මෑතකදී අපිට නිතරම අහන්න ලැබුනු මාතෘකාවක් තමයි Cambridge Analytica කියන්නේ. මේ දේ facebook එකටත් ලොකු බලපෑමක් ඇති කරන්න සමත් උනා.

ඇත්තටම මොකක්ද මේ Cambridge Analytica කියන්නේ?

Cambridge Analytica එහෙමත් නැත්නම් CA කියන්නේ බ්‍රිතන්‍ය political consulting firm එකක්.මේ company එක පටන් අරන් තියෙන්නේ 2013. මේකේ දැන් ඉන්න CEO තමා Alexander Nix. චන්ද ව්‍යාපාර සදහා තම පක්ෂයට සිටින චන්ද දායකයින් එහෙමත් නැත්නම් voters ලා ගණන වැඩි කරගන්න තමා මේ අය ගාවට යන්නේ. මීට අමතරව තව තවත් දේශපාලන අරමුණු සදහා CA එක යොදා ගන්නවා.ඇත්තටම කිව්වොත් මේ දේ සිදූ කරන්නේ දත්ත (data) භාවිතා කරලා. ඒ සදහා data mining, data brokerage සහ data analysis භාවිතා කර strategic communication එකක් යොදාගෙන තම මේදේ සිදුකරන්නේ. ඇත්තටම මේක හරිම සංකීර්ණ දෙයක්. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේවගේ දෙයකින් කොහොමද voters ලා ගාන වැඩි කරන්නේ කියල. නමුත් මේ ක්‍රමය බොහෝ චන්ද අපේක්ෂකයන්ට සාර්ථක වෙලා තියෙනවා. උදාහරණයක් වශයෙන් 2015 දී Ted Cruz ගේ presidential campaign එකටත් ඒවගේම 2016 දී Donald Trump ගේ presidential campaign එකටත් CA එක උපකාර කරලා තියෙනවා.

Social Media කියන්නේ CA එකට data රැස්කරගන්න පුළුවන් හොදම තැනක්. Facebook කියන්නේ දත්ත ආකාරයක්. 2018 මාර්තු වල CA සහ facebook අතර ලොකු ප්‍රශ්නයක ඇති උනා. ඇත්තටම ඒ මතුවුණු ගැටලුව නිසා facebook users ලගේ privacy එකට ලොකු බලපෑමක් ඇති උනා. CA company එක දේශපාලන කටයුත්තක් සදහා external researcher කෙනෙක්ව යොදාගෙන facebook එකෙන් users ලගේ personal data එලියට අරන් තිබෙනවා. අධ්‍යාපනය හා සම්බන්ධදෙයකට කියල තම මේගොල්ලෝ මේ දේ කරලා තියෙන්නේ. මේ උනාවූ සිදුවීමෙන් පසු CA එක ගැන බොහෝ රහස් ඒලියට එන්න පටන් අරන් තියෙනවා. බ්‍රිතාන්‍ය මහාධිකරණය ලන්ඩන් වල තිබෙන CA කාර්යාල සියල්ල පරික්ෂා කිරීමට warrant එකකුත් Information Commissioner ට නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.

Facebook CEO, Mark Zuckerberg, CA company එකට facebook platform එක තුල ප්‍රචාරක කටුතු සිදූ කිරීම තහනම් කර තිබෙනවා. තමන් නොදැනුවත්ව මෙවැනි දෙයක් සිදුවීම සම්බන්ධයෙන් Mark Zuckerberg දැඩි පසුතැවීමකට ලක්ව තිබෙනවා. CNN එකේ තිබුණු interview එකකදී ඔහු පවසා ඇත්තේ ‘මේ උනා සිදුවීම ගැන තම ඉතා කණගාටුවට පත්වන බවත්, තම හා users ලා අතර තිබු විශ්වාසය පලුදුවීමකට ලක්වුණු බවත්ය. මෙවැනි සිදුවීමක නැවත සිදූ වීමට ඉඩ නොදෙන බවත් ‘ ඔහු තවදුරටත් පවසා තිබෙනවා.
facebook users ලගේ සැලකිය යුතු දත්ත ප්‍රමාණයක් පිටතට ගොස් ඇති බවයි වාර්තා කරන්නේ.
Zuckerberg මෑතකදී මේ ගැටලුව පිලිබදව කියමින් සමාව ඉල්ලා post එකක්ද facebook වෙත මුදාහැර තිබුනා.


CNN සමග පැවති සාකච්චාවේදී Mark Zuckerberg පැවසු කරුණු:

  • තමන් ඕනෑම මොහොතක කොන්ග්‍රසය ඉදිරිපිට පෙනීසිටීමට සුදානම් බවත්,
  • තම පෞද්ගලික දත්ත අයුතු ලෙස භාවිත කල users ලට ඒ පිලිබදව දැනුම් දෙන බවත්,
  • 2015 දීත් CA හා සම්බන්දව මෙවැනිම දෙයක් සිදුවී ඇති අතර එම මොහොතෙම ඒ පිලිබදව පියවරක් නොගැනීම ගැන තම පසුතැවෙන බවත්,
  • facebook ආරක්ෂක පද්ධතිය මෙම වර්ෂයේ සිට දෙගුණ කරන බවත්,

තවදුරටත් පවසා සිටියා.

Reference: https://www.theverge.com/2018/3/21/17150158/mark-zuckerberg-cnn-interview-cambridge-analytica