අන්තර්ජාලය කොටස් 3කට බෙදන්න පුලුවන්.

  • Surf Web
  • Deep Web
  • Dark web

දැනට භාවිතා කරන web එකට, එහෙමත් නැත්නම් අපිට Browse කරන්න පුලුවන් internet එකේ ප්‍රමාණයට කියන්නෙ Surf Web කියලයි.

Deep Web කියන්නෙ අපි සාමාන්‍යයෙන් භාවිතා කරන Browser එකෙන් (Chrome/ Firefox/ Safari) Search කරල ගන්න බැරි දේවල් තියන තැන. Internet එකේ 99%ක්ම වගේ කොටසක් අයිති වෙන්නේ මේ Deep Web එකට. Deep Web එකේ සැරිසරන්න නම් TOR වගේ Browser එකක් තමයි use කරන්න වෙන්නේ.

විශේෂයෙන්ම Deep Web එකේ මොකක් හරි රටකින් තහනම් කරල තියන web sites වලට යන්න තමයි TOR Web Browser එක බහුලවම යොදාගන්නේ. මේ හරහා Hola කියන Extention එක Google Chrome එකට Add කරගන්න පුලුවන්. ඒ නිසා තමයි මේ ක්‍රමයෙන් අපිට සමහර තහනම් කරපු Web Sites වලට යන්න අවස්ථාව ලැබෙන්නේ.

අපි බලමු Nikon Web Site එක. එකේ අපිට බලන්න පුලුවන් 20 Pages විතරයි. එත් ඇත්තටම ඒ web site එකේ 50 Pages තියෙනවා. අපිට බලන්න බැරි ඉතිරි 30 pages තියෙන්නෙ මේ Deep Web වල. ඒවා ඇත්තටම Illegal  දේවල් නොවෙන්න පුලුවන්. ඒවා Nikon කාර්යය මණ්ඩලයට පමණක් සීමා වුණු, customersලාට අවශ්‍ය නොවන දේවල් නිසා මේ විදියට hide කරලා තියෙනවා වෙන්න පුලුවන්.

සරල සමීකරණයක් ගත්තොත් Deep Web >= Dark Web. ඒ වුනාට Dark Web එකේ කිසිම දෙයක් Legal නැ. මානසික ව්කෘතිකයන්, අසහනකරුවන්, hackersලා, මේ සියලු දෙනා ක්‍රියාත්මක වෙන තැන තමයි මේ dark web.

Dark Web එකේ තියෙන එක Web Site එකක්වත් සාමාන්‍ය පුද්ගලයෙක් නොබැලිය යුතුයි කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. ගොඩක්ම තියෙන්නේ සැබෑ මිනීමරුම් වල videos, අමානුෂික විදියට වද දීල මිනිස්සු මරණ Live Stream Sites, Child Porn, Drug Deals, Weapons Deals, ආදී සේවා සලසා දීම හා සම්බන්ධ Web Sites.

ඇයි Deep Web, Dark Web භයානකයි කියන්නෙ?

අපි භාවිතා කරන අන්තර්ජාලයෙන් 94% පමණ තියෙන්නෙ Deep Web, Dark Web එකේ. අපිට Browse කරන්න පුලුවන් internet එකේ ප්‍රමාණය 5% වඩා අඩුයි.

Red Rooms කියන්නෙ Dark Web වල තවත් භයානක දෙයක්. ඒකෙදි කරන්නෙ Bit Coins දීලා ඒකෙ ඉන්න අය අපිට ඔන විදියට මරවන එක. ගොඩක් දෙනෙක් මේක බොරු කියල කියන්නෙ මේ Site Up එකේ නැති නිසා. ඒවා Show පටන් ගන්න පැය කිහිපයකට කලින් තමා Up වෙන්නෙ.

Dark Web එකේ තියෙන Sites Maintain කරන්න ඉන්න hackersලා මිත්‍රශීලී අය කියලා හිතන්න එපා. ඒ වගේම මේ සයිට් වලට ගියාම එකේ Hackersලා අපේ Private details සේරම අරගන්නවා. එහෙම කරලා Messages එනවා ගොඩක් වෙලාවට දැන් ගැලවීමක් නැ කියලා. මොකද අපේ IP Web Cam Shots  ඔක්කොම අරගෙන තමා ඔවුන් එහෙම කියන්නෙ. මේ වගේ වෙලාවක ඇත්තටම ගැලවෙන්න තියා හිතන්නවත් බැහැ.

VPN එකක් Use කරත් අපේ IP trace කරන්න පුලුවන් hackersලා තමා Dark Web එකේ ඉන්නෙ. ඒ වගේම Anonymous Group එකටත් මේ ඉන්න hackersලා එක්ක හැප්පෙන්න බැරිවුනා කියන එක අමතක කරන්න එපා.

Deep Web එකේ ඉස්සර තිබුණු, මිනීමස් විකුණන්න යොදාගන්න තැනක් තමයි, The Canibal Cafe කියන site එක. 2010ය අවුරුද්දේ හෝ ඊට අවුරුදු දෙකකට විතර කලින් FBI එකෙන් මෙය වටලනවා. එය මිනීමස් විකුණන site එකක් විතරක් නෙවෙයි, මිනීමස් කන අයගේ Dating Site එකක් විදියටත් යොදාගෙන තියනවා.

එක්තරා පුද්ගලයෙක් තවත් කෙනෙක්ට පිහි පහරක් එල්ල කරලා, ජීවිතක්ෂයට පත්කරලා, ඔහුව කොක්කක එල්ලලා, මස් කුට්ටි වෙන් කරනවා. වෙන් කරල මාස 10ක් යනකන් ඒ කෙනාගේ සම්පූර්ණ මිණියම කනවා. මේක video කරල, edit කරල, ඒ පුද්ගලයම Cannibal Cafe site එකට upload කරනවා . ඊට පස්සෙ Deep Web එකේ මිනීමස් විකුණන Sites අතරෙ The Canibal Cafe කියන site එක ගොඩක් ජනප්‍රිය වෙනවා .

මේ මාර්ගයෙන් තමයි FBI එක The Canibal Cafe කියන Site එක අල්ලගන්නෙ. ඒත් මේ Site එක maintain කරන අයව නම් අල්ලගන්න හම්බවෙලා නෑ. හැබැයි කලින් කියපු කථාවට අදාල පුද්ගලයාව FBI එකෙන් අල්ලගන්නවා. ඒ කෙනා අදටත් හිරේ. ඒ වගේම ඒ කෙනා යම්කිසි රටක වැදගත් ධනවත් ව්‍යාපාරිකයෙක් බවත් FBI එකෙන් කියා තිබෙනවා.

Dark Web Sites වලට යන්න නම් ඒකේ ඉන්න කෙනෙක් URL එක එවන්න ඕනේ Invite එකක් වගේ. මේ site එකකට ඇතුල් වෙන්න නම් Security Steps තියෙනව ඒවා සම්පූර්ණ කරන්නත් ඕනේ. Security Steps ඔක්කොම සම්පූර්ණයි කියන්නේ අපේ සියලුම තොරතුරු ඔවුන් ළග. ඉතින් ආයේ ගැලවීමක් නෑ. Blue Whale Game එක වගේ තමයි.

කොහොම වුණත් මේ විස්තර බෙදා හදා ගත්තේ දැණුම බෙදා ගැනීමේ අරමුණින් පමණයි. ඒ නිසා මොනම අවස්ථාවකදීවත් මේ භයානක websites වලට පිවිසිමට නම් උත්සාහ කරන්න එපා!