙස සදහන් වෙන්න ඔින.

කථා කරන් යද්දී කියන්න බැරිවුන දේවල්, වැරදි අඩුපාඩු තිබ්බානම් පහළින් note එකක් දාගෙන යන්න. මේ නිවාඩු කාලය ඵලදායී විදිහට පාවිච්චි කරන්න. සමහරවිට මේ ඔබේ කාර්යබහුල බව අඩුවෙන එකම කාලය වෙන්න පුලුවන්…

සුභ දවසක්!