පසුගිය ඔක්තෝබර් පළමු දින call of Duty mobile game එක iOS හා Android පරිශීලකයන්ට නිකුත් කරනු ලැබූ බව අප  කාටත් අසන්නට ලැබුණා. දැනගන්න ලැබුණු කරණු අනුව මේ game එක free -to -play කියන tag එක යටතේ නිකුත් කරනු ලැබූ නිසා Google play store සහ Apple App store හරහා නොමිලේම ලබා ගන්න පුළුවන්.  මේ සඳහා pre-register හැකියාව පෙර සිටම ලබා දී තිබුණා. මෙය සතියක් තුල download වාරයන් මිලියන 100 ට අධික සංඛ්‍යාවකටත් වඩා කරමින් ඉතිහාසයේ mobile game එකක් වාර්තා කර ඇති විශාලම game launch එක විදියට call of duty mobile game එක ඉතිහාසයට එක් වී තියනවා. පළමු සතිය තුල PUBG Mobile game එක වාර්තා කර ඇත්තේ download මිලියන 28 ක් වගේ සංඛ්‍යාවක් සහ Fortnite (iOS වලට පමණක් පළමුව නිකුත් වූ) පළමු සතිය තුල වාර්තා කර ඇත්තේ download මිලියන 22.5 ක් වගේ සංඛ්‍යාවක් පමණයි. එම නිසාවෙන්ම කලින් සඳහන් කළ පරිදි call of Duty mobile game එක සතියක් ඇතුලත download විශාල ප්‍රමාණයක් වූ mobile game එක විදියට ඉතිහාසයට එක් වී තියෙන්නේ.  

මෙම Call of Duty mobile game එක නිර්මාණය වී තියෙන්නේ චීනයේ Shenzhen වල පිහිටා ඇති Tencent ආයතනයේ TiMi Studio එකේ කියලා Call of Duty හී හිමිකරුවන් වන Activision සමාගම publish කරලා තියනවාලු.  Call of Duty mobile game එකේ තවත් විශේෂ දෙයක් තමයි මේ download මිලියන 100 ට චීනයට අයත්  වෙන්නේ නෑ. තවද මෙම තත්ත්වයට හේතුව තමයි Call of Duty mobile game එක චීනයට නිකුත් කර නොතිබීමයි.

ඔබ දන්නවාද call of Duty mobile game එක iOS පරිශීලකයන් ප්‍රතිශතයක් ලෙස ගත් කල 57.7% ක ප්‍රමාණයක් download කරලා තියනවා.  ඒ විතරක් නෙමෙයි එහි ආදායමෙන් 53% ක ප්‍රතිශතයක්, ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 17.7 ක් ම ලැබිලා තියෙන්නේත් මේ iOS පරිශීලකයන්ගෙන් කියල තමයි දැනගන්න ලැබෙන්නේ.

මෙය ඔයාලා හැමෝම දන්නවා වගේ Battle Royale mode එකක් සහ First person shooting- Multi player mode විදිහට mode 2ක් තියෙනවා. Battle Royal mode එකේ players ලා 100 කට play කරන්න අවස්ථාව දෙනවා. Call of Duty mobile game එක තුල ගොඩබිම, අහස සහ මුහුද යන තුනම ඇතලත් වෙනවා. ඒ වගේම ATV,  Helicopter සහ  Raft වගේ වාහන රැසක් ද ඇතුළු වෙනවා. Battle royal mode එකේදී first- person සහ third person කියන දෙකටම play කරන්න අවස්ථාව දෙනවා කියලා තමයි Tencent සමාගම වැඩිදුරටත් කියලා තියෙන්නේ.  මෙය තනි,යුගල හෝ players ලා 4ක් විදියටත් play කරන්න පුලුවන් විදියට අවස්ථාව ලබා දෙනවා කියලා තමයි කියන්නේ. 

මෙවන් තොරතුරක් සමගින් නැවතත් හමුවෙමු…