Google I/O extended 2018 event එක ගැන දැන් නම් ඔයාල නොදැන ඉන්න විදිහක් නෑ. Dialog axiata සහ GDG Sri Lanka එකමුතුවෙන් පවත්වන තාක්ෂණික ලෝකයේ වැදගත්ම event එකක් තමයි Google I/O extended කියලා කියන්නේ. මේ ගැන වැඩි විස්තර අපි කලින් ලිපි කිහිපයකින් ඔයාලට කියලත් තියෙනවා. ඒ ගැන කලින් කියෙව්වේ නැත්තන් පහල link එකෙන් කියවන්න.

https://ggslk.com/dialog-ideamart-gdg-io/

ඉතින් අද කියන්න හදන්නේ 2018 වර්ෂයේ සාර්ථක තුන් වෙනි වතාවට පවත්වන්නට කටයුතු සුදානම් කර ඇති මේ event එකේ අලුත්ම තත්වය කොහොමද කියලයි.

සංවිධායකවරුන් ප්‍රකාශ කරලා තියෙන විදිහට මේ වනවිට google i/o extended 2018 event එකට අදාළ මුලික සංවිධාන කටයුතු ගොඩක් දුරට ඉවර කරලයි තියෙන්නේ. තවදුරටත් සොයබලද්දී අපිට ආරංචි වුනේ මේ වසරේ Google I/O 2018 conference එක විතරක් පවත්වනවා කියලයි.

පහුගිය දවසක මේ වසරේ පැවැත්වෙන event එකේ logo එකත් සංවිධායක මණ්ඩලය විසින් මාධ්‍යට නිකුත් කරලා තිබුණා. ඔවුන් විසින් මේ වසරේ logo එක විදිහට තෝරාගෙන තිබුනේ ශ්‍රී ලංකාවේ අතීත අභිමානයේ සංකේතයක් වන භේරුණ්ඩ පක්ෂියාව. ශ්‍රී ලංකාවේ අභිමානය සහ සංස්කෘතික වටිනාකමට මුල් තැන දෙමින් සිදු කර ඇති මෙම තෝරාගැනීම නම් බොහෝ පිරිසකගේ කතා බහට මෙන්ම ප්‍රසංශාවටත් ලක් වී තිබුන බවයි පෙනෙන්නේ.

මේ අතර පසුගිය සතිය තුල තවත් වැදගත් කටයුත්තක් ඔවුන් විසින් ආරම්භ කොට තිබුණා. ඒ තමයි මේ event එක සඳහා ආරාධිතයන් තෝරා ගැනීම. පහුගිය මාසේ 20 වෙනිදා මේ සඳහා register වීමට දී තිබූ කාලය අවසන් වුනා. මේ event එකට මේ වසරේ register වුන පිරිස 9000 කටත් වැඩි කියලයි ආරංචි. ඒ නිසාම මේ event එකට register වුන අයගෙන් 6000 ක් තරම් පිරිසකට මේ සඳහා සහභාගී වීමේ අවස්තාව අහිමිව යන බවයි අපට දැනගන්නට ලැබුනේ. ඉතින් මේ සැරේ event එකට ආරාධිතයන් තෝරාගැනීමේ කටයුත්තත් සංවිධායකයන්ට නම් ලේසි පහසු වෙන එකක් නැහැ. එත් ඔවුන් ලහි ලහියේම මේ කටයුත්ත කරගෙන යන බවයි කියැවෙන්නේ.

මේ වන විටත්, එහි පළමු අදියරේ හා දෙවැනි අදියරේ ආරාධනාවන් ඒ සඳහා තෝරාගත් පුද්ගලයන්ගේ විද්‍යුත් තැපැල් ගිණුම් වෙත යොමු කොට අවසන් වී ඇති බවයි දැනගන්නට ලැබුණේ. ඔයාලත් මේ event එකට යන්න කැමැත්තෙන් බලාගෙන ඉඳලා ඒ සඳහා ආරධනාවක් ලැබුන කෙනෙක් නම් දැන් ඒ ගැන සතුටින් ඉන්නවා ඇති. එත් ඒ සඳහා ආරාධනා නොලැබුණා නම් අධෛර්ය වෙන්න එපා. මොකද තවත් අදියරකින් හෝ අදියර දෙකකින් ආරාධිතයන් තේරීම සිදු කරන්නටයි සංවිධායක මණ්ඩලය කටයුතු යොදල තියෙන්නේ. ඒ නිසා තාමත් ඒ ගැන බලාපොරොත්තු තියාගන්න ඔයාලට පුළුවන්.

මීට අමතරව මේ වසරේ event එක සඳහා සහභාගී වීමේ අවස්තාව ලබාගැනීමට තවත් ක්‍රමයක් සංවිධායක මණ්ඩලය විසින් ලබා දීල තිබුණා. ඒ තමයි Eco Trail එක. ඒ ගැනත් ඔයාල අපේ කලින් ලිපි වලින් කියවන්නත් ඇති නේ.

මේ event එකට ආරාධනා ලබා ගැනීම සඳහා  Eco trail තරඟයටත් 2000කට වැඩි පිරිසක් සහභාගී වෙලා තිබුණා. ඔවුන් අතරින් ජයග්‍රහණය කල 126 දෙනෙකුටත් මේ උත්කර්ෂවත් රාත්‍රිය සඳහා සහභාගී වීමට ආරාධනා ලැබෙනවා.

මීට අමතරව මේ වසරේ Google I/O extended 2018 event එක පැවැත්වෙන්නේ මැයි 08 වනදා සවස 5 සිට මැයි 09 වනදා අලුයම 5 දක්වා කොළඹ SLECC හිදීයි. ගිය වසරේ වගේම මේ වසරේ දීත් මේ රාත්‍රිය උත්කර්ෂවත් එකක් වනවා නොඅනුමානයි. ඒ ගැන අපි බලාපොරොත්තුවෙන් ඉමු.

අපේ යාළුවො හැමෝටම මේ සැරේ Google I/O extended 2018 event එකේදී මුණ ගැහෙන්න ලැබේවා කියල මම ප්‍රර්ථනා කරනවා..!!