Google Main Keynote එක තරම්ම වැදගත් තවත් Keynote එකක් තමයි Developer Keynote කියන්නෙත්. Google නිර්මාණය වෙන්නේ Developersලගේ අතින් සහ ඔවුන් ගොඩනැගෙන්නේ Developersල නිසා. Main IO එකේදී හැම දෙයක් ගැනම පැහැදිලිකිරීමක් යද්දී මේ දේවල් ගැන ගැඹුරු පැහැදිලි කිරීමක් සිද්ධ වෙන්නේ මේ අනික් Keynotes වලදී.

Keynote එක ආරම්භ කරන්න වේදිකාවට පැමිණෙන්නේ Thomas Kuriyan. Thomas Kuriyan තමන්ගේ රැකියාව යෙදුනේ Oracle ආයතනයේ. ඔහු එතනින් නික්මෙනකොට
president of product development විදිහට කටයුතු කළා. ඔහුගේ Google ආගමනය දකින්න ලැබෙන්නේ 2016 නොවැම්බර් මාසයේදී. කෙසේ වෙතත් ඔහු Google Cloud එක්ක දැන් වැඩ කටයුතු කරන්නේ.

මීළඟට වේදිකාවට පැමිණුනේ Chet Haase. Chet ගැන පොඩ්ඩක් කියනවනම් ඔහු Adobe Systems වල ඉඳන් Google වලට එකතු වුනේ 2010දී Lead, Android UI Toolkit විදිහට. 2019 වසරේ පෙබරවාරි ඉඳන් Developer Advocate කෙනෙක් විදිහට වැඩ කටයුතු කරනවා. ඔහු පැවසුවා Android තාක්ෂනය EcoSystem එකක් බවට පත් වෙලා තිබෙන බව. Android තාක්ෂනය එක්ක ගොඩ නැගෙන අපි දිහා බැලුවම එය පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන්. ඔහුගේ කතාව සමන්විත වෙනවා ප්‍රධාන කරුණු දෙකකින්. ඒ User Privacy & Security සහ Developer Productivity කියන කරුණ. මේ කරුණු දෙකම එකට ගත්තොත් Developer කෙනෙක්ට තමන්ගේ තාක්ෂනය ඔස්සේ වැඩ කරගෙන යන්න ඉඩ ලැබෙනවා වගේම User කෙනෙක්ට තේරුම් යන්නට ඕනේ ඔහුගේ හෝ ඇයගේ දත්ත ප්‍රවේසම් කියන දේ. Android Q කියන්නේ Google Android කණ්ඩායම කරන ලද අලුත්ම නිෂ්පාදනය. Q Beta1 සහ Beta2 සඳහා contribute කළ සියලු දෙනාටම ස්තුති කරන්නත් ඔහු මෙය අවස්ථාවක් කර ගත්තා.

ඔහු පැහැදිලි කළා වසර දෙකකට පෙර Android Developers ල සඳහා Kotlin හඳුන්වා දීම. Kotlin කියන්නේ මේ වෙද්දී Github වල වේගයෙන්ම වර්ධනය වෙන Programming language එක වෙනවා.

Kotlin Vs Java :v

ඔබට මතක ඇති Android Jet pack එක, ගිය වසරේදී Google IO වැඩසටහනේදී හඳුන්වා දෙනු ලැබුවා. මේ Android Jet Pack එක කියන්නේ Android Application Development එක වේගවත් කරන්න නිර්මාණය වුනු API set එකක්. මේක නිර්මාණය වෙන්න හේතුව වෙන්නේ පොඩි code එකකින් ලොකු audience එකක් කතා කරන්න පුළුවන් වීම.

මේ Keynote එකේදී හඳුන්වා දෙනු ලැබුවා CameraX. මේක Camera Applications නිර්මාණය කරන්න නිර්මාණය කරපු library එකක්. මෙය නිර්මාණය කරන්න හේතුව ඔහු පැහැදිලි කළා. පසුගිය කාලයේ නිර්මාණය වුනු සමහර applications සමහර Android versions වලට හා devices වලට support කෙරුවේ නැහැ. නමුත් මේ API එක පාවිච්චි කරද්දී මෙයා Android version Lolipop දක්වා භාවිත කරන්න පුළුවන්. ඒ වගේම මේ වෙද්දී ඔවුන් Huawei, Samsung, LG හා Motorola වගේ ආයතන කිහිපයක නව සහ පරණ උපාංග ගණනාවක් පිළිබඳව සාකච්ඡා පවත්වාගෙන යන බව පැවසුවා.

Android Studio නිකුත් වෙලා මේ වෙද්දී වසර 5ක් ගත වෙලා අවසන්. නමුත් එකේ basics වල තිබෙන ගැටළු ගැන හුඟක් අය මැසිවිලි නගනවා. මේ නිසා ඔවුන් පසුගිය මාස 6 පුරාවටම මහන්සි වෙලා මේ core application අඩුපාඩු නිවැරදි කරලා තිබෙනවා. ඔබ සිතන්න High Priority bugs 400කට වැඩි ප්‍රමාණයක් ඔවුන් නිවැරදි කරලා තිබෙනවා. 3.5 Beta Version එක නිකුත් වී තිබෙනවා, download කරලා වැඩ කරන විදිහ ඔබට බලන්නටත් පුළුවන්. තවමත් අඩුපාඩු තිබෙනවද කියන දේ.

මීළඟට වේදිකාවට පැමිණෙන්නේ Chris Turkstra. ඔහු ගැන පොඩි සඳහනක් කරනවනම් Chris 2010-2011 කාලයේදී වැඩ කලේ Apple සමාගමේ. ඒ Director Engineering PM විදිහට. පසුව ඔහු එකතු වෙන්නේ Samsung සමාගමට. ඒ Vice President – Product & Design විදිහට. නමුත් අවසානයේදී ඔහු අපි සමඟ එකතු වෙන්නේ Google සමාගමේ Product management Director විදිහට. තවත් විදිහකට කිවුවොත්
Head of Google Assistant Ecosystems. Responsible for Google Assistant devices (Speakers, SmartDisplays, TV & Accessories) and developer platforms (Apps, Web and Assistant developers,Assistant Investment Fund) විදිහට. ඔහු කතා කලේ Google Assistant සම්බන්ධව. මෙහිදී ඔහු සඳහන් කරනවා 30000කට වැඩි devices ගණනක් සහ partnersලා 3500කට අධික ගණනක් ඔවුන් සමඟ සම්බන්ධ වෙලා තිබෙනවා කියන දේ. ඔහු විසින් නිකුත් කරනු ලැබුවා tools කිහිපයක් content developersලා සහ app developersල හට හඳුන්වා දෙනු ලැබුවා. ඔවුන් ඒ සඳහා How to item type එක schema.org සඳහා විවෘත කර තිබෙනවා. තවත් විදිහකට පැහැදිලි කලොත් markup කරන එක. මෙහිදී code එකේ අපි පැහැදිලිව දක්වනවා steps වෙන වෙනම. ඒ වගේම Assistant තිබෙන smart devices වල තවත් පැහැදිලිව බලාගන්න පුළුවන්. දිනපතා කෑමක් හදන්නත් youtube බලන සහ ඒ වගේ දේවල් create කරන content developers අයට howto template ඇවිත් තියෙනවා. මේ template මගින් ඔබ youtube search කරන video ඉතා හොඳින් බලාගන්නට පුළුවන්. App developersලගේ වැඩ කරගන්න ඔන්න තවත් category හතරක් ඇවිත් තිබෙනවා Health & Fitness, Finance, Ride Sharing සහ Food Ordering විදිහට. Nike සමගම තමන්ගේ පාරිභෝගිකයන්ට හදුන්ව දීල තිබෙනවා.

ඒ වගේම Interactive Canvas කියන අලුත් concept එක හඳුන්වා දෙනවා app developersලට. ඔබට පුළුවන් Interactive Canvas ගැන මේ ලින්කුවෙන් තවත් ඉගෙනගන්න හදාරන්න පුළුවන්.

මීළඟට වේදිකාවට පැමිණෙන්නේ Tal Oppenheimer. වසර හයක සිටම Google ආයතනයේ වැඩ කරන ඇය මේ වෙද්දී Senior Product Manager කෙනෙක් විදිහට කටයුතු කරනවා. මෙහිදී ඇය පැහැදිලි කරනු ලැබුවේ Google Chrome developer කෙනෙක් ප්‍රයෝජනයට ගන්නේ කොහොමද කියන දේ. ඔබ දන්නවා V8 Engine එක තමයි Javascript Engine එක chrome භාවිත කරන්නේ. අලුත්ම improvements එක්ක faster Javascript Parsing දෙගුනයකිනුත් 20%ක memory usage එක අඩු කිරීමකුත් එකතු වෙලා තිබෙනවා. ඔබ නිවැරදිව දන්නවද lazy loading පිළිබඳව. වර්තමානය වෙද්දී web අඩවියක් වුනාම වර්ණවත් වගේම high resolution images පිරිලා තිබෙනවා. මේකේ වැදගත්ම වෙන්නේ වෙබ් අඩවියක් load වෙද්දී එකට අදාල images සියල්ලම load කරනවා. මේකට තමයි මේ solution එක පැමිණුනේ. ඔබට පුළුවන් අදාල code එක පහත දකින්න.

ලිපිය තරමක් දිග වැඩි වුනා මිතුරනි සමාවෙන්න, වැදගත් කරුණු ගණනාවක් කියන්නට තිබෙනවා. අනික් කරුණ තමයි modern technologies භාවිත කරලා කෙනෙක් හිතනවනම් වෙබ් අඩවියක් කරන්න, ඔබට පුළුවන් Web.dev වෙබ් අඩවියට පිවිසෙන්න. Chromebooks පසුගිය වසරේ Linux support එක ලබාගනු ලැබුවා තමන්ගේ වැඩ කටයුතු වලට. ඒ වගේම මේ වසරේ නිකුත් වෙන සියලුම chromebooks වලට linux පහසුකම සමඟයි නිකුත් වෙන්නේ.

පැයකට ආසන්න කාලයක් පැවතුනු මේ Keynote එකේ මීළඟ සාමාජිකාව වුනේ Anitha Vijayakumar. ඇය දැනට tensorflow PM කෙනෙක් විදිහට කටයුතු කරනවා Google ආයතනයේ. Machine Learning පැත්ත ගැන දිගටම කතා කලොත් Google සතු ප්‍රභලම applications වෙන්නේ ML Kit, Google Cloud සහ Tensorflow. ML Kit හඳුන්වා දෙන්නේ පසුගිය වසර IO වැඩසටහනෙන්. ඒ සමඟ application ගණනාවක් තමන්ගේ භාවිතයට ගන්නවා දකින්න පුළුවන්. ML Kit එකට අලුතෙන්ම එකතු වුනු on-device translation, Object Detection & Tracking වගේ features. මේවා ගැන තවත් ඉගෙනගන්න මේ ලින්කුව click කරන්න.

ඇය මෙහිදී පැහැදිලි කරනු ලැබුවා Tensorflow 2.0 පිළිබඳව. ඒ වගේම අලුතෙන් එකතු වුන features ගණනවක් ඇය පැහැදිලි කරනු ලැබුවා.

මීළඟට පැමිණුනේ Christine Jhonson. ඇය Google ආයතනයේ Product Management පිළිබඳව සේවය කරනු ලබනවා. quality backend එකක් ලබාදීම, usersලව වැඩියෙන් engage කරගැනීම වගේ දේවල් දැන් පහසුවෙන්ම කරන්න පුළුවන් firebase වලින්. මෙහිදී ඇය පැහැදිලි කරනු ලැබුවා පහසුවෙන් Firebase model එකක් හරහා app එකක් හදන විදිහ, model එකක් train කරන විදිහ ඇය කියලා දෙනු ලැබුවා. ඔබට පුළුවන් firebase performing tools භාවිත කරන්න නොමිලේ අවස්ථාව හිම්වෙලා තිබෙනවා.

අවසානයේදී වේදිකාවට පැමිණුනේ Adam Seligman. 2018 වසරේ සිට Developer Relations වල VP විදිහට කටයුතු කරන ඔහු ප්‍රකාශ කලේ ඔවුන් මේ වෙද්දී developersලා මුලික කරගෙන event 150කට අධික ප්‍රමාණයක් කර තිබෙන බව. ඔහු කතා කරන්න පැමිණ තිබුනේ flutter ගැන. අලුතින් හඳුන්වා දීමක් කරනු ලැබුවා Flutter to web technical preview එක. මේක දැනට භාවිත කරනවා New York Times. මේ විදියට Developer Keynote එක අවසන් වුණා.

මම මේ ලිපිය ලියන්න ආම්භ කරලා මේ මොහොත වෙනකොට හරියටම දවසක්. නිවැරදි තොරතුරු එක්ක ගලපාගෙන ලිපියක් ලියන දේ තරමක් වෙලාව ගතවෙන දෙයක්. ඔබ හැමදෙනාම මේ තැන ලිපියේ කියෙව්වනම් fb post එකේ comment එකක් දාන්න ඔබේ අදහස. වැඩක් නැත්නම් වැඩක් නැහැ කියන්න හැම දෙයක්ම සතුටින් බාර ගන්න ලැහැස්තියි. මොනවා හරි දානවනම් මීළඟ ලිපියට එය ශක්තියක් වේවි.

නැවත හමුවෙමු…