ඔබ දන්නවද Data Transfer Tool කියන්නේ මොකද්ද කියලා? Google සමාගමෙන් Google Pixel ජංගම දුරකථන වෙනුවෙන් හඳුන්වා දුන් app එකක් තමයි මේ නමින් හඳුන්වන්නේ. සාමාන්‍යයෙන් මේ tool එක Google Pixel phones වල in-built app එකක් විදියට අන්තර්ගත වෙලා තියෙනවා. මේ app එක නිසා android හෝ apple ජංගම දුරකථනයක ඉඳලා Google Pixel phone එකකට මාරු වෙන එක ගොඩක් පහසු වෙලා තියෙනවා. මේ වන විට Google ආයතනයෙන් මේ විශේෂ ඇප් එක Google Play Store එකට නිකුත් කරලා තිබෙනවා.

නමුත් Google Pixel ජංගම දුරකථන වලට අමතරව වෙන කිසිම device එකකට මේ ඇප් එක install කරන්න දැනට හැකියාව නෑ. කෙසේ වෙතත් Android usersලාට පොඩි ධනාත්මක බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් Play Store එකට upload කරපු නිසා. අනාගතේදී android ජංගම දුරකථන සඳහා මේ ඇප් එක install කිරීමේ අවස්ථාව ලබා දීමට ඉඩ තියෙනවා.

එය සිදුවුණොත් ජංගම දුරකථනයකින් තවත් දුරකථනයකට මාරු වෙන එක ඉතාම සරල දෙයක් වෙනවා. එවිට ඔබට කරන්න තියෙන්නේ device දෙකේම මේ ඇප් එක install කිරීම පමණයි. පරණ device එකෙන් අළුත් device එකට data හුවමාරු කරන කාර්යය ඇප් එකෙන් අපිට පහසුවෙන්ම කරගන්න පුළුවන්.

ඇයි මේ ඇප් එක වැදගත් වෙන්නෙ?

මොනවද මේ ඇප් එක හරහා අපේ පරණ Android device එකෙන් අළුත් Pixel device එකට හුවමාරු කරගන්න පුළුවන්? සාමාන්‍යයෙන් මේ වගේ data ඔයාලට copy කරගන්න පුළුවන්.

  • Apps and app data

  • Music, photos, and videos

  • Google Accounts

  • Phone settings

  • Contacts stored on your device or a SIM card

ඔබ cable එකක් භාවිතා කරනවා නම්, ඔබට ඡායාරූප හෝ වීඩියෝ ඇතුළත් නොවන text messages පවා copy කළ හැක.

ඔබත් ජංගම දුරකථනයක හිමිකරුවෙක්ද? තවමත් මේ ඇප් එක try කරල නැත්ද? අදම try කරලා බලන්න. නිසැකවම එය අළුත් අත්දැකීමක් වේවි.