ක්‍රියේටිව් ඩිසයිනර් කෙනෙක්ගේම ප්‍රොඩක් ඩිසයිනර් නෙකෙක්ගේම මනසිත් බදින හා වටිනා කමක් ලබා දෙන ආලින්දයයි Dribbble කියා කියන්නේ.

Dribbble කියන්නේ තම හැකියාවන් අනෙක් අය වෙත පෙන්වන්න,කියාපාන්න,ප්‍රවර්ධනය කරන්න සදහා ඇත්තාවූ කදිම තෝතැන්නක්.තවද මේ හරහා මෙම කලාවට අදාල වන පිලිබද ගැටලු ප්‍රවීනයන්ගෙන් අසා දැනගන්න මෙන්ම ව්‍යාපෘති දිගින් දිගටම පවත්වාගෙන යාම සදහා ඇති මාධ්‍යකි.


2009 වර්ශයේදී මෙම Dribbble Platform මය ආරම්භ කෙරුණු අතර මේ වනවිට එය ලෝකය පුරා විසිර ගොස් හමාරයි.ලෝකයේ සියලු මෙම කලාවට ඇල්මක් දක්වන ප්‍රවීනයන් ඔවුනගේ අදහස් හුවමාරු කරගන්න අනෙක් අය හට දැනුම බෙදා හරින්න මෙන්ම විශාල පරිමාණයේ ආයතන සදහා රැකියා පුරප්පාඩු සදහා ප්‍රවීනයන් සොයා ගැනීමද සිදු කරනු ලබනවා. Facebook ,Apple,Google වැනි ආයතන පවා මෙම platform එක හරහා ඔවුනට අවශ්‍ය ශ්‍රමික පිරිස්ගේ දක්ශතා සොයා බලන්නට මෙම platform එක භාවිතයට ගනු ලබනවා.

එතකොට Dribbble සමූහයේ ශ්‍රී ලංකාව තුල ක්‍රියකාරීත්වය

මේ වන විට ශ්‍රී ලංකාව තුල Dribbble සමුහය ඉතා ක්‍රියාකාරී ව තමන්ගේ පිරිස් බලගැන්වීම් සිදු කරමින් ලාංකික කලා හිත් ඇත්තන්ගේ දැනුම් පිපාසය සංසිදුවමින් සිටිනවා.

මෙහිදී ශ්‍රී ලංකා Dribbble සමූහයේ මූලික අරමුණ වී ඇත්තේ ක්‍රියේටිව් ඩිසයිනින් ප්‍රොඩක් ඩිසයිනින් අංශ වලට  අදාලව සියලු පිරිස් බලගැනීමයි තවද නවීන තාක්ෂණයන් යොදා ගනිමින් කෙසේද උසස් නිමැවුමක් එලිදක්වනේ යන්න සදහා මාර්ගෝපදේශනයක් මේ හරහා ඔවුන් සිදු කරනු ලබනවා.

තවද ඕනම වර්ගයක ක්‍රියේටිව් ඩිසයිනර් කෙනෙක් මෙම සමුහයට අයිතියි. ඩිසයිනර්ලව එකතු කරල මේ අංශයේ එකේ ඉන්න අයව දැන හදුන ගන්න හැමෝටම අවස්තාවක් දෙන එක.තවද මෙහි ක්‍රියාශීලි සාමාජිකයන්ගේ මුලික අරමුණ වෙලා තින්නේ මේ අංශයට ඇල්මක් දක්වන මෙම අංශයට එන්න කැමති සියල්ලන් හට අවස්තාක් ලබාදෙන එක .

මෙහි පලමු හමුව පසුගිය මාර්තු 28 දින Dialog ශ්‍රවනාගාරයේ දී අති සාර්ථකව නිම කෙරුණා.


එහිදී ප්‍රථම ව socializing with colorful stories about Color psychology and Design පිලිබද Mudith Batagoda මහතා විසින් දේශනය පැවැත්විය


ඉන් පසු Chinthaka Sandaruwan මහතා විසින් ඔහුගේ ගමන් මග පිලිබද හරවත් දේශනයක් පවත්විය.

පසුව කාගෙත් හිත් දිනා ගනිමින් Marlin Jayakody මහත්මා විසින් ඔහුගේ ව්‍යාපෘති පිලිබද මෙන්ම ඔහුගේ ගමන් මග පිලිබද සියලු දෙනාව දැනුවත් කරන ලදි

ඉසව්වේ අවසාන භාගය වනවාත් සමගම සියලු දෙනා සුහද කතා බහකින් අනතුරුව Dribbble හමුවෙහි පලවෙනි අදියර අති සාර්ථකව නිම විය .

සියලු ආරංචි පවසන ආකාරයකට ඊලග හමුව ලගදීම පැවැත්වෙන බවත් පෙරට මෙන් නොව විශේෂ වෙනස් කම් රැසක් සමගින් ගෙන එන බව පැහැදිලියි .

තව ඔබටත් මෙම සමුහට එකතු වීමට කැමතිනම් පහත සදහන් සබැදිය හා එක්වන්න

Dribbble CMB