ඔන්න මම දැන් කියන්න හදන්නේ හැමෝටම සතුටු හිතෙන සුභ ආරංචියක්. ඒ මොකක් ගැනද කියලා ගොඩක් අයට අදහසක් ඇති. ඔව්. ඔයාලා හිතුවා හරි. මම කියන්න හදන්නේ Google I/O Extended Sri Lanka 2018 event එක ගැන.

ඔයාල දැනටමත් දන්නවා ඇතිනේ තාක්ෂණික ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් වන ඇමෙරිකානු Google සමාගම විසින් සංවිධානය කරන Google I/O developer conference එක ගැන. ඒ ගැන පැහැදිලි අදහසක් නැත්තන් ඔයාලට පුළුවන් පහල link එකේ තියෙන ලිපිය කියවන්න.

Google IO Extended 2k18 Sri Lanka

Google I/O Extended කියලා කියන්නේ ඒ event එකට සමගාමීව ඇමරිකාවෙන් පරිබාහිර රටකදී පැවැත්වෙන විශාලතම Event එක. වැදගත්ම දේ තමයි මෙහි විශාලතම සහ උත්කර්ෂවත්ම event එක පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේදී. මේක සංවිධානය කරන්නේ Dialog Ideamart team එක සහ GDG (Google Developer Group) Sri Lanka එකමුතුවෙන්. මේ event එක ශ්‍රී ලංකාවේදී ප්‍රථම වරට පැවතුනේ 2016 අවුරුද්දේදී.

පසුගිය 2017 අවුරුද්දෙත් 8000ක් වගේ පිරිසකගේ සහභාගීත්වයෙන් කොළඹ දී අති සාර්ථක අන්දමින්  මේ event එක පැවතුනා වගේම, ඊට සමගාමීව නව නිපැයුම් ප්‍රදර්ශනයක් පවත්වන්නත් සංවිධායකයන් විසින් කටයුතු යොදලා තිබුණා.

මේ ප්‍රදර්ශනයට සහභාගී වුනු බොහෝ දෙනාගේ වඩාත්ම සිත් ගත් අංගය වුනේ කණ්ඩායම් 42 ක සහභාගීත්වයෙන් පැවැත්වුනු Robot Battle එකයි. ඉතින් ඔයාලට ඒ event එක ගිය අවුරුද්දේ මඟහැරුනා නම් පහල තියෙන youtube link එකෙන් Highlights ටිකක් බලාගන්න පුළුවන්.

ඉතින් මේ අවුරුද්දෙත් මේ වගේම අති සාර්ථක event එකක්,  Dialog Ideamart සහ GDG Sri Lanka එකතුවෙන් සංවිධානය කරලා තියෙනවා. මේ පුරුදු විදිහටම මේ event එක Google I/O extended Sri Lanka 2018 නමින් නම් කරලා තියෙන මේ event එක පැවැත්වෙන්නේ මැයි 8 වෙනිදා හවස 5 ඉඳලා මැයි 9 වෙනිදා පාන්දර 5 දක්වා, කොළඹ SLECC හීදී.

මේ සැරේ event එකට පහුගිය අවුරුදු වලට වඩා වැඩි පිරිසක් සහභාගී කරගන්න සංවිධායක මණ්ඩලය අදහස් කරගෙන ඉන්නවලු. පසුගිය අවුරුද්දට වඩා වෙනස් විවිධ වැඩසටහන් ගොඩක් මීට සමගාමීව පවත්වන්නත් කටයුතු කරනවා වගේම ඒ මඟින්, මේ event එකට සහභාගී වන පිරිසට වෙනස් නවමු අත්දැකීමක් සමීප කරවන්න කටයුතු යොදලා තියනවා කියල තමයි ආරංචි.

තාක්ෂණ ක්ෂේත්‍රයේ හවුල්කරුවන් විදිහටත් අලුත් වෙන ලෝකයේ අලුත් අලුත් දැනුම ගැන සොයන්නන් විදිහටත් අපි හැමෝම මේ event එකට සහභාගී වෙන එක වැදගත්. ඒ වගේම මේ event එකේදී දැනුමට දේවල් එකතු කරගන්න, තාක්ෂණ ලෝකයේ බලවතුන් මුණ ගැහෙන්න වගේම සින්දු අහන්න, entertaining items රස විඳින්න, වගේම ඔයාලා ආස කරන තරු මුණ ගැහෙන්නත් අවස්තාව තියෙනවා කියල මතක් නොකරම බැහැ.

කලින් සහභාගී වුනු කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ event එකට සහභාගී වෙන්න අසාවෙන් ඉන්න බව මම දන්නවා. කලින් සහභාගී වෙලා නැති අයත් මේ සැරේ event එකට Register වෙලා බලන්නකෝ. ඒ විදිහට register වෙන්න අදාළ link එක ළඟදීම ලැබෙයි. එහෙම register වුනු අය අතරින් තෝරාගත් පිරිසක් සඳහා event එකට ආරාධනා කෙරෙනවා. ඉතින් මේ සුපිරි event එකට යන්න කැමැත්තෙන් ඉන්න හැමෝටම ඒ සඳහා අවස්තාව ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.

එහෙනම් අපි Google I/O extended 2018 event එකේදී හම්බ වෙමු.

ජය වේවා..!!