Dialog කියන්නේ හැමදාමත් තරුණ පරපුර වෙත තමන්ගේ තාක්ෂනය අරගෙන යන්න උත්සහ කරන පිරිසක්. Dialog Mega Run වගේ ජයග්‍රහණ ලබා දෙන තරඟ වගේම Dialog Ngage වගේ දැනුම පිරුණු වැඩසටහන් පවා ඔවුන් ගෙන එනවා රටේ තරුණ පරපුර ඉලක්ක කරගනිමින්. මිට අමතරව Google IO event එක වෙනම Dialog අනුග්‍රහය දක්වනවා. Ideamart කියන්නේ Dialog අයගේ තවත් ඒ වගේම වැදගත් Mobile Platform එකක්. නමුත් මම මේ ලිපියෙන් ගෙන එන්නේ ඉහත කියපු කරුණු එකක් ගැනවත් නෙමෙයි. ඒ තමයි ලංකාවේ Game Developer කෙනෙක් කිවුවම… ටිකක් අමුතුයි නේද? ඔබ Software Developersල අහල ඇති. Web Developersලා අහලා ඇති. නමුත් Game Developer කියන්නේ ලංකාවට තාමත් අලුත් මාතෘකාවක්.

ලංකාවේ Gaming Concept එක ඉහලට ඔසවන්න හැමතිස්සෙම කැපවුණු Dialog Gaming කණ්ඩායම, ලංකාවේ මේ තැන් තැන් වල විසිරිලා ඉන්න Game Developersලා එකතු කරලා අලුත්ම වැඩකට අත ගැහුවා. ඒ තමයි Dialog Game Hunt. ලංකාවේ හැමතැනම එක එක පැති වල හිටපු Game Developersලව එක තැනකට අරන් ඇවිත් ඔවුන්ගේ පුංචි පුංචි අදහස් වලට ලස්සනට ඉදිරියට යන්න මාර්ගයක් වගේම ඔවුන්ව දිරිගන්වන්න තමයි මේ Game Hunt පැමිණුනේ. Dialog Gaming එක්ක මේ වෙද්දීත් Game Developersලා සෑහෙන ගණනක් වැඩකරනවා. තමන්ගේ හීනයට වටිනාකමක් එක් කරන්න Dialog Gaming හැමවිටම සුදානම්.

Dialog Gaming Season 1 වගේම Season 2 තරඟාවලියත් බොහොම උණුසුම් අන්දමට Dialog Axiata හිදී පසුගිය සැප්තැම්බර් 27 වැනිදා පැවැත්වුණා. මේ සදහා විවිධ වයස් මට්ටම් වල, විවිධ අධ්‍යාපන මට්ටම් වල තරඟ කරුවන් ඉදිරිපත් වී තිබුණා. Edutainment එහෙමත් නැත්නම් අධ්‍යාපනය එක්ක විනෝදය කියන සංකල්පය තමයි මේ පාර තරඟයේ වැදගත්ම මාතෘකාව වුනේ. තනි තනි හා කණ්ඩායම් වශයෙන් තරඟකරුවන් ගණනාවක් මේ හා එකතු වෙලා තිබුණා. මේ සියලුම තරඟකරුවන් අතරින් ජයග්‍රාහකයෙක් සොයාගන්න එක විනිශ්චය මඬුල්ලට පහසු නොවෙන්නට ඇති. අවසානයේ ජයග්‍රහණය ලබන්නට සමත් වුනේ විවෘත විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් එකතු වුනු සඳකඩ කණ්ඩායම. ඒ සඳහා ජයග්‍රහකයින්ට පිරිනැමෙන රුපියල් පනස් දහසක මුදල ඔවුන් මෙහිදී ලබාගත්තා.

Mr.Hesh Perera with Team Sandakada
Mr.Heshan Perera with Team Sandakada
Team Sandakada Official Logo
Team Sandakada Official Logo

ඔබ සතුවත් Gaming සිහිනයක් තිබෙනවද? Game එකක් හදන්න ඔබටත් ආසාවක් තියෙනවද? එහෙනම් දෙපාරක් සිතන්න එපා. අදම එකතු වෙන්න Dialog Gaming කණ්ඩායමත් එක්ක.

Udara Gunasekara, Heshan Perera, Ashwini Santiago and Supun Jayasinghe from Dialog Gaming Team
Udara Gunasekara, Heshan Perera, Ashwini Santiago and Supun Jayasinghe from Dialog Gaming Team