ඔක්තෝම්බර් මාසය අධ්‍යාපන අංශයේ විද්වතුන්ට සහ සිසුන්ට තරමක් විශේෂ වෙනවා. විවෘත විශ්වවිද්‍යාලය විසින් මෙවර පවත්වනවා EduHack’19. මේ වැඩේ තියෙන්නේ ඔක්තෝම්බර් 03, 04 දවස් දෙකේ විවෘත විශ්වවිද්‍යාලය පදනම් කරගෙන.

යම් කෙනෙක් හිතනවානම් ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕනේ කියලා, සහ ඒ සඳහා නිවැරදි අදහසක් තිබෙනවානම් ඔබට පුළුවන් මේ සඳහා සහභාගී වෙන්න. අපි නිතරම කතා බහේදී කියනවා ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ මෙතන ප්‍රශ්නයක්, මේක මේ විදිහට වෙනස් කරන්න වෙනවා. ඒ දේ කරන්න මේ වගේ අලුත් ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන් කියල. නමුත් මේවා එලියට ආපු තැනක් හෝ ව්‍යාපෘතියක් විදිහට සමාජ ගත වෙන්නේ බොහොම අඩුවෙන්.

EduHack තේමාව වෙන්නේ කාර්යක්ෂම සහ ඵලදායි අධ්‍යාපන ක්‍රමයක් උදෙසා යන තේමාව. මේ නිසා ඔවුන් විසින් අභියෝග 8ක් හඳුන්වා දී තිබෙනවා.

  1. Access & Availability
  2. Challenging the Foundations of Education
  3. Learning Spaces and Pedagogies
  4. The Learning Experience
  5. Individual Competences
  6. Organizational Capability
  7. Emerging Technologies for Challenge
  8. Data Exploitation

මේ ගැන තවදුරටත් විස්තර දැනගන්න ඔබට පුළුවන් ඔවුන්ගේ Facebook Event Page එක හෝ Hackethons.lk වෙබ් අඩවියේ අදාල event link එකෙන් හෝ විස්තර ලබාගන්න පුළුවන්. ඒ වගේම ඔබ දන්නවා හුඟක් වෙලාවට IT event වලට සහභාගී වෙන්නේ IT undergraduates teams. නමුත් මේ වැඩේ විශේෂත්වය වෙන්නේ ඔබට ඒ වගේ විශේෂ හැකියාවක් අවශ්‍ය වෙන්නේ නැහැ මේ සඳහා සහභාගී වෙන්න. ඔබේ තිබෙන අදහසට වටිනාකමක් ලබාදෙන්න මේ වැඩේ organize වෙන්නේ.

මුල්‍යමය ත්‍යාග ලැබෙනවා සියළුම කණ්ඩායම් වලට. ප්‍රථම ස්ථානයට රුපියල් ලක්ෂයක්, දෙවන ස්ථානයට රුපියල් පනස් දහසක් සහ තෙවන ස්ථානයට තිස් පන්දහසක් විදිහට සහ සහභාගී වෙන සියලු කණ්ඩායම් වලට මුදල් ත්‍යාග ලබාදෙන්න කටයුතු සුදානම් කරලා තියෙන්නේ.

මේ වැඩේට මේ වෙද්දී Google Crowdsource, Mozilla Sri Lanka, Shutterking Photography, RSVP.LK, Hackathons.lk වගේ කණ්ඩායම් ගණනාවක් එකතු වෙලා අවසානයි. මේ කණ්ඩායම් වලින් පවත්වන තරඟ වලට පවා එකතු වෙලා ත්‍යාග දිනාගන්න ඔබට අවස්ථාව උදාවෙනවා. GGSLK අපිත් මේ වෙලාවේ මේ ස්ථානයේ රැඳී සිටිනවා ඔබ කැමතිනම් අපි වගේ ලිපි ලියන්න, ඔබට පුළුවන් අපේ කණ්ඩායම් සාමාජිකයන් හා කතා බහ කරන්න.

Event එකට එකතුවෙන්න කැමති කෙනෙක් ඉන්නවනම් මේ link එක භාවිත කරලා register වෙන්න පුළුවන්. ගැටළු තිබෙනවානම් ඔබට පුළුවන් Fb post එක පහලින් comment කරන්න. නැත්නම් 0112881000 ext : 667 හෝ 0714841287 යන අංක වලට අමතන්න.