මේ අවුරුද්දේ ජූලි 18 වෙනිදා ඔයාලට මතක ඇති යුරෝපා සංගමය Google එකට “ප්රතිභාරනීති කඩකිරීමක් (breaking antitrust laws)” හේතු කරගෙන ඇමෙරිකන් ඩොලර් බිලියන පහක් දඩ ගැහුවා. ඒ පහුගිය අවුරුද්දේ ඉඳලා දෙවෙනි වතාවට, ඔවුන් පෙන්නල දීල තියෙන මෙන්න මේ හේතු නිසා:

  1. Google Search Engine එක සහ Chrome Apps, Android සමඟ bundle කිරීම.
  2. අනෙකුත් mobile device නිෂ්පාදනයන් Android හි forked versions අඩංගු කොට devices නිෂ්පාදනය කිරීමෙන් වැළැක්වීම.
  3. “යම් යම් ප්‍රධාන පෙළේ නිෂ්පාදනයන් Google Search Apps එම devices වලට bundle කර නිෂ්පාදනය කිරීමට මුදල් ගෙවීම් වලින් පෙළඹවීම.”

මම කියපු විදියටගිය අවුරුද්දේ “search results අවශ්‍ය පරිදි වෙනස් කිරීම (manipulate)” නිසා ගහපු ඩොලර් බිලියන 2.7ක දඩයත් එක්ක දැන් වෙනකොට Alphabet Inc. (Google හි මව් සමාගම) ආයතනයෙන් පමනක් ඩොලර් බිලියන 7.7 ක් EU එකෙන්ද ඩ ගහල තියෙනව.

මොනවද ඇත්තටම Google එකෙන් කරපු වැරදි?

  1. යම් ලාභයක් උපයන්න පුලුවන් apps, devices වලට ඇතුලත් කරන පොරොන්දුව පිට Android වගේ operating system එකක් device manufacturers ලට නොමිලේ ලබා දීම.
  2. ලාභයක් උපයන්න පුලුවන් services වලට යම් ප්‍රමුඛතාවක් ලැබෙනව කියන දැනුවත් කිරීමක් සමඟ users ලට සම්පූර්ණයෙන්ම නොමිලේ powerful search engine එකකට access එක ලබා දීම.

ඇත්තටම Google, EU (Eropean Union) එකෙන් දඩ ගැසීමට ලක් වුනු එකම ආයතනයත්  නෙවෙයි.

  • Microsoft – 2008 දී සහ 2013 දී යුරෝ බිලියන 1.5ක එකතුවක්
  • Intel – 2009 දී යුරෝ බිලියන 1.6ක්
  • Facebook – පහුගිය අවුරුද්දේ යුරෝ මිලියන 110ක්

මේ හැමදේම පිටිපස්සෙන් තියෙන්න පුලුවන් හේතු

AEI හි ලියන Mark Jamison විස්තර කරන විදියට ඇමරිකන් tech companies වලට මේ විදියට ඉවරයක් නැතිව දඩ ගහන්න යුරෝපා සංගමයට මෙන්න මේ හේතු බලපානව වෙන්න පුලුවන්.

  • ආයතන විසින් ලබා ගන්න ආදායම යම් ආකාරයකින් ඩැහැ ගැනීම. ඒ වගේම ඔවුන් තමා පසු කර යයි කියන බිය.
  • විශේෂයෙන් කැපී පෙනෙන, ඒ වගේම අනෙක් business models වලට වඩා වෙනස් ක්‍රමයක් අනුගමනය කරන, ඒකෙ ප්‍රතිඵලයක් විදියට දියුණුවට පත්වන ලකුණු පෙන්වන ආයතන පහළට ඇද දැමීම.
  • Operating Systems  වල පිරිවැය පියවන්න පුලුවන් ආකාරයේ bundled services ජනප්‍රිය වීම වැළැක්වීම.
  • ඇමෙරිකාවෙන් බිහිවන අලුත් ව්‍යාපාර විසින් යුරෝපයේ සංස්ථාපිත, එහෙම නැත්නම් කාලයක් තිස්සේ පැවත ගෙන එන ව්‍යාපාර කඩා බිඳ දැමීම වැළැක්වීම.

අමෙරිකාවේ කොහොමත් භාවිතා වෙන business strategy එකක් තමයි, free services users ලට ලබා දීල ඒ වෙනුවෙන් ලාබ උපයන්න පුලුවන් services එයාලට හදුන්වා දෙන එක. මෙතනදි කිසිම බල කිරීමක් සිද්ධ වෙන්නෙ නැති බව users ල විදියට අපිත් දන්නව. ඉතින් EU එක මේ රටාව ඉවර කරන්නෙ යුරෝපියන් users ල මේ සේවාවන් තෝර ගන්න එකට ඒ ආයතන වලට දඩ ගැසීමෙන් විරුද්ධ වෙන එක.

ඒත් ඇත්තටම මේකෙන් එයාල වුනු හොඳක් තියෙනවද? හරියටම කිව්වුවොත් නැහැ. අපි මෙහෙම උත්සාහයක් ගමු. ඔයාල මෙච්චර කාලෙකට Skype සහ Spotify ඇරෙන්න තව අහල තියෙන European tech companies මොනවද?