සිතන්න ඔබ රස කෑමක් හදන්න හිතාගෙන internet එකෙන් කෑමක නමක් සොයන්න පටන් ගන්නවා. අපි හිතමු කරමල් පුඩිමක් කියලා. ඔබ browser එක open කරලා මේක search කරපු ඔබට එක පාරටම ඔබට නොසිතු නොවිරූ විදිහට ads මතු වෙන්න පටන් ගන්නවා. ඔබට කිසිම දෙයක් open කරන්න දෙන්නේ නැහැ. ඔබට දැන් පේන්න තියෙන්නේ තනිකරම නානාප්‍රකාර කෑම වර්ග. මේක හරියට ඔබේ browser එක වෙන කෙනෙක්ගේ ග්‍රහණයට නතු වෙලා වගේමයි. කොහොමද මේ ads නවත්වන්නේ ? මේකට පාවිච්චි කරන software 100%ක්ම සාර්ථකද? මේ pop up ads වලට මේ තරම් හැකියාවක් කොහෙන්ද? browser hijacking කියන්නෙත් මෙකමද?

මොකක්ද මේ Hijacking කියන්නේ? මේ Hijacking කරන්නේ software එකක්. මේ software එක හුගක් වෙලාවට ඔබ හිතාමතාම install කරපු software එකක්. නැත්නම් වෙන එකක් install කරද්දී මේකත් install වුණා  වෙන්න පුළුවන්. කොහොම හරි මේ software එකට හැකියාවක් තිබෙනවා ඔබේ browser එක redirect කරන්න heavy ads තියෙන වෙබ් අඩවි වලට. මෙහෙම ගියාම traffic එක වැඩි වෙලා මේ ads ඔබේ browser එකට එන්න පටන් ගන්නවා. ඔබ විශ්වාස කරන්න මේවට පුළුවන් ඔබේ browser settings වෙනස් කරන්න, තව ඔබේ homepage එක මාරු කරන්න. ඒ වගේම search engine preferences සම්පුර්ණයෙන්ම වෙනස් කරලා දාන්න.

කෙනෙක් අහන්න පුළුවන් ඔච්චරටම දැනෙන්නේ නැද්ද මේ වගේ software එකක් අපි ලග තියෙද්දී, කියන දේ. Hijacking software එකක් තමාගේ වැඩ කරන් යන්න අපේ permission එක ඉල්ලනවා. සමහර වෙලාවට ඔබ දකිනවා ඇති software එකක් install කරද්දී setup එකෙන් තවත් software එක්ක ලකුණ මත ඔබන්න තිබෙනවා. මේක සමහරවිට default click වෙලා තියෙන්න පුළුවන්. ඔබ උඩින් උඩින් next කරගෙන යද්දී මේ software නිකන්ම install වෙනවා. සමහර වෙලාවට අපි පාවිච්චි කරන translation software, antivirus හෝ  adware removal software වලින් මේක ඇති වෙන්න පුළුවන් සරලවම.

ඊළගට මම කියන්නම් Firefox වලදී මේ වගේ ප්‍රශ්නයක් ආවොත් ගැලවෙන්නේ කොහොමද කියන දේ. මුලින්ම ඔබට පුළුවන් browser එක reset කරන්න. ඒක කරන්නේ hamburger menu button එක click කරලා, menu එකේ මැද තියෙන question mark එක click කරනවා. මෙතනින් Troubleshooting information select කරලා, reset firefox click කරලා කරන්න පුළුවන්. reset කරන්න බැරිනම් මෙනු එකේ add-ons එකේ මේ malicious tab එක ඉවත් කරලා දමන්න. remove කලාට පස්සේ නැවත firefox restart කිරීමෙන් tabs අයෙත් තමන් යටතට ගන්න පුළුවන්.

මේ වගේ දෙයක් අයෙත් නොවෙන්න කරන්න පුළුවන් දේවල් ගණනාවක් තියෙනවා. මතක ඇතුව ඔබේ software යාවත්කාලින කරලා තබාගන්න. ඔබට Windows එකේ එන updates ඔබට වදයක් වුනාට මතක තබා ගන්න එක එන්නේ වැදගත් security feature එකක් එක්ක හුගක් වෙලාවට. පරිගණකය restart කරන්න වෙන එක ගැන සිතන්න එපා මොකද මේ update එක ඔබව ආරක්ෂා කරන නිසා. දකින හැම software එකම හොදයි කී පමණින් install කරන්නෙපා. නිතරම කියවන්න reviews මේවා ගැන. Firefox Browser එක පාවිච්චි කරනවානම් නිතරම  Firefox Add-Ons Store එක තුල ඇති add ons පාවිච්චි කරන්න. මේවා සුරක්ෂිතයි. වැදගත් software එකක් install කරන වෙලාවට ටික වෙලාවක් අරගෙන කියවන්න ඔවුන් ඔබේ පරිගණකයේ ඉල්ලන permissions ගැන ඉගෙනගන්න. pop up windows මත click කරන්න එපා. නිතරම ඔබේ පරිගණකයේ ආරක්ෂාව ගැන සිතන්න.

නැවත හමුවෙමු…