අපි මුලින්ම බලමු මොකක්ද මේ C-Pen Reader කියන්නෙ කියලා.මේක හරියට ගත්තොත් අපි එදිනෙදා පාවිච්චි කරන පෑනක් වගේ අපිට අපි යන යන තැන් වලට මේක අරන් යෑමේ හැකියාවත් තියනවා.

ඉතින් අපි ඊළගට බලමු මොනාද මේකෙන් කරන්න පුළුවන් වැඩ කියලා.

ඔයාල දන්නවා ඇති dyslexia කියල රෝගී තත්වයක් ගැන ඒ රෝගය තියන අයට හැකියාවක් නැහැ එයාලට පේන දෙයක් බලල කියවල ඉගෙනගන්න. ඉතින් ඒ වගේ අයට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්වා මොකද මේකෙන් අපිට පුලුවන් අපිට කියවන්න ඕනි කරන දේ scan කරලා එයට සවන් දෙන්න. මේ සඳහා අපි C-Pen Reader එකට headphones connect කරන්න අවශ්‍ය වෙනවා.

මේ C-Pen Reader එක dyslexia රෝගයෙන් පෙලෙන අයට වගේම සාමාන්‍ය අයටත් ඉංග්‍රීසි නොදන්න වචන වල pronunciation දැනගන්න හොද මෙවලමක් වෙනවා.

මේ උපකරණය හදල තියෙන්නේ ඉංග්‍රීසි වලට විතරක් නෙවෙයි තව Spanish, French වගේ භාෂාවලටත්ව access ගන්න පුළුවන් විදියටයි. ඉතින් මේ උපකරණයෙන් මේ විදියට අපි scan කරන English,Spanish,French දේවල් digital voice විදියට ගන්න පුළුවන් වෙන්නේ මේ උපකරණයට Collins English Dictionary , Oxford Spanish, French Dictionaries ඇතුලත් කරලා තියන නිසයි.

අපි අපිට scan කරගන්න ඕනි දෙයට C-Pen Reader එක තියල scan කලාම ඒ දේ  C-Pen Reader එකේ අපිට බලාගන්න පුළුවන්. තව අපි මේ scan කරන දේ අපිට අපේ PC එකට upload කරගන්නත් පුළුවන්. ඒකට OS එක බලපාන්නේ නැහැ. තව විශේෂ දෙයක් තමා මේක තමා එකම portable pen scanner එක මොකක්හරි paragraph එකක් line by line scan කරගන්න පුළුවන්. සුවිශේෂිම කාරණය තමා අනික් portable pen scanners වලට වඩා මේක ප්‍රමාණයෙන් පුංචි වීම.

මේකෙ බර 50g වගේ වෙනවා. මේක ගොඩක්  අය පාවිච්චි කරනවා එයාලගේ English, Spanish, French දැනුම වැඩි කරගන්න. තව මේකෙන් Mac Pc වලට access  දෙන්න පුළුවන්. තව අපිට වෙනමම software එකක් ඕනි කරන්නේ නැහැ scan කරන දේ digital voice එකක් විදියට ගන්න USB cable එකක් විතරයි ඕනි කරන්නේ.

තවත් දෙයක්! මේ C-Pen Reader එක නිෂ්පාදනය කරන හොදම brand එකක් තමයි C-PEN® කියන්නේ…