DevFest කියන්නේ මේ දවස් ටිකේම tech field එක තුල නිරන්තරයෙන් කතා වෙන මාතෘකාවක්.ඒ වෙන මොකුත් නිසා නොවෙයි ඇත්තටම මේක පැවැත්වෙන්න තියෙන දිනය එන්න එන්නම ළගා වෙන නිසාමයි.ඒ තමයි නොවැම්බර් මාසයේ 10 වෙනිදා.මේ පාර event එක තියෙන්නේ NSBM Green University එකේ.ඉතින් මේ event එක organize වෙන්නේ ඔබත් මමත් හොඳින්ම දන්නා කියන කණ්ඩායමක් වන ලංකාවේ ලොකුම tech event එකක් වන Google IO හී organizers ලා වුණු GDG Group Sri Lanka විසින්.ඉතින් DevFest 2018 තුල මේ පාර මොනවගේ විශේෂාංග තිබේවිද!Speakers ලා කවුරුන් වේවිද! වගේ ප්‍රශ්න ඔයාට ඇති.අන්න ඒ නිසාම ඒ දේවල් ගැන පුංචි සටහනක් තමයි මේ.

 

මොනවගේ විශේෂාංග තිබේවිද!

Agenda එකේ හැටියට event එක පටන් ගන්න තියෙන්නේ උදේ 8ට.පසුගිය වසරේ වගේම මේ වසරේදීත් Devfest වැඩසටහන tracks කිහිපයකින් සමන්විත වෙනවා.ඉතින් ඔයා කැමති morning track එක මොකක්ද කියන එක registration form එක fill කරද්ද ඔයාට තෝරාගන්න ලැබෙන්න ඇති.මේ tracks ගැන තව දුරටත් දක්වනවානම් මෙන්න මේ විදියට ඒවා සදහන් කරන්න පුළුවන්.

ඉතින් මේ තුලින් ඔයා තෝරාගන්න track එකට අදාලව එදාට ඔයාගේ දැනුම අනිවාර්යයෙන්ම තව තවත් වැඩි කරගන්න පුළුවන්.

 

Speakers ලා කවුරුන් වේවිද!

DevFest 2018 හී speakers ලා  වෙන්නේ මෙන්න මේ අය

  • Mr.Kasun Delgolla
  • Mr.Keshan Sodimana
  • Mr.Shafraz Rahim
  • Mr.Chathu Wishwajith
  • Mr.Sajeetharan Sinnathurai
  • Mr.Ahmad Shah Nawaz
  • Mr.Fiqri Ismail
  • Mr.Raveen Harith Perera
  • Mr.Sharatchandra Aithal
  • Mr.Chamantha De Silva

දැනුමට අමතරව තවත් බොහෝ දේ ඔයාට මේ event එකෙන් ලබා ගන්න පුලුවන්.

වැඩි විස්තර සදහා : https://devfest18.gdgsrilanka.org/

ඉතින් අත ලගම එන මේ event එක ගැන ඔයාටත් ප්‍රශ්න ගොඩක් ඇති.ඒ ප්‍රශ්න පහලින් comment කරන්න ඔයාට පුලුවන්.