හෙළයේ අකුරු කිවම ආයේ වෙන නමක් මතක් වෙන්න විදිහක් නැහැ ඔබට ඒ තමයි ධනික පෙරේරා! ධනික පෙරේරා තමන්ගේ පාසල් අධ්‍යාපනය නිම කරන්නේ කළුතර සිරි කුරුස විද්‍යාලයෙන්. පාසැල තුලත් ජ්‍යෙෂ්ඨ විද්‍යා අංශයේ, නාට්‍ය අංශයේ, ශිෂ්‍ය නායක මණ්ඩලයේ කටයුතු කරපු ධනික තමයි 2005 – 2006 ප්‍රධාන ශිෂ්‍ය නායකයා වන්නේ. ගණිත අංශයෙන් පාසල් අධ්‍යාපනය නිම කරන ධනික, මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක ඉංජිනේරු අංශයෙන් ඉගෙනුම ආරම්භ කරනවා 2008 වසරේදී. ඔබ අහලා තිබෙනවද SETT browser එක පිලිබදව ? SETT browser එක තමයි android වලට මුලින්ම සිංහල/ දෙමල enable කරපු වෙබ් browser එක. මේ ලින්කුවෙන් වැඩි විස්තර ඔබට ගන්න පුළුවන් වේවි.

ධනික 2011දී එකතු වෙනවා Massachusetts Institute of Technology’s Global Startup Labs සමග. මේ මගින් ඔහුට ලෝකය පුරා සිටින ව්‍යවසායකයන් හා startups ගැන දැනගන්න ඔහුට හැකියාව ලැබෙනවා. මේ වේලාවේදී තමයි ඔහුව SETT browser එක සම්බන්ධව mBillionth South Asian Awards වලට ඔහුව තෝරාගන්නේ. මේ සම්මානය නිසා ඔහුට ඔහුගේ පළමු පාරිභෝගිකයා මුණගැහෙනවා. ඒ තමයි එටිසලාට්. Bhasha ආරම්භ කලාට පස්සේ SETT browser එක Bhasha යටතේ පවතින ව්‍යාපෘතියක් බවට පත් කළා.

මීලගට අපි කතා කරමු හෙලකුරු එහෙමත් නැත්නම් Bhasaha සමාගම ගැන. Bhasha ආරම්භ වෙන්නේ 2011දී. ඒ ධනිකගේ මුලිකත්වයෙන්. ඔහු දැනට එම ආයතනයේ Chief Executive Officer සහ Head of Engineering විදිහට සේවය කරනු ලබනවා. Bhasha මුලික වෙලා ක්‍රියාත්මක වුන projects කිහිපයක්ම තියෙනවා.

  • ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල ජංගම දුරකථන යෙදුම (Official Mobile App of Parliament of Sri Lanka)
  • ජාතික රුපවාහිනී සංස්ථාවේ නිල ජංගම දුරකථන යෙදුම (Official Mobile App of Sri Lanka Rupavahini Corporation)
  • ලේක් හවුස් ආයතනයේ නිල ජංගම දුරකථන යෙදුම (Official Mobile Apps of Lake House (Dinamina, DailyNews, Thinakaran)
  • ලංකා බැංකුවේ නිල ජංගම දුරකථන යෙදුම (Mobile Banking App of Bank of Ceylon)
  • යුනියන් බැංකුවේ නිල ජංගම දුරකථන යෙදුම (Mobile Banking App of Union Bank)
  • හිරු TV හා හිරු FM නාලිකා වල නිල ජංගම දුරකථන යෙදුම් (Official Mobile Apps of Hiru TV & Hiru News)
  • සෙලින්කෝ ලයිෆ් ආයතනයේ sales force automation නිල ජංගම දුරකථන යෙදුම් (Sales Force Automation App of Ceylinco Life)

මේ වගේ ශ්‍රී ලංකාවේ වැදගත්ම ආයතන ගණනාවක්ම bhasha එක්ක එකතු වෙලා ඉන්නේ.

අනික් ප්‍රධාන විශේෂත්වය තමයි Payhere (PVT) Ltd ආයතනය තමයි ධනිකගේ දෙවැනි ආයතනය. Payhere පටන් ගත්තේ 2016 වසර මුලදී. Payhere කියන්නේ Payment Service Provider කෙනෙක්. ශ්‍රී ලංකාවේ ආර්ථිකය තව දුරටත් ගොඩනගන්න තමයි Payhere කරලියට ආවේ.

Bhasha තමන්ගේ යෙදුම් කිහිපයක් වෙළදපොලට ගෙන ආවා. ඒ තමයි

  1. SETT browser
  2. Helakuru
  3. Mobi TV
  4. Puwath Reader
  5. Bhasha Dictionary
  6. Yalu Messaging App

වගේ launches ගණනාවක්ම සිංහල දෙමල local community එකට දායක කරන්න ධනික ඇතුළු ඔහුගේ පිරිසට හැකි උනා.

මොහු ලබපු සම්මාන ගැන කතා කරනවානම් 2007 වසරේදී Young Computer Scientist 2007 ලෙස honor issuerSri Lanka Association for the Software Industry (SLASI) මගින් සම්මාන ලැබීමේ සිටම, mBillionth Sounth Asian Software Award සම්මානය ලබනවා 2011දී Digital Empowerment Foundation, India වලදී. 2013 දී ධනික Emerging Entrepreneur Award දිනාගන්නවා University of Moratuwa – Computer Science & Engineering Society මගින්. Emerging ICT Leader of the Year 2014 සම්මානයත් ධනික හිමි කරගන්නවා, Computer Society of Sri Lanka (CSSL) මගින් ලබා දුන්නේ මේ සම්මානය. The Most Innovative ICT Entrepreneur of the Year 2015 වසරේ හොදම ව්‍යවසායකයා සම්මානය හිමි කරගන්න එක ලේසි වැඩක් නෙමෙයි. 2015 දී National Best Quality ICT Awards (NBQSA) තමයි ඔහුට මේ සදහා නිර්දේශ වුනේ. 

ධනික තවම ගමන ආරම්භ කළා විතරයි, තවත් ඉදිරියට ජයග්‍රාහී ගමනක් යන්න සුබ පැතුම් එක් කරනවා GGSLK මගින්. ධනික පෙරේරා කියන්නේ බොහොම නිහතමානි වගේම දක්ෂ ව්‍යාපාරිකයෙක්, ව්‍යවසයකයෙක්. සිංහල දෙමල වගේ local community එකට කතා කරපු එක තමයි මොහුගේ දියුණුවේ රහස…

නැවත හමුවෙමු…!

Sources :