Chrome DevTools කියන්නේ සරළවම කිවුවොත් web developer කෙනෙක්ට ගැලපෙන විදියෙ tools set එකක්. මේවා ගොඩනැගිලා තියෙන්නෙම Chrome web browser එක පදනම් කරගෙන. මේකෙන් තියෙන ප්‍රයෝජන කථා කළොත් ගොඩක්ම තියෙන වාසිය වෙන්නේ problem එකක් ආවාම පුලුවන් තරම් ඉක්මනින් ඒක අදුරගන්න පුලුවන් වෙන එක, ඒ වගේම තමන් හදන වෙබ් අඩවි ගොඩනගන එක පහසු වගේම වේගවත් කරන එක.

Devtools එක්ක වැඩකරන්න යද්දි අපිට මේ tools අවශ්‍ය වෙන්නේ විවිධ විවිධ දේවල් වලට.

අපි හිතමු ඔබ වැඩ කරන්නෙ DOM හරි CSS එක්ක හරි කියලා, මේක කරන්න dev tools පාවිච්චි කරන ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක වෙන්නෙ අදාල element එක right click කරලා inspect, select කරලා එතනින් elements panel එක select කරන්නයි අවශ්‍ය වෙන්නේ. අනික් ක්‍රමේ වෙන්නේ Mac පරිගණකයක Command+Option+C හරි, Windows, Linux, Chrome OS එකක Control+Shift+C මගින් කෙලින්ම පිවිසෙන්න පුලුවන්.

ඔබට බලන්න අවශ්‍ය වෙන්නේ browser එකේ logged messages හෝ javascript නම් Windows, Linux, Chrome OS පරිගණකයකට අදාලව Control+Shift+J සහ Mac පරිගණකයක Command+Option+J කෙටි යෙදුම් පාවිච්චි කරනු ලබනවා.

Chrome Dev Tools, Main menu එකෙන් open කරන්න පුලුවන්ද?

ඔබට තියෙන්නෙ menu එක Open කරලා එතනින් More Tools හරහා Developer Tools වලට යන එක. පහසුවෙන්ම අදාල කොටස ඔබට ලබාගන්න පුලුවන්.

මේ ලිපියෙන් පස්සේ දිගටම ලිපි මාලාවක් ලියන්න පොඩි අදහසක් තියෙනවා. ලැබෙන වෙලාව එක්ක බලමු ඒක. Chrome dev tools එක්ක වැඩ කරද්දි ලැබෙන අත්දැකීම් ගැටලු පහළින් mention කරන්න අමතක කරන්නත් එපා.

නැවත හමුවෙමු…